තායිලන්තය හමුවේ ශ්‍රී ලංකාවෙන් හොඳ දස්කම්

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය - තෙවැනි වටය

286

අද (11) උස්බෙකිස්තානයේ Namangan හි Markaziy ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ තායිලන්ත පාපන්දු කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට තායිලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය මෙය වන අතර මීට පෙර උස්බෙකිස්තානය සමඟ පැවති පළමු තරගයෙන් ගෝල 3-0ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා. තායිලන්තය මේ තරගයට අවතීර්ණ වුනේ මාලදිවයින ගෝල 3-0ක් ලෙස පරාජය කිරීමෙන් අනතුරුවයි.

තරගයේ පළමු ගෝලය වාර්තා වුනේ 34 වැනි මිනිත්තුවේ දීයි. ඊට හිමිකම් කීවේ තායිලන්ත ක්‍රීඩක Thitiphan Puangjan විසිනි. තායිලන්ත කණ්ඩායමේ වාර්තා වූ අනෙක් ගෝලය වාර්තා වුනේ 90+5 මිනිත්තුවේ දීයි. ඊට හිමිකම් කීවේ Worachit Kanitribumphen විසිනි.

ඒ අනුව ගෝල 2-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කරන්න තායිලන්තය සමත් වුනේ මෙම තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය සඳහා උරුමකම් කියමිනුයි. කෙසේ නමුත් මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරාගේ ගෝල රැකීමේ දක්ෂතා කැපී පෙනුණු අතර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල ද වර්ධනයක් දක්නට ලැබීම සතුටට කරුණක්.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 2 තායිලන්තය

ගෝල ලාභීන්:

  • තායිලන්තය – Thitiphan Puangjan (34’), Worachit Kanitribumphen (9-0+5)

ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ජුනි 14 වැනිදා සවස 7:00ට මාලදිවයින සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<