Home Sinhala නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක අවසන් මහා සටනට

නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක අවසන් මහා සටනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

301

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක් ජයක් ලබා ගත් නවසීලන්තය එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (10) සමත් වුනා.

T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් අවසන් මහා තරගයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

එංගලන්තය සහ නවසීලන්තය පිළිවෙළින් සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ පළමු ස්ථානය සහ දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන දිනාගෙන මේ අවසන් පූර්ව තරගය සඳහා  සුදුසුකම් ලබා ගත්තා. එසේම 2016 දී පැවති T20 ලෝක කුසලානයේ ද අවසන් පූර්ව තරගයේ දී මුණගැසුණේ ද මේ කණ්ඩායම් දෙකම වීම සුවිශේෂී වුනා.

අබුඩාබි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක Kane Williamson පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

එංගලන්තය – Jos Buttler (wk), Jonny Bairstow, Dawid Malan, Eoin Morgan (capt), Liam Livingstone, Moeen Ali, Sam Billings, Chris Woakes, Chris Jordan, Adil Rashid, Mark Wood

නවසීලන්තය – Martin Guptill, Daryl Mitchell, Kane Williamson (capt), Devon Conway (wk), Glenn Phillips, James Neesham, Mitchell Santner, Adam Milne, Tim Southee, Ish Sodhi, Trent Boult.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී Jason Royට ඇති වූ ආබාධය නිසාවෙන් ඔහුට මේ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී යනවා. ඒ නිසාවෙන් තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටි Buttler සමඟ Bairstow ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.

ඔවුන් දෙදෙනා තරමක් මන්දගාමී ස්වරූපයක් තිබෙන තණතීරුව මත පළමු කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූවා. පන්දු 17ක දී ලකුණු 13ක් ලබාගෙන සිටි Bairstowගේ දැවී යාමට පසුව, එංගලන්තය powerplay අවස්ථාව අවසානයේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.

එංගලන්තය අවසන් පූර්ව තරගය දක්වා රැගෙන ඒම සඳහා පිතිකරණයෙන් විශාල සහයක් දැක්වූ Buttlerගේ ඉනිම ලකුණු 29කට සීමා කළ නවසීලන්ත පන්දු යවන්නන් එතැන් සිට නැවතත් නැගිටීමට වෑයම් කළත්, Malan සමඟ තුන්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වුණු Ali පන්දු 43ක දී වේගවත් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්ත ලකුණු සටහන වර්ධනය කිරීම සඳහා අවශ්‍ය මැදපෙළ සවිය ලබා දුන්නා.

Malan 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 30ක දී ලකුණු 41ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Southee සමත් වුනා.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Ali සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් තෙවැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු 37ක දී නොදැවී ලකුණු 51*ක් ලබාගෙන ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටියා.

ඔහුගේ එම සටන්කාමී ඉනිම සඳහා 4 පහර 3ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා. Livingstone පන්දු 10ක දී ලකුණු 17ක් සහ නායක Morgan පන්දු දෙකක දී නොදැවී ලකුණු 4*ක් ලබාගෙන අවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්ත ලකුණු සටහන සවිමත් කළා.

එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වැඩි කඩුලු දවාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් Neesham, Southee, Sodhi සහ Milne අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 167ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලෙස Guptill සහ නායක Williamsonගේ කඩුලු පළමු පන්දුවාර තුන තුල දවා ගැනීමට Woakes සමත් වුනා. ඒ අනුව පන්දුවාර දෙකකුත් පන්දු 4ක් අවසානයේ 13/2ක් ලෙස නවසීලන්ත ලකුණු සටහන යම් අසීරු මට්ටමක පැවතියා.

අනතුරුව නවසීලන්ත ඉනිම තුල අවශ්‍ය පදනම සකස් කළ සබඳතාවය ගොඩනැංවුනා. Conway සහ Mitchell අතර ගොඩනැංවුණු එම සුපිරි සබඳතාවය පන්දු 67ක දී ලකුණු 82ක් දක්වා වර්ධනය වුනු නමුත්, එය ඉක්මනින්ම බිඳ හෙලීමට එංගලන්ත ප්‍රධාන පන්දු යවන්නන් හට හැකියාවක් ලැබුණේ නැහැ. අවසානයේ දී Livingstone ලකුණු 46ක් ලබාගෙන සිටි Conwayගේ කඩුල්ල දවා ගනිමින් නැවතත් තරගයේ වාසිය දෙපසට දෝලනය වන තැනකට රැගෙන ආවා.

