Evans ගෝල ත්‍රිත්වයක් ලබා ගනිද්දී Saunders – Solid සමයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

193

ශූරයින්ගේ කුසලාන පාපන්දු ලීගයේ සමාරම්භක සතියේ අවසන් තරග ද්විත්වය අද (06) පැවති අතර එහි දී St. Mary’s SC ක්‍රීඩා සමාජය පරාජය කරන්නට Serendib SC සමත් වෙද්දී, Saunders SC සහ Solid SC අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

St. Mary’s SC සහ Serendib SC

කුරුණෑගල මාලිගාපිටිය පාපන්දු පිටියේ දී ආරම්භ වූ මෙම තරගයෙන් ගෝල 4-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ Serendib ක්‍රීඩකයින් විසිනුයි.

තරගයේ ප්‍රථම අර්ධයේ දී ම පෙරමුණ Serendib ක්‍රීඩකයින්ට දිනා දෙන්නට St. Mary’s නායක Anthonypillai Kilintas සමත් වුනේ Own Goal අවස්ථාවකින් ප්‍රතිවාදී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනුයි.

ඉන් අනතුරුව ප්‍රථම අර්ධය අවසන් වන තෙක් දෙපිලටම ලකුණු ලබා ගැනීමට නොහැකි වුවත්, ප්‍රථම අර්ධයේ අතිරේක කාලයේ දී ගෝල සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ දමන්නට Serendib ක්‍රීඩක Asante Evans සමත් වුනා.

ප්‍රථම අර්ධයේ ගෝල 2-0ක් ලෙස ලබා ගත් පන්නරයත් සමඟින් දෙවැනි අර්ධය ආරම්භ කළ Serendib ක්‍රීඩකයින්ගේ ලකුණු පුවරුවට තවත් ගෝලයක් එකතු කරන්නට Evans සමත් වුනා. ඒ 64 වැනි මිනිත්තුවේ දී.

ඉන් අනතුරුව ලකුණු පුවරුවට කිසිදු ගෝලයක් එකතු නොවුනත් තරගයේ අතිරේක කාලයේ දී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව 4ක් දක්වා ඉහළ දමන්නට Evans සමත් වුනේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමින් වීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 0 – 4 Serendib SC

ගෝල ලාභීන්:

  • Serendib – Anthonypillai Kilintas (32’ OG), Asante Evans (45+3’, 64’, 90+2’)

Saunders SC සහ Solid SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරවයි.

පළමු අර්ධයේ පෙරමුණ දිනා ගන්නට Saunders ක්‍රීඩකයින් සමත් වුනේ ක්‍රිශාන්ත අබේසේකර වාර්තා කළ ගෝලයත් සමඟිනුයි. ඒ 16 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව පළමු අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර දෙවැනි අර්ධයේ දී Saunders ක්‍රීඩකයින්ට පෙරළා අභියෝග කරමින් ලකුණු පුවරුව සම කරන්නට Solid ක්‍රීඩක සමිත් මදුරංග සමත් වුනා. ඒ 55 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් ඉන්පසුව කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට අසමත් වූ අතර ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව තරගය නිමාවට පත් වුනා.

අවසන් ලකුණු තත්වය: Saunders SC 1 – 1 Solid SC

ගෝල ලාභීන්:

  • Saunders – ශාන්ත අබේසේකර (16’)
  • Solid – සමිත් මදුරංග (55’)

තරගාවලියේ දෙවැනි සතිය එළඹෙන සතියේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<