අනුක් සහ මානෙත් තෝමසුවෝ ගලවා ගනී

97

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (29) නිමා වූ තරගයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 94ක පහසු ජයග්‍රහණයක් අත් කර ගත්හ.

වෙල්ලාලගේ සහ ඩැනියෙල් අර්ධ ශතකවලින් නවතී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට්….

ඒ අනුව ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 162ක් ලබා ගත්හ. ඊය පිළිතුරු ලෙසින් සංචාරක ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 68ක් පමණි.

Photos: S.Thomas’ College vs Kalutara Vidyalaya | U17 Cricket Tournament 2019 | Pre – Quarter Final

කළුතර විද්‍යාලයිය ඉනිම විනාශ කිරීමේ දී අනුක් පලිහවඩන සහ මානෙත් පෙරේරා කඩුලු 4 බැගින් දවා ගත්හ.

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 162 (50): අනුක පළිහවඩන 26, අත්නාත් ජලීල් 25, ඉසුරු මධුවන්ත 22, ප්‍රමුත් චානුක 2/09, සන්දීප ප්‍රනාන්දු 2/17.ශෙවින් අනුක් 2/19, පවන් ගුණතිලක 2/32

කළුතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 68 (32): නිශාන් ප්‍රනාන්දු 28, අනුක් පලිහවඩන 4/09, මානෙත් පෙරේරා 4/11 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<