Home Sinhala Brathwaite හා Cornwall යළිත් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

Brathwaite හා Cornwall යළිත් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

196
sri lanka tour of west indies 2nd test

බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ඊයේ (28) ආරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීම තෝරාගත් අතර දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස් කරගෙන සිටිනවා. 

කොදෙව් නායක Kraigg Brathwaite නොදැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටින අතර Rakeem Cornwall නොදැවී ලකුණු 43යි.

නායක දිමුත් කරුණාරත්න පන්දු යැවීමට ගත් තීරණය නිවැරදි බව පසක් කරමින් සුරංග ලක්මාල් කොදෙව් ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 15කට දවා ගත්තේ කොදෙව් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි. 

ඉන්පසුව පිටියේ එක්වූ Kraigg Brathwaite හා Kyle Mayers තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වුනා. ඔවුන් දෙදෙනා තරගයේ දිවා ආහාරය වන තුරු පන්දුවට පහර දුන් අතර වරක Kyle Mayers ලබා දුන් උඩ පන්දුවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිලිහී යාම කැපී පෙනුණා.

දිවා ආහාර විවේකයෙන් පසුව පළමු කඩුල්ල ලෙස Kyle Mayers ලකුණු 49කට දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. Kraigg Brathwaiteව ලකුණු 37 දී දවා ගන්නට ද ඔහු ඉතා හොඳ පන්දුවක් යොමු කළත්, පිත්තේ ගැටී ආ පන්දුව රැකගන්නට ශ්‍රී ලංකා Slip ක්‍රීඩකයින්ට හැකියාවක් ලැබුණේ නැහැ. 

විස්සයි විස්ස තරගයක් සිහි ගන්වමින් Jermaine Blackwood හයේ හා හතරේ පහර දෙකකින් ඉනිම ආරම්භ කළත්, දිනය පුරා අතිවිශිෂ්ට ලෙස පන්දු යැවූ සුරංග ලක්මාල් ඔහුව ලකුණු 18කට නිහඬ කරන්නට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් Brathwaite, Jason Holder සමඟ එක්ව තවත් ලකුණු 51ක් ලකුණු පුවරුවට එකතු කළා. පහසුවෙන් පන්දුවට පහර දෙමින් සිටි Holder අනවශ්‍ය පහරකට ගොස් ධනංජය ද සිල්වාට ලකුණු 30කට සිය කඩුල්ල පූජා කළා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මහන්සියෙන් වරක කොදෙව් ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 222ට කඩුලු 7ක් ලෙසයි. කෙසේ වෙතත් නැවත වතාවක් සිය කණ්ඩායම අගාධයෙන් ගලවා ගත් Rahkeem Cornwall නොදැවුණු ලකුණු 43ක් රැස් කළේ සිය නායකයාට අනගි සහයක් ලබා දෙමිනුයි. Kraigg Brathwaite පන්දු 239ක දී නොදැවුණු ලකුණු 99ක ඉනිමක් ගොඩ නැගුවේ හතරේ පහර 11ක් ද සමඟිනුයි.

දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස් කරගෙන සිටියා.

සෑම ශ්‍රී ලංකා පන්දු යවන්නෙක්ම තරගයේ පළමු දිනයේ දී කඩුලු අතරට පිවිසීම කැපී පෙනුණා. විස්තර විචාරකයින්ගේ ද පැසසුමට ලක්වූ සුරංග ලක්මාල් ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙනිය, දුෂ්මන්ත චමීර හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි. 

Result

Match drawn

Sri Lanka
258/10 (108) & 193/2 (79)

West Indies
354/10 (111.1) & 280/4 (72.4)

Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Dushmantha Chameera 126 311 13 0 40.51
John Campbell c Niroshan Dickwella b Suranga Lakmal 5 24 1 0 20.83
Nkrumah Bonner b Suranga Lakmal 0 6 0 0 0.00
Kyle Mayers c Niroshan Dickwella b Vishwa Fernando 49 61 8 0 80.33
Jermaine Blackwood c Niroshan Dickwella b Suranga Lakmal 18 29 2 1 62.07
Jason Holder c Lahiru Thirimanne b Dhananjaya de Silva 30 34 5 0 88.24
Joshua Da Silva c Niroshan Dickwella b Dushmantha Chameera 1 35 0 0 2.86
Alzarri Joseph lbw b Lasith Embuldeniya 29 41 3 1 70.73
Rahkeem Cornwall c Vishwa Fernando b Suranga Lakmal 73 92 10 1 79.35
Kemar Roach c Niroshan Dickwella b Dushmantha Chameera 9 36 1 0 25.00
Shannon Gabriel not out 1 5 0 0 20.00


