ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ව තිබූ තෙවැනි එක්දින තරගයත් අයහපත් කාලගුණ තත්ව හේතුවෙන් අත්හැර දැමීමට අද (09) සිදු වුනා.
මේ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ද ශ්‍රී ලංකාව අද සමත් වුනා.
දෙරට අතර පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 41ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, එම තරගයේ දී නව නායක කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ද සමත් වුනා.
ඉන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ එක්දින තරග ද්විත්වයම එකදු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමෙන් තොරවම අතහැර දැමීමට සිදු වූ අතර, මේ අනුවයි ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය උරුම වුනේ.
ශ්‍රී ලංකාව මෙසේ කොදෙව් දේශයේ දී එක්දින තරගාවලි ජයක් ලබාගන්නේ වසර 23කට පසුව වීමත් විශේෂත්වයක්. අවසන් වරට ශ්‍රී ලංකාව 2003 වසරේ දී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබා තිබුණා. මේ අතර කොදෙව්වන් විසින් තම මව්බිමේ දී සත්කාරකත්වය ලබා දුන් තරගාවලියක් පරාජයට පත් වන්නේ වසර තුනකට පසුව වීමත් විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
නව ශ්‍රී ලංකා පුහුණුකරු Gary Kirsten යටතේ ක්‍රීඩා කළ පළමු තරගාවලිය ම මේ අයුරින් ඉතිහාස ගත ලෙස ජය ගැනීමට හැකියාව ලැබීම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ලද විශේෂ ජයක් ලෙස ද සැලකිය හැකි.
එමෙන්ම කොදෙව්වන් විසින් ලද මෙම පරාජය සමඟ ඔවුන්ට 2027 එක්දින ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව ද තරමක් අවම වී තිබීම අවාසනාවන්ත සිදුවීමක්.
මේ අතර දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළඹෙන 12 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය පිළිබඳව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