නවසීලන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරය තුල ලකුණු 3ක් පමණක් ලබා දී කඩුල්ලක් දවාගෙන ඉතාමත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් නවසීලන්තය දෙසට තරගයේ වැඩි පීඩනය නතු කිරීමට Livingstone සමත් වුනා.

නමුත් ඉන්පසුව Jordan ක්‍රියාත්මක කළ පන්දුවාරයේ දී ලකුණු 23ක් උඳුරා ගැනීමට Neesham සමත් වුනේ උණුසුම් තරගය දැක බලාගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දෙමිනි.

පන්දු 11ක් තුල එක් 4 පහරක් සහ 6 පහර 3ක් එල්ල කරමින් Neesham දියත් කළ ප්‍රවේගකාරී ඉනිම අවසන් මොහොතේ තීරණාත්මක සාධකයක් බවට පත් වුනු නමුත් Rashidගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් පළමු අර්ධ ශතකය අමතක නොවන ඉනිමක් බවට පත් කර ගත් Mitchell තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ම නවසීලන්ත ජය තහවුරු කළා.

පන්දු 47ක දී නොදැවී ලබා ගත් මේ ලකුණු 72* ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් හොඳම ලකුණු ප්‍රමාණය බවට ද පත් වුනා.

Livingstone සහ Woakes කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුවත් නවසීලන්තය තවත් කඩුලු 5ක් සහ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ලකුණු 167ක් ලබාගෙන අමතක නොවන දිනයක් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාස පොතට එකතු කළා.

ලකුණු සාරාංශය,

එංගලන්තය – 166/4 (20): Moeen Ali 51*, Dawid Malan 41, Jos Buttler 29, James Neesham 1/24, Tim Southee 1/16.

නවසීලන්තය – 167/5 (19): Daryl Mitchell 72*, Devon Conway 46, James Neesham 27, Liam Livingstone 2/22, Chris Woakes 2/36.

  • තරගයේ වීරයා – Daryl Mitchell (නවසීලන්තය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


England
166/4 (20)

New Zealand
167/5 (19)

Batsmen R B 4s 6s SR
Jonny Bairstow lbw b Ish Sodhi 29 23 4 0 126.09
Jos Buttler c Kane Williamson b Adam Milne 13 17 2 0 76.47
Dawid Malan c Devon Conway b Tim Southee 41 30 4 1 136.67
Moeen Ali not out 51 37 2 2 137.84
Liam Livingstone c Mitchell Santner b James Neesham 17 10 1 1 170.00
Eoin Morgan not out 4 2 0 0 200.00


Extras 11 (b 0 , lb 2 , nb 0, w 9, pen 0)
Total 166/4 (20 Overs, RR: 8.3)
Fall of Wickets 1-37 (5.1) Jos Buttler, 2-53 (8.1) Jonny Bairstow, 3-116 (15.2) Dawid Malan, 4-156 (19.2) Liam Livingstone,

Bowling O M R W Econ
Tim Southee 4 0 24 1 6.00
Trent Boult 4 0 40 0 10.00
Adam Milne 4 0 31 1 7.75
Ish Sodhi 4 0 32 1 8.00
Mitchell Santner 1 0 8 0 8.00
James Neesham 1 0 7 0 7.00
Glenn Phillips 2 0 18 1 9.00


Batsmen R B 4s 6s SR
Martin Guptill c Moeen Ali b Chris Woakes 4 3 1 0 133.33
Daryl Mitchell not out 72 47 4 4 153.19
Kane Williamson c Adil Rashid b Chris Woakes 5 11 0 0 45.45
Devon Conway st Jos Buttler b Liam Livingstone 46 38 5 1 121.05
Glenn Phillips c Sam Billings b Liam Livingstone 2 4 0 0 50.00
James Neesham c Eoin Morgan b Adil Rashid 27 11 1 3 245.45
Mitchell Santner not out 1 1 0 0 100.00


Extras 10 (b 1 , lb 4 , nb 1, w 4, pen 0)
Total 167/5 (19 Overs, RR: 8.79)
Fall of Wickets 1-4 (0.3) Martin Guptill, 2-13 (2.4) Kane Williamson, 3-95 (13.4) Devon Conway, 4-107 (15.1) Glenn Phillips, 5-147 (17.6) James Neesham,

Bowling O M R W Econ
Chris Woakes 4 1 36 2 9.00
Chris Jordan 3 0 31 0 10.33
Adil Rashid 4 0 39 1 9.75
Mark Wood 4 0 34 0 8.50
Liam Livingstone 4 0 22 2 5.50