එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නාට සැත්කමක්

255

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම ප්‍රධානතම වේගපන්දු යවන්නෙකු වන Jofra Archerගේ අතෙහි සැත්කමක් සිදු කිරීමට සිදු වන බව එංගලන්ත ක්‍රිකට් වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇත.

එංගලන්ත කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය අතරතුර දී වැළමිටෙහි සිදු වූ ආබාධයක් නිසාවෙන් Archer හට එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ නමුත් මෙම සැත්කම සිදු කරන්නේ එම ආබාධය සඳහා නොවන බව එංගලන්තය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා.

ඉන්දියානු සංචාරයට පෙර Archer සිය නිවසේ පිරිසිදු කිරීම් කටයුතු කරමින් සිටිය දී ඔහුගේ අත කැපීමකට ලක්වූ බවත්, එම තුවාලය එංගලන්ත ක්‍රිකට් වෛද්‍ය බලධාරීන් විසින් පාලනය කිරීම නිසාවෙන් ඔහුට තරගාවලියට සහභාගී වීම පිළිබඳව ගැටලුවක් ඇති නොවූ බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එම නිසාවෙන් වැළමිටේ ආබාධය සුව වීමට ගත කරන කාලය