නවක මුහුණු රැසක් සමඟ එළියට ආ ශ්‍රී ලංකා අලුත් සංචිතය

2784

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන 13 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (5) මාධ්‍යයට නිකුත් විය.

පරාජයන් රැසකට පසු සංචිතය වෙනස් කරන ලකුණු; නායකයාත් අලුත් වෙයි?

පසුගිය මාස කිහිපය පුරාවටම ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්…

ඊයේ (4) නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි නායක දිනේෂ් චන්දිමාල් හට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් යම් විවේකයක් ලබා දී තිබෙන අතර දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාර ආබාධ නිසාවෙන් සංචිතයෙන් ඉවත් කර තිබේ. තවද එම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සධීර සමරවික්‍රම (එක් තරගයක් හෝ ක්‍රීඩා නොකළ) හා රොෂේන් සිල්වා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ

ඒ වෙනුවට පිතිකරුවන් ලෙස, මේ දිනවල පැවැත්වෙන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පැවති තරගයක දී SSC කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේ දී ම ද්විත්ව ශතක දෙකක් ලබා ගත් NCC කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා හා අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලියේ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙක් වන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ඕෂද ප්‍රනාන්දු (තරග 9, ලකුණු 1181, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 73.81) එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පිතිකරුවන් අතර සිටී.

ඔවුන් දෙදෙනාම තවමත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගෙන නොමැති නමුත් ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස තරග කිහිපයක් ක්‍රීඩා කර ඇත. තවද වමත් ආරම්භක පිතිකරුවෙක් වන කෞෂාල් සිල්වා හා මිලින්ද සිරිවර්ධන යන ටෙස්ට් ක්‍රිකට් අත්දැකීම් ඇති ක්‍රීඩකයින් දෙදෙනාව ද පිතිකරුවන් ලෙස මේ සංචිතයට ඇතුළත් කර තිබේ.

පැට් කමින්ස්ගේ මැදැඟිල්ල කොටවුණු හැටි

ඕස්ට්‍රේලියානු සංචාරයේ දී දරුණු ක්‍රිකට් ගුටි බැට වලට ලක්වූ ශ්‍රී ලංකාවට ඔහුගේ නම අමතක විය…

නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර ආබාධවලට ලක්වූ සුරංග ලක්මාල් මේ වන විට ඉන් සම්පූර්ණ සුවය ලබා සිටින අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින යොවුන් වේගපන්දු යවන්නන් (රාජිත, විශ්ව හා චාමික) අතරට කොළඹ BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන වයස අවුරුදු 23ක් වන මොහොමඩ් ශිරාස්ව තෝරා පත් කරගෙන තිබේ. ඔහු ද තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එකඳු ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැත.

ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර පැවති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක තුල කඩුලු 7ක් දවා ගත් අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 7කට සහභාගී වී කඩුලු 23ක් දවා ගැනීමට ශිරාස් සමත් වී තිබේ.

දිල්රුවන් පෙරේරා සංචිතයෙන්  ඉවත් කරමින් වයස අවුරුදු 23ක් වන වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනිය (NCC) පළමු වතාවට ශ්‍රී ලංකා සංචිතයට  සංචිතයට කැඳවා තිබෙන අතර මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 23ක් ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 125ක් දවාගෙන දස්කම් දක්වා ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (තරග සංචාරයේ නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ලහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය.

ටෙස්ට් තරග කාලසටහන

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 13 -17 – ඩර්බන් හිදී

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 21 – 25 – පෝර්ට් එලිසබත් හිදී ො

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ සියලුම උණුසුම් පුවත්, තරග තොරතුරු, සේයා රූ, විශේෂ වීඩියෝ හා ලකුණු සටහන් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<