Java lane සහ Super Sun දෙවැනි දිනයේ ජයග්‍රහණ අතරට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

148

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන පාපන්දු ලීගයේ ඊයේ (04) පැවති තරගවලින් Police සහ Pelicans කණ්ඩායම් පරදවා ජයග්‍රහණ ලබා ගැනීමට Java Lane සහ Super Sun ක්‍රීඩකයින්ට හැකි වුනා.

Java Lane සහ Police

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-1ක් ලෙස අවසන් වුනේ Java Lane ක්‍රීඩකයින්ට ජය හිමි කර දෙමිනුයි.

තරගයේ පළමු ගෝලය රැස් කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට Java Lane ක්‍රීඩක නවීන් ජූඩ්ට හැකි වුනා. ඒ දඬුවම් රාමුවෙන් පිටත් සිට පන්දුව ප්‍රතිවාදී ගෝලයට සාර්ථකව එල්ල කරමිනුයි.

ප්‍රතිවාදී Police ක්‍රීඩකයින් හට ද පළමු අර්ධයේ ගෝල ලබා ගැනීමට අවස්ථාව හිමි වූවත්, එය සාර්ථක නොවීම නිසාවෙන් ගෝල රහිතව අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.

පළමු අර්ධයේ ලද රිද්මයෙන් දෙවන අර්ධයට පිවිසි Java Lane වෙනුවෙන් 86 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කිරීමට Tochokwu Francisට හැකි වුනා.

තරගයේ අවසන් අතිරේක කාලයේ දී සිය කණ්ඩායමට ගෝලයක් වාර්තා කර දීමට Police ක්‍රීඩක දමිත් පතිරණට හැකි වූවත්, තරගයේ වෙනසක් සිදු කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Police 1-2 Java Lane

ගෝල රැස් කළ ක්‍රීඩකයින්:

  • Java Lane – නවීන් ජූඩ් 35′, Tochokwu Francis 86’
  • Police SC – දමිත් පතිරණ 90+4′

Pelicans සහ Super Sun

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-1 ජයග්‍රහණය හිමි වුනේ Super Sun ක්‍රීඩකයින්ටයි.

තරගයේ 9 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Pelicans ක්‍රීඩක රාජ්කුමාර් ශාන්තන් පළමු ගෝලය වාර්තා කළ අතර එයට පිළිතුරු ලෙස Super Sun ක්‍රීඩක හසිත ප්‍රියංකර ගෝලයක් වාර්තා කළේ තරගයේ 14 වැනි මිනිත්තුවේ දීයි.

එම අර්ධය තුළ තවත් ගෝල වාර්තා කිරීමට දෙපිලේ ම ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසාවෙන් පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා.

දෙවැනි අර්ධයේ අවසන් කාලසීමාව වන තුරුම දෙපිලටම ගෝල ලබා ගැනීමට අවස්ථා හිමි නොවුනත් 83 වැනි මිනිත්තුවේ සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් Super Sun ක්‍රීඩකයින්ගේ ජය තහවුරු කිරීමට හසිත ප්‍රියංකරට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : Super Sun 2- 1 Pelicans

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Pelicans – රාජ්කුමාර් ශාන්තන් 9’
  • Super Sun – හසිත ප්‍රියංකර 14′ & 83’

තරගාවලියේ සමාරම්භ සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

මෙවර ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<