Extras 13 (b 0 , lb 6 , nb 7, w 0, pen 0)
Total 354/10 (111.1 Overs, RR: 3.18)
Bowling O M R W Econ
Suranga Lakmal 28 11 94 4 3.36
Vishwa Fernando 27 4 71 1 2.63
Lasith Embuldeniya 25 5 88 1 3.52
Dushmantha Chameera 21.1 4 69 3 3.27
Dhananjaya de Silva 10 3 26 1 2.60
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Nkrumah Bonner b Alzarri Joseph 1 17 0 0 5.88
Lahiru Thirimanne b Kemar Roach 55 106 6 0 51.89
Oshada Fernando lbw b Kyle Mayers 18 71 1 0 25.35
Dinesh Chandimal c Hayden Walsh b Shannon Gabriel 44 101 5 0 43.56
Dhananjaya de Silva lbw b Jermaine Blackwood 39 140 1 0 27.86
Pathum Nissanka c Hayden Walsh b Kemar Roach 51 131 0 0 38.93
Niroshan Dickwella c Joshua Da Silva b Jason Holder 20 25 0 0 80.00
Suranga Lakmal c Kraig Brathwaite b Alzarri Joseph 6 9 0 0 66.67
Dushmantha Chameera c Joshua Da Silva b Jason Holder 2 26 0 0 7.69
Lasith Embuldeniya not out 5 21 0 0 23.81
Vishwa Fernando c Joshua Da Silva b Kemar Roach 0 2 0 0 0.00


Extras 17 (b 4 , lb 5 , nb 7, w 1, pen 0)
Total 258/10 (108 Overs, RR: 2.39)
Bowling O M R W Econ
Kemar Roach 19 5 59 3 3.11
Shannon Gabriel 16 3 37 1 2.31
Alzarri Joseph 22 4 64 2 2.91
Jason Holder 21 3 39 2 1.86
Kyle Mayers 11 7 10 1 0.91
Rahkeem Cornwall 15 5 25 0 1.67
Jermaine Blackwood 4 0 16 1 4.00
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Dushmantha Chameera 85 196 4 0 43.37
John Campbell c Niroshan Dickwella b Suranga Lakmal 10 25 1 0 40.00
Jermaine Blackwood c Niroshan Dickwella b Dushmantha Chameera 18 41 2 0 43.90
Kyle Mayers lbw b Suranga Lakmal 55 76 8 0 72.37
Jason Holder not out 71 88 7 0 80.68
Joshua Da Silva not out 20 16 2 0 125.00


Extras 21 (b 2 , lb 12 , nb 6, w 1, pen 0)
Total 280/4 (72.4 Overs, RR: 3.85)
Did not bat Nkrumah Bonner, Alzarri Joseph, Rahkeem Cornwall, Kemar Roach, Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 14 3 62 2 4.43
Vishwa Fernando 12.4 1 49 0 3.95
Dhananjaya de Silva 28 3 81 0 2.89
Dushmantha Chameera 18 0 74 2 4.11


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Rahkeem Cornwall b Alzarri Joseph 39 114 5 0 34.21
Dimuth Karunarathne lbw b Kyle Mayers 75 176 9 0 42.61
Oshada Fernando not out 66 119 8 0 55.46
Dinesh Chandimal not out 10 66 1 0 15.15


Extras 3 (b 0 , lb 1 , nb 1, w 1, pen 0)
Total 193/2 (79 Overs, RR: 2.44)
Did not bat Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella, Suranga Lakmal, Lasith Embuldeniya, Dushmantha Chameera, Vishwa Fernando,

Bowling O M R W Econ
Kemar Roach 12 2 33 0 2.75
Jason Holder 10 3 24 0 2.40
Rahkeem Cornwall 26.4 8 53 0 2.01
Shannon Gabriel 5.2 2 20 0 3.85
Alzarri Joseph 10 2 33 1 3.30
Jermaine Blackwood 6 1 17 0 2.83
Kraig Brathwaite 3 0 7 0 2.33
Kyle Mayers 6 4 5 1 0.83



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<