Home Sinhala පාකිස්තාන යෞවනයේ දෙවැනි තරගයේ දී හිස ඔසවයි

පාකිස්තාන යෞවනයේ දෙවැනි තරගයේ දී හිස ඔසවයි

Sri Lanka U19 Cricket Team Tour of Pakistan 2023

280
Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

පාකිස්තාන සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ අද (24) සමත් වුනා.

මීට පෙර පැවති තරගයෙන් ලකුණු 58ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූ අතර පාකිස්තාන යෞවනයෝ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වුනා.

අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි අතර පාකිස්තානය මෙම තරගයට එක් වූයේ කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Hamza Nawaz, Muhammad Ismail සහ Ali Raza වෙනුවට Aftab Ahmed, Riaz Ullah සහ Ubaid Shah කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, දිනුර කළුපහන, ශාරුජන් ෂන්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, විහස් තෙව්මික, විශ්ව ලහිරු, රුවිශාන් පෙරේරා, ගරුක සංකෙත්.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Saad Baig (නායකයා සහ කඩුලු රකින්නා), Shamyl Hussain, Tayyab Arif, Mohammad Ammar, Riaz Ullah, Arafat Minhas, Ahmed Hussain, Mohammad Ibtisam, Naveed Ahmed Khan, Ubaid Shah, Aftab Ahmed.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 254ක් ලබා ගත්තා.

එම ඉනිමේ පළමු කඩුල්ල් ලකුණු 7ක දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූව ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට Shamyl Hussain සහ නායක Saad Baig සමත් වුනා.

Saad Baig පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගනිමින් දැවී ගිය අතර එතැන් සිට තරගය පාලනය කිරීමට පාකිස්තානය ක්‍රීඩකයෝ සමත් වුනා.

ඒ අනුව පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ Arafat Minhas. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරෙ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු  Shamyl Hussain ලබා ගත් ලකුණු සංඛ්‍යාව 53ක්. ඔහු ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කළා.

ඔවුන් දෙදෙනාගෙන් පසුව පාකිස්තාන ඉනිමට ලකුණු එකතු කිරීමේ දී වැඩි දායකත්වයක් දැක්වූයේ Riaz Ullah. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී ගරුක සංකේත් සහ රුවිශාන් පෙරේරා කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට අමතර ව දිනුර කළුපහන, විශ්ව ලහිරු සහ සිනෙත් ජයවර්ධන අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 254ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 195ක් පමණයි. ඒ තවත් පන්දු 38ක් ඉතිරිව තිබිය දීයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් ඉනිම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගැනීමට පුලිඳු පෙරේරා සහ නායක සිනෙත් ජයවර්ධන සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව ආරම්භක කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කළා.

එතැන් සිට එවැනි සබඳතාවක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා.

ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. ඊට අමතර ව රවිශාන් ද සිල්වා සහ විහස් තෙව්මික ලකුණු 32 බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

එහි දී රවිශාන් ද සිල්වා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් මෙම ලකුණු උපයා ගැනීම කළ අතර විහස් තෙව්මික පන්දු 43කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින්  මෙම දක්ෂතාව සමඟ එක් වුනා.

නායක සිනෙත් පන්දු 31කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21ක්.

ඊට අමතරව දිනුර කළුපහන පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණක් තුළ දවා ගැනීමට පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් පරාජය කරමින් පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියේ ජයග්‍රහණය  තෝරා ගැනීම තියුණු තත්ත්වයකට ගෙන ආවා.

නිමා වූ තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් Ubaid Shah ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා අතර, ඊට අමතරව Ahmed Hussain ද ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තා.

අනෙකුත් පන්දු යවන්නන් අතරින් Naveed Ahmed Khan කඩුලු 2ක් දවා ගත් අතර Aftab Ahmed සහ Mohammad Ibtisam විසින් කඩුල්ල බැඟින් බෙදා ගත්තා.

තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ශතකය ලකුණු 5කින් අහිමි කර ගත් Arafat Minhas වෙතයි.

Result


Sri Lanka U19
195/10 (43.4)

Pakistan U19
254/10 (46.5)

Batsmen R B 4s 6s SR
Shamyl Hussain c Sineth Jayawardena b Vishwa Lahiru 53 120 3 2 44.17
Mohammad Tayyab Arif c Sharujan Shanmuganathan b Garuka Sanketh 4 14 0 0 28.57
Saad Baig c Sharujan Shanmuganathan b Ruvishan Perera 19 55 3 0 34.55
Mohammad Ammar c Ravindu De Silva b Sineth Jayawardena 5 26 0 0 19.23
Wahaj Riaz b Ruvishan Perera 28 46 2 0 60.87
Arafat Minhas c Malsha Tharupathi b Ruvishan Perera 95 98 9 2 96.94
Ahmed Hussain c Dinura Kalupahana b Garuka Sanketh 13 49 1 0 26.53
Mohammad Ibtisam lbw b Garuka Sanketh 1 2 0 0 50.00
Naveed Ahmed Khan not out 15 27 2 0 55.56
Ubaid Shah run out (Malsha Tharupathi) 0 3 0 0 0.00
Aftab Ahmed c Vishen Halambage b Dinura Kalupahana 0 1 0 0 0.00


Extras 21 (b 0 , lb 6 , nb 3, w 12, pen 0)
Total 254/10 (46.5 Overs, RR: 5.42)
Bowling O M R W Econ
Garuka Sanketh 9 0 38 3 4.22
Dinura Kalupahana 6.5 1 47 1 7.23
Vihas Thewmika 5 0 35 0 7.00
Ruvishan Perera 9 0 49 3 5.44
Vishwa Lahiru 9 0 32 1 3.56
Sineth Jayawardena 5 0 25 1 5.00
Malsha Tharupathi 3 0 22 0 7.33


Batsmen R B 4s 6s SR
Pulindu Perera c Shamyl Hussain b Ubaid Shah 36 52 7 0 69.23
Sineth Jayawardena c Saad Baig b Mohammad Ibtisam 21 44 2 1 47.73
Vishen Halambage b Aftab Ahmed 13 41 1 0 31.71
Ravindu De Silva lbw b Ahmed Hussain 32 50 4 0 64.00
Dinura Kalupahana b Ahmed Hussain 19 63 1 0 30.16
Sharujan Shanmuganathan c Saad Baig b Naveed Ahmed Khan 12 18 0 0 66.67
Malsha Tharupathi c Saad Baig b Ahmed Hussain 10 15 2 0 66.67
Vihas Thewmika not out 32 51 4 0 62.75
Vishwa Lahiru c Ahmed Hussain b Naveed Ahmed Khan 13 54 1 0 24.07
Ruvishan Perera c Shamyl Hussain b Ubaid Shah 0 3 0 0 0.00
Garuka Sanketh c Arafat Minhas b Ubaid Shah 0 1 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 1, w 4, pen 0)
Total 195/10 (43.4 Overs, RR: 4.47)
Bowling O M R W Econ
Ubaid Shah 7.4 0 34 3 4.59
Aftab Ahmed 6 0 33 1 5.50
Naveed Ahmed Khan 6 0 30 2 5.00
Mohammad Ibtisam 6 0 33 1 5.50
Arafat Minhas 10 2 21 0 2.10
Ahmed Hussain 8 0 42 3 5.25



පාකිස්තානයට ලකුණු 59ක ජයක්.

තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ තෙවැනි එක්දින තරගය මේ මස 27 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<