ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු 103ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (19) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 219ක් පමණයි.
ශ්‍රී ලංකාව මෙම තරගයේ දී පෙර තරගය හා එක් වූ විශේන් හැළඹගේ, චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, රවිඳු ප්‍රනාන්දු සහ දුලාජ් සමුදිත එක් කර තිබුණ අතර ඇෆ්ගනිස්තානය මෙම තරගය හා එක්වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ Khalid Taniwal, Mohammad Ishaq, Abdollah Ahmadzai සහ Zahir Khan වෙනුවට මෙම තරගයේ දී Hassan Eisakhil, Bahir Shah, Khalil Gurbaz සහ Mohammad Ibrahimඑක් කර තිබුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, අහන් වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, දුලාජ් සමුදිත සහ කුගදාස් මාතුලන්.
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම
Imran Mir (නායක), Hassan Eisakhil, Noor ul Rahman (කඩුලු රකින්නා), Faisal Shinozada, Bahir Shah, Ijaz Ahmad Ahmadzai, Farmanullah Safi, Shams Ur Rahman, Khalil Gurbaz, Mohammad Ibrahim සහ Faridoon Dawoodzai.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහි දී ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 99ක දී ලකුණු 133ක සබඳතාවක් එක් කරනවා.
එම සබඳතාව බිඳ වැටෙන්නේ නිරෝෂන් දික්වැල්ල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා.
අවිශ්ක ප්‍රනාන්දු 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා. ඔහු මෙම තරගාවලියේ වාර්තා කළ 2 වැනි ශතකයයි මේ.
ඔහු දැවී යද්දී 2 වැනි කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක් වෙමින් පන්දු 114ක දී ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නැගුවා. නුවනිඳු ප්‍රනාන්දු සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී 20 වැනි වියේ පසුවෙන වේග පන්දු යවන Faridoon Dawoodzai ලකුණු 60කට කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.
ඔහුට අමතර ව Farmanullah Safi කඩුලු 3ක් ද සහ Mohammad Ibrahim කඩුල්ලක් ද දවා ගත්තා.
- දකුණු අප්‍රිකාව සහ කොදෙව්වෝ ජය වාර්තා කරයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගියවර ශූරියෝ පරාජය කරයි
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
- Shreyas Iyer නව ඉන්දීය T20 නායකයා වීමට සූදානමින්!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Hassan Eisakhil. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණ 74ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව Farmanullah Safi පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ද සහ Bahir Shah පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන දුලාජ් සමුදිත ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීමයි. ඊට අමතර ව කුගදාස් මාතුලන් ලකුණු 38කට කඩුලු 3ක් ද රවිඳු ප්‍රනාන්දු සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 8ක් දැවී 322 (50.0) නිරෝෂන් දික්වැල්ල 66, අවිශ්ක ප්‍රනාන්දු 110, නුවනිඳු ප්‍රනාන්දු 45, රවිඳු ප්‍රනාන්දු 25, Faridoon Dawoodzai 4/60, Farmanullah Safi 3/68
- ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 219 (42.5) Hassan Eisakhil 74, Bahir Shah 35, Farmanullah Safi 43, දුලාජ් සමුදිත 5/25, කුගදාස් මාතුලන් 3/38
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 103ක ජය.
තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)
තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 21 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















