අර්ධ ශතක 13ක් වාර්තා වූ පළමු දිනය පොලීසිය නිසා රත් වෙයි

23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21

364

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2020/21 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ තරග 10ක් අද (16) ආරම්භ වූ අතර එහි දී යුද හමුදාව, සී. සී. සී. එස්. එස්. සී, බදුරලිය, මීගමුව, හලාවත මේරියන්ස්, කළුතර නගර සමාජය, කෝල්ට්ස්, පොලිස් සහ ටැමිල් යූනියන් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ඒ අතරින් තරග 9ක් සාමාන්‍ය පරිදි අවසන් වූ නමුත් පොලිස් – නාවික හමුදා තරගය ඉතාමත් උණුසුම් වූයේ එම තරගය අවසන් පන්දුව සහ අවසන් ලකුණ දක්වා ඇදී ගිය නිසාවෙනි. 

ඊට අමතරව එක් එක් තරගවල ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ කැපී පෙනෙන දස්කම් කිහිපයක් ද වාර්තා වූ අතර පිතිකරණයේ දී හරිත් ප්‍රනාන්දු, බිෂාන් මෙන්ඩිස්, සකුන ලියනගේ, මුදිත ලක්ෂාන්, භාග්‍ය දිසානායක, මලින්ද ජයෝද්, කමිඳු මෙන්ඩිස්, මලිඳු මදුරංග, නිපුන් ධනංජය, සම්මු අශාන්, විනුර දුල්සර, සන්තුෂ් ගුණතිලක සහ නවෝද් පරණවිතාන යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී නිපුන් ලක්ෂාන් සහ හෂාන් සංදීප යන ක්‍රීඩකයෝ කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් විය. ඊට අමතරව අද දිනයේ දී පැවති මෙම තරග 10න් තරග 6ක්ම දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම් විසින් ජයග්‍රහණය කිරීම කැපී පෙනුනි. සැරසන්ස් සහ කළුතර නගර සමාජ කණ්ඩායම් අතර පැවති තරගයේ ආරම්භයට සහ තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙන් තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තීරණය විය.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය (A කාණ්ඩය)

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – 304 (49.2): හරිත් ප්‍රනාන්දු 88, බිෂාන් මෙන්ඩිස් 79, මහීෂ තීක්ෂණ 33, පැතුම් කුමාර 24, ශෙහාන් ප්‍රනාන්දු 21, නිපුන් ලක්ෂාන් 4/65, සඳරු චන්දිත 3/37
  • නුගේගොඩ ක්‍රීඩා සමාජය – 244 (45.4): සකුන ලියනගේ 72, මුදිත ලක්ෂාන් 69, ටශික නිර්මාල් 34, හෂාන් සංදීප 4/36, හේෂාන් හෙට්ටිආරච්චි 2/40, මහීෂ තීක්ෂණ 2/55.

යුද හමුදාවට ලකුණු 60ක ජයක්.


නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය (A කාණ්ඩය)

  • පොලිස් ක්‍රීඩා සමාජය – 225 (49.1): අශෙල් සිගේරා 41, නදීර බාලසූරිය 38, බවන්ත උඩනගමුව 36, රුවිඳු ඩිල්ශාන් 31, අකිඳු කරුණාරත්න 2/37, අමීන් මිෆ්ලාල් 2/38.
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – 224/9 (50): භාග්‍ය දිසානායක 60, ශලිත් ප්‍රනාන්දු 44, සම්මු විමුද් 36, දමින්ද රෙෂාන් 31, ටශික් පෙරේරා 2/24, නදීර බාලසූරිය 2/44.

පොලිස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්


බී. ආර්. සී සහ බදුරලිය ක්‍රිකට් සමාජය (A කාණ්ඩය)

  • බී. ආර්. සී – 162 (46.3): හිරන්ත ජයසිංහ 42, නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, තමිඳු වික්‍රමාරච්චි 4/11, අවිශ්ක ලක්ෂාන් 3/29, මලින්ද ජයෝද් 2/25.
  • බදුරලිය – 166/6 (37.1): මලින්ද ජයෝද් 86, රනේෂ් සිල්වා 23*, මලින්ද අභිෂේක් 3/40.

