ඉන්දීය Legends කණ්ඩායමේ තවත් අයෙක්ට කොරෝනා ආසාදනය වෙයි

318

නිමා වූ Road Safety ක්‍රිකට් තරගාවලියේ ඉන්දියානු Legends කණ්ඩායම නියෝජනය කෙරූ තුන් ඉරියව් ක්‍රීඩක Yusuf Pathan හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

තරගාවලිය අවසන් වී නැවතත් Raipur වෙත පැමිණීමෙන් පසුව සිදු කරන ලද කොරෝනා පරික්ෂාවක දී මේ බව තහවුරු වී ඇති අතර ඒ පිළිබඳව තහවුරු කරමින් Pathan ප්‍රකාශ කර සිටියේ තමන් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ බවත්, මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

“එලෙස තහවුරු වීමෙන් පසුව මම අවශ්‍ය සියල්ල සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් නිවස තුළ ස්වයං නිරෝධායනයට යොමු වුනා. මම පසුගිය දිනවල මා සමඟ සම්බන්ධ වූ සියල්ලෙන් ඉල්ලා සිටිනවා එම අවශ්‍ය කොරෝනා පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙස” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

Road Safety තරගාවලිය නියෝජනය කල ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වයිරසය ආසාදනය වූ දෙවැන්නා මොහු වෙන අතර මීට දින කිහිපයකට පෙර එම කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි පිතිකරු Sachin Tendulkar හට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<