ලෝක කුසලානය ජය ගන්නට ක්‍රීඩකයෝ ඩුබායි යති

183

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ලාහෝරයේ දී මේ මස 08 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (4) ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්විය.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට…

ශ්‍රී ලංකාව තුල දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වෙන අතර ඒ සඳහා දිවයින පුරාම ආවරණය වන පරිදි කණ්ඩායම් 14ක් සහභාගී වේ. එම තරගාවලිය ඩිල්මාහ් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පසුගිය දා පැවැත්වූ අතර එහි දී ක්‍රීඩකයින් දැක්වූ දස්කම් පදනම් කරගෙන මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

මෙම සංචිතයේ සිටින ක්‍රීඩකයින් සියලුම දෙනාම තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයින්. ඒක ලොකු විශේෂත්වයක්. මෙතන සිටින ක්‍රීඩකයින් අතුරෙන් 6 දෙනෙක් යුද හමුදාවේ සේවය කරන අතර උපාධිධාරී ගුරුවරුන් මෙන්ම පුද්ගලික අංශයේ සේවය කරන ක්‍රීඩකයින් ද මේ අතර ඉන්නවා. එමෙන්ම අපට පූර්ණ කාලීන අනුග්‍රාහකත්වයක් නැතිව මෙම කටයුතු කරන්න තරමක් අපහසුයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගන්න කියලා.”

එක් කණ්ඩායමකට පන්දුවාර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 06 වැනිදා ඩුබායි බලා පිටත්ව යනු ඇත. ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් වෙනුවෙන් එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවය ද සපයනු ලබයි.

ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් වෙනුවෙන් එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) වැනි පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිට ලැබුණා, ඒ පිළිබදව මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට  මෙන්ම ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් හට ස්තුතිය පුද කර සිටිනවා.”

දේශීය තරගාවලියට එක්වන විදෙස් ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් මෙවර විදෙස් ක්‍රීඩකයින් 11 දෙනෙක් එක්වන අතර ඒ අතරට එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම…

එක්දින ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකා කණ්ඩායම දැනට 3 වන ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවට හා පකිස්තානයට පමණක් පසුපසින් සිටිමිනි.

“අපිට හොඳ දක්ෂතා සපිරි කණ්ඩායමක් ලැබිලා තියනවා. එසේම අපි හොඳ මානසිකත්වයකින් පසුවෙනවා. රට වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රීඩා කරලා මේ ලෝක කුසලානය අපේ මව්බිමට රැගෙන ඒමට කළ හැකි සියලුම දේවල් අපි කරනවා.” යැයි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් නායක චන්දන දේශප්‍රිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන ලක්ෂාන් දේවප්‍රිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“පසුගිය ඉන්දීය සංචාරයේ දී ශතක 5ක ලෝක වාර්තාවක් තබමින් දස්කම් අතරට පිවිසුණු සුරංග සම්පත් ඇතුළු අත්දැකීම් බහුල හා දක්ෂ ක්‍රීඩකයින් රැසක් අපට ඉන්නවා. ඒ වගේම ඔහු එම තරගාවලියේ වීරයා බවට ද පත්වුනා. පසුගිය මාස කිහිපය පුරාවට අපි අපේ පුහුණුවීම් හොඳින්ම සිදු කලා. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙවර ලෝක කුසලානය අපිට දිනන්න පුළුවන් කියලා.”

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙක්ම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක්ම සහභාගී වී සිටියේය.

මාධ්‍ය සාකච්ඡාව අවසානයේ මතිවානන් මහතා විසින් තරග සංචාරය සඳහා අදාළ ගුවන් ටිකට්පත් කණ්ඩායම් නායක චන්දන හට ලබා දුන් අතර ක්‍රීඩකයින්ගේ නිල ජර්සිය MAS ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මූලික වටයේ තරග කාලසටහන

  • ජනවාරි 9 ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව
  • ජනවාරි 12 බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 13 ඉන්දියාව හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 15 නේපාලය හා ශ්‍රී ලංකාව

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා උදෑසන (6) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<