BRC කණ්ඩායමේ අභිනාෂ්ට කඩුලු 8ක්

Major Clubs Limited Over Tournament 2023/24

271
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (07) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැති අතර එහි දී BRC කණ්ඩායමේ 23 හැවිරිදි දකුණතින් පිට දඟ පන්දු යවන මර්වින් අභිනාෂ් Ace Capital කණ්ඩායමට එරෙහිව ලකුණු 53කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වෙනවා.

එය ඔහුගේ List A තරග 9ක හොඳම පන්දු යැවීමයි. ඔහු මේ කඩුලු දඩයම ආරම්භ කරන්නේ ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු 3ක් දවා ගනිමින් වන අතර ඉනිම අවසන් කරන විට ඔහු පන්දුවාර 9.2ක් යවා තිබුණා.

Moors කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර, Colts කණ්ඩායමේ හෂාන් දුමිඳු, CCC කණ්ඩායමේ පවන් රත්නායක, Badureliya කණ්ඩායමේ අයන සිරිවර්ධන, Kandy Customs කණ්ඩායමේ සහන් කෝසල, Police කණ්ඩායමේ හේෂාන් ධනුශ්ක සහ විශාද් රන්දික, Kurunegala Youth කණ්ඩායමේ තරින්ද විජේසිංහ, Galle කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය සහ ශාලිත් ප්‍රනාන්දු, Army කණ්ඩායමේ අසේල ගුණරත්න සහ ලක්ෂාන් එදිරිසිංහ, SSC කණ්ඩායමේ නිපුන් ධනංජය, Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත්, NCC කණ්ඩායමේ කමිල් මිෂාර සහ චාමික කරුණාරත්න අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළා.

Group A

  • Moors SC සහ Tamil Union C & AC

o ක්‍රීඩාංගණය – Moors, කොළඹ.

o කාසියේ වාසිය – Moors

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 115 (35.5) සිතාර හපුහින්න 34, රොන් චන්ද්‍රගුප්ත 25, රමේෂ් මෙන්ඩිස් 2/29, ඉමිතියාස් ස්ලාසා 3/11, ප්‍රවීන් ජයවික්‍රම 3/23, තීසාන් විතුසාන් 2/09

Moors – කඩුලු 4ක් දැවී 120 (29.4) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 27, ශිරාන් ප්‍රනාන්දු 2/23, දිලුම් සුදීර 2/26

Moors කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • Colts CC සහ CCC

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – CCC

Colts CC – කඩුලු 9ක් දැවී 227 (50.0) සංගීත් කුරේ 23, ශෙරන් ෆොන්සේකා 36, හෂාන් දුමිඳු 72, මුදිත ලක්ෂාන් 22, ජෙහාන් ඩැනියෙල් 27, අසිත ප්‍රනාන්දු 2/54, චමිඳු විජේසිංහ 3/48, ධනංජය ද සිල්වා 2/11

CCC – කඩුලු 4ක් දැවී 228 (42.1) නිමේෂ ගුණසිංහ 39, කමිඳු මෙන්ඩිස් 36, පවන් රත්නායක නොදැවී 88, සොනාල් දිනූෂ නොදැවී 26, උදිත් මධුශාන් 2/33

CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • Police SC සහ Kurunegala Youth CC

o ක්‍රීඩාංගණය – පොලිස් උද්‍යානය, කොළඹ.

o කාසියේ වාසිය – Kurunegala Youth CC

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 186 (47.4) ගයාන් මනීශාන් 38, තරින්ද විජේසිංහ 72, නවීන් ප්‍රනාන්දු 20, නලින් ප්‍රියංකර 3/31, චතුරංග කුමාර 3/29, දිලීප ජයලත් 3/38

Police SC – කඩුලු 2ක් දැවී 188 (42.2) හේෂාන් ධනුශ්ක නොදැවී 52, ධනුජ ඉඳුවර 35, විශාද් රන්දික නොදැවී 95

Police SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • Negombo CC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක.

o කාසියේ වාසිය – Negombo CC

Sebastianites C & AC – කඩුලු 8ක් දැවී 207 (50.0) ඉසිවර දිසානායක 40, තෙවිඳු සේනාරත්න 40, ප්‍රමෝද් මධුවන්ත 27, සචිත ජයතිලක 31, තරිඳු රත්නායක නොදැවී 31, නිශාන් පීරිස් 2/57, උපුල් ඉන්ද්‍රසිරි 2/20

Negombo CC – සියලුම දෙනා දැවී 111 (37.0) ඇන්ජලෝ ජයසිංහ 23, හිමාෂ ලියනගේ නොදැවී 43, ඉසිත විජේසුන්දර 2/27, චාමිකර එදිරිසිංහ 2/21, සචිත ජයතිලක 2/09, ප්‍රමෝද් මධුවන්ත 2/01

Sebastianites කණ්ඩායමට ලකුණු 96ක ජයක්.