බදුරලිය කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


හලාවත මේරියන්ස් සහ පානදුර ක්‍රීඩා සමාජය (B කාණ්ඩය)

  • පානදුර ක්‍රීඩා සමාජය – 122 (31.5): නිපුන දේශාන් 21, චාරුක තරිඳු 3/24, දසුන් සෙනෙවිරත්න 3/29.
  • හලාවත මේරියන්ස් – 125/4 (24.3): කමිඳු මෙන්ඩිස් 66*, රිසිර වීරසූරිය 22, පසිඳු පැතුම් 3/14.

හලාවත මේරියන්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

  • මීගමුව ක්‍රිකට් සමාජය – 202 (48.2): දිමුත් සඳරුවන් 35, ශෙහාන් ප්‍රනාන්දු 32, කවිඳු නිර්මාණ 30, භානුක මනෝහර 25, රවිඳු සෙම්බුකෙත්තිගේ 3/41, කසුන් ඒකනායක 2/23, නුස්කි අහමඩ් 2/42.
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 134 (40.2): චාමික හේවගේ 25, රවිඳු සෙම්බුකෙත්තිගේ 23, නිශාන් පීරිස් 3/17, හරීන් වීරසිංහ 3/29, චමත් වික්‍රමසිංහ 3/40.

මීගමුවට ලකුණු 68ක ජයක්


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය (C කාණ්ඩය)

  • මුවර්ස් ක්‍රීඩා සමාජය – 151 (36.1): පසිඳු සූරියබණ්ඩාර 39, කවිෂ්ක අංජුල 25, නිපුන් මාලිංග 3/26, රොහාන් සංජය 2/20, ඩිල්ශාන් මධුසංක 2/26.
  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 154/6 (36.2): සන්තුෂ් ගුණතිලක 58, ජෙහාන් ඩැනියල් 31, අවිශ්ක ප්‍රනාන්දු 25, කවිෂ්ක අංජුල 2/41

කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


කළුතර නගර සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය (C කාණ්ඩය)

  • කළුතර නගර සමාජය – 156/7 (36): චින්තක සිරිවර්ධන 20, ලසිඳු අරෝෂණ 20, කවිඳු උදේශන 3/19, බිහඟ මෙන්ඩිස් 2/20.
  • සැරසන්ස් – 91 (27): නවිඳු නිර්මාල් 21, ඉනාෂ්ක සිරිවර්ධන 2/26, ලික්ශාන් සසංග 2/26.

කළුතර නගර සමාජයට ලකුණු 79ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)


එස්. එස්. සී සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 170/8 (50): අසිත වන්නිනායක 25, කවීන් බණ්ඩාර 24*, කේෂාන් වන්නිආරච්චි 24, චමිඳු වික්‍රමසිංහ 2/11, කවිඳු නදීශාන් 2/37.
  • එස්. එස්. සී – 173/3 (37.2): නිපුන් ධනංජය 77, සම්මු අශාන් 72*.

එස්. එස්. සී කණ්ඩායමට කඩුලු 7ක ජයක්.


ටැමිල් යූනියන් සහ ගාලු ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

  • ගාලු ක්‍රිකට් සමාජය – 160 (47.4): විනුර දුල්සර 50, රවිෂ්ක විජේසිරි 33, දේශාන් ප්‍රනාන්දු 2/16, මිරංග වික්‍රමගේ 2/28, කවිඳු පතිරත්න 2/31, සචිඳු කොළඹගේ 2/31.
  • ටැමිල් යූනියන් – 165/6 (12): නවෝද් පරණවිතාන 55, කමේෂ් නිර්මාල් 37, රවිඳු ප්‍රනාන්දු 33*, තනුල චමෝද් 2/21, කුශාන් මධූශ 2/23.

ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


බ්ලූම්ෆීල්ඩ් සහ සී. සී. සී (D කාණ්ඩය)

  • බ්ලූම්ෆීල්ඩ් – 97 (41.1): විනුජ රන්පුල් 35, අම්ෂි ද සිල්වා 5/12, පවන් රත්නායක 2/10, වනිඳු හසරංග 2/17.
  • සී. සී. සී – 98/2 (13.1): මලිඳු මදුරංග 55, සොනාල්  දිනූෂ 27*.

සී. සී. සී කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම Subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<