ඇෆ්ගන් සංචාරයේ එක්දින තරග පල්ලෙකැලේ වෙත රැගෙන යයි

Afghanistan Tour of Sri Lanka 2024

219
Afghanistan Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත මාරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට දින කිහිපයකට පෙර තරගාවලියේ කාල සටහන ප්‍රකාශයට පත් කරමින් තරගාවලියේ එක්දින තරග තුන එළඹෙන පෙබරවාරි මස 09, 11 සහ 14 යන දින වල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනුම් දුන්නා.

නමුත් මෙම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (23) තහවුරු කළා.

පෙබරවාරි මස 02 දා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත එකම ටෙස්ට් තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, ඉන් පසුව දිවා රාත්‍රි එක්දින තරග තුනක් සහ පසුව විස්සයි විස්ස තරග තුනක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ විස්සයි විස්ස තරග සියල්ල රාත්‍රි තරග ලෙස රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන පෙබරවාරි 17, 19 සහ 21 යන දින වල දී පැවැත්වීමට නියමිතයි.

දිනය තරගය වෙලාව ක්‍රීඩාංගණය
පෙබරවාරි 2-6 ටෙස්ට් තරගය දිවා SSC
       
පෙබරවාරි 09 1st ODI දිවා රාත්‍රි පල්ලෙකැලේ
පෙබරවාරි 11 2nd ODI දිවා රාත්‍රි පල්ලෙකැලේ
පෙබරවාරි 14 3rd ODI දිවා රාත්‍රි පල්ලෙකැලේ
       
පෙබරවාරි 17 1st T20 රාත්‍රි දඹුල්ල
පෙබරවාරි 19 2nd T20 රාත්‍රි දඹුල්ල
පෙබරවාරි 21 3rd T20 රාත්‍රි දඹුල්ල

තරගාවලියට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තාන සංචිතය එළඹෙන 30 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන්.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<