Home Sinhala ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

500

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් සත්කාර ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 8ක ජයක් ලබා ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි වුනා.

සිය කාණ්ඩයේ ඉදිරියට පැමිණෙමින් මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය දෙපිලටම ඉතා වැදගත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයක් නිසාවෙන් අද තරගය සඳහා ක්‍රීඩා නොකළ අතර, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් අද ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නට සමත් වුනා.

ඒ අනුව ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් 95 වැනි ක්‍රීඩකයා ලෙස විස්සයි විස්ස වරම් ලබද්දී මතීෂ විස්සයි විස්ස වරම් දිනා ගත්තේ 96 වැනි ක්‍රීඩකයා ලෙසයි.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, බානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ.
  • ඇෆ්ගනිස්තාන: Hazratullah Zazai, Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Karim Janat, Najibullah Zadran, Mohammad Nabi(c), Rashid Khan, Azmatullah Omarzai, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi

ඇෆ්ගනිස්තානයේ ආරාධනාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා  කණ්ඩායමේ පළමු කඩුලු දෙකම ලකුණු 3ක් තුළ දවා  ගැනීමට Fazalhaq Farooqiට හැකි වුනා.

කුසල් මෙන්ඩිස් ලකුණු 2කට සහ චරිත් අසලංක ලකුණු නොලබා  එලෙස පිටියෙන් ඉවත් වෙද්දී, පැතුම් නිශ්ශංක ලකුණු 3කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට ඇද දමමිනුයි.

ශ්‍රී ලංකා  ඉනිමට තරමක සහනයක් ගෙන දුන් භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක සිව්වැනි කඩුල්ල සඳහා  ලකුණු 44ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු ධනුෂ්ක ලකුණු 17කට පිටියෙන් ඉවත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි වනිඳු හසරංග ලකුණු 2කට සහ නායක දසුන් ශානක ලකුණු නොලබාම දැවී ගියේ ශ්‍රී ලංකා  ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 60ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා  වූ භානුක රාජපක්ෂ ලකුණු 38ක් ලබා  සිටිය දී ලකුණු 38කට දැවී ගියේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොඳුරු වෙමිනුයි.

මහීෂ් තීක්ෂණ ලකුණු නොලබා දුවද්දී දැවී යාමකට හසු වෙද්දී, මංගල තරගය ක්‍රීඩා කළ මතීෂ ලකුණු 05කට දැවී ගියේ ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයකට පත් කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා  කරමින් ලකුණු 31ක් ලබා  සිටි චාමික කරුණාරත්න Fazalhaq Farooqiගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා  ඉනිම ලකුණු 105කට සීමා වුනා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් වූ Hazratullah Zazai සහ Rahmanullah Gurbaz වේගව්ත් ඉනිම් ක්‍රීඩා  කරමින් පළමු කඩුල්ල සඳහා  පිහිටවූ සම්බන්ධතාව ලකුණු 83ක්.

පන්දු 18ක් තුළ ලකුණු 40ක් ලබා  සිටි  Rahmanullah Gurbaz දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේයි.

Ibrahim Zadran ලකුණු 15කට දුවද්දී දැවී යාමකට හසුවුනත් පන්දුවාර 10.1 අවසානයේ සිය කඩඉම පසු කිරීමට ඇෆ්ගනිස්තානයට හැකි වුනා.

Result


Sri Lanka
105/10 (19.4)

Afghanistan
106/2 (10.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahmanullah Gurbaz b Naveen ul Haq 3 7 0 0 42.86
Kusal Mendis lbw b Fazal Haq Farooqi 2 4 0 0 50.00
Charith Asalanka lbw b Fazal Haq Farooqi 0 1 0 0 0.00
Danushka Gunathilaka c Karim Janat b Mujeeb ur Rahman 17 17 3 0 100.00
Bhanuka Rajapaksa run out (Mohammad Nabi) 38 29 5 1 131.03
Wanidu Hasaranga c Mohammad Nabi b Mujeeb ur Rahman 2 8 0 0 25.00
Dasun Shanaka c Rahmanullah Gurbaz b Mohammad Nabi 0 1 0 0 0.00
Chamika Karunaratne b Fazal Haq Farooqi 31 38 3 1 81.58
Maheesh Theekshana run out (Rahmanullah Gurbaz) 0 0 0 0 0.00
Matheesha Pathirana c Najibullah Zadran b Mohammad Nabi 5 12 0 0 41.67
Dilshan Madushanka not out 1 2 0 0 50.00


Extras 6 (b 0 , lb 1 , nb 1, w 4, pen 0)
Total 105/10 (19.4 Overs, RR: 5.34)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 3.4 1 11 3 3.24
Naveen ul Haq 3 0 23 1 7.67
Mujeeb ur Rahman 4 0 24 2 6.00
Azmatullah Omarzai 1 0 20 0 20.00
Mohammad Nabi 4 0 14 2 3.50
Rashid Khan 4 0 12 0 3.00


Batsmen R B 4s 6s SR
Hazratullah Zazai not out 37 28 5 1 132.14
Rahmanullah Gurbaz b Wanidu Hasaranga 40 18 3 4 222.22
Ibrahim Zadran run out (Maheesh Theekshana) 15 13 2 0 115.38
Najibullah Zadran not out 2 2 0 0 100.00


Extras 12 (b 0 , lb 5 , nb 0, w 7, pen 0)
Total 106/2 (10.1 Overs, RR: 10.43)
Bowling O M R W Econ
Dilshan Madushanka 1 0 10 0 10.00
Maheesh Theekshana 4 0 35 0 8.75
Matheesha Pathirana 1 0 16 0 16.00
Wanidu Hasaranga 3 0 19 1 6.33
Chamika Karunaratne 1 0 20 0 20.00
Charith Asalanka 0.1 0 1 0 10.00



ඒ සමඟින් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඉදිරිය ඉතා අවිනිශ්චිත වූ අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ සහ තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<