  • Air Force SC සහ GalleCC

o ක්‍රීඩාංගණය – Air Force , කටුනායක.

o කාසියේ වාසිය – Air Force SC

Air Force SC – සියලුම දෙනා දැවී 183 (49.1) විහඟ රුවනරා 21, ප්‍රබෝද ශ්‍රීමාල් 37, සෙනාශ් ප්‍රනාන්දු 33, චානක දේවින්ද 2/23, උමේග චතුරංග 4/27, පසිඳු මධුශාන් 2/32

Galle CC – කඩුලු 3ක් දැවී 186 (48.0) ඉරෝෂ් සමරසූරිය 61, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 77, තරින්ද ගුරුගේ නොදැවී 28

Galle කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Group B

  • BRC සහ Ace Capital CC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – BRC

BRC – සියලුම දෙනා දැවී 143 (41.5) ලක්ෂාන් ගමගේ 34, දුශාන් හේමන්ත 20, නිමන්ද මධුශංක 27, රවිඳු රත්නායක 2/18, රොෂාන් ජයතිස්ස 3/30, පවන්ත වීරසිංහ 2/25

Ace Capital CC – සියලුම දෙනා දැවී 113 (20.2) රොෂාන් ජයතිස්ස 25, වනුජ සහන් 32, මර්වින් අභිනාෂ් 8/53, සසික දුල්ශාන් 2/19

BRC කණ්ඩායමට ලකුණු 30ක ජයක්.

  • Badureliya SC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන.

o කාසියේ වාසිය – Panadura SC

Panadura SC – සියලුම දෙනා දැවී 184 (46.4) රමින්ද විජේසූරිය 42, නිමේෂ් විමුක්ති 43, යශෝධ මෙන්ඩිස් 37, නිමන්ත පීරිස් 20, අලංකාර අසංක 2/17, චානක කොමසාරු 4/44

Badureliya SC – කඩුලු 7ක් දැවී 178 (27.3) අයන සිරිවර්ධන 92, අනුක් ප්‍රනාන්දු නොදැවී 45, නිමේෂ් විමුක්ති 4/49

Badureliya කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු ලකුණු 32ක ජයක්.

  • Bloomfield සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Bloomfield C & AC

Bloomfield C & AC – සියලුම දෙනා දැවී 161 (44.3) යොහාන් ද සිල්වා 29, නිපුන් කරුණානායක 31, නිසල ආකාශ් 2/38, මිතුන් ජයවික්‍රම 3/32, යොහාන් මද්දගේ 2/25

Kandy Customs CC – සියලුම දෙනා දැවී 124 (30.3) සහන් කෝසල නොදැවී 51, රශ්මික මධුශංක 21, ලහිරු මධුශංක 4/29, මනෙල්ක ද සිල්වා 2/16

Bloomfield කණ්ඩායමට ලකුණු 37ක ජයක්.

  • SSC සහ Army SC

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – CCC

Army SC – සියලුම දෙනා දැවී 207 (41.1) අසේල ගුණරත්න 72, ලක්ෂාන් එදිරිසිංහ 74, ප්‍රභාත් ජයසූරිය 2/48, චමිඳු වික්‍රමසිංහ 2/31, කවිඳු නදීශාන් 4/42

SSC – කඩුලු 6ක් දැවී 213 (44.2) ධනුශ්ක ගුණතිලක 41, ක්‍රිශාන් සංජුල 40, නිපුන් ධනංජය නොදැවී 67, රනුද සෝමරත්න 34, ෂෙහාන් ප්‍රනාන්දු 3/28

SSC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

  • Nugegoda SWC සහ NCC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව.

o කාසියේ වාසිය – Nugegoda SWC

NCC – කඩුලු 9ක් දැවී 250 (50.0) නිරෝෂන් දික්වැල්ල 28, ලහිරු උදාර 40, කමිල් මිෂාර 65, අසේල් සිගේරා 22, චාමික කරුණාරත්න 61, තිලකරත්න සම්පත් 4/59, සඳුන් මධුශංක 3/42

Nugegoda SWC – සියලුම දෙනා දැවී 204 (46.4) අක්‍රම් මුතාලිබ් 41, තිලකරත්න සම්පත් 58, රුමේෂ් බුද්ධික 28, චාමික ගුණසේකර 2/50, අශේන් ඩැනියෙල් 2/20, ලසිත් ඇඹුල්දෙණිය 2/36

NCC කණ්ඩායමට ලකුණු 46ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<