ඉන්දීය A ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026 

5
Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026 

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 101ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා.

ඒ සමඟින් ඔවුන් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට ද පත් වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 319ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 218ක් පමණයි.

අද තරගයේ දී ඉන්දියාව මෙම තරගයේ දී පෙර තරගය හා එක් වූ Prabhsimran Singh, Ayush Badoni සහ Arshad Khan වෙනුවට Priyansh Arya, Kumar Kushagra සහ Anshul Kamboj එක් කර තිබුණ අතර ඇෆ්ගනිස්තානය ද මෙම තරගය හා එක්වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමිනුයි. ඒඅනුව පෙර තරගය හා එක් වූ Ijaz Ahmad Ahmadzai සහ Khalil Gurbaz වෙනුවට මෙම තරගයේ දී Faisal Shinozada සහ Faridoon Dawoodzai එක් කර තිබුණා.

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම

 

Imran Mir (නායක), Hassan Eisakhil, Khalid Taniwal, Faisal Shinozada, Bahir Shah, Mohammad Ishaq (කඩුලු රකින්නා), Farmanullah Safi, Shams Ur Rahman, Abdollah Ahmadzai, Zahir Khan සහ Faridoon Dawoodzai

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම

 

Tilak Varma (නායක), Priyansh Arya, Vaibhav Sooryavanshi, Ruturaj Gaikwad, Kumar Kushagra (කඩුලු රකින්නා), Suryansh Shedge, Nishant Sindhu, Vipraj Nigam, Anukul Roy, Anshul Kamboj සහ Yash Thakur.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ අර්ධ ශතක 3ක් වාර්තා වූවා. ඒ අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ නායක Tilak Varma. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නවා.

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු Priyansh Arya පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ද සහ Kumar Kushagra පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Abdollah Ahmadzai, Farmanullah Safi සහ Faridoon Dawoodzai කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Bahir Shah. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා.

ඊට අමතර ව  Faisal Shinozada පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් සහ නායක Imran Mir පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Nishant Sindhu ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Yash Thakur කඩුලු 2ක් ද, Suryansh Shedge, Anshul Kamboj, Vipraj Nigam සහ Anukul Roy කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 9ක් දැවී 319 (50.0) Priyansh Arya 58, Vaibhav Sooryavanshi 38, Ruturaj Gaikwad 30, Tilak Varma 59, Kumar Kushagra 58, Nishant Sindhu නොදැවී 21, Vipraj Nigam 30, Faridoon Dawoodzai 2/74, Abdollah Ahmadzai 2/62, Farmanullah Safi 2/62
  • ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 218 (36.5) Imran Mir 32, Faisal Shinozada 46, Bahir Shah 57, Yash Thakur 2/48, Nishant Sindhu 4/31

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 101ක ජය.

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙසින් පැවැත්විමට නියමිත ශ්‍රී ලංකාව සහ  ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර තරගය මේ මස 19 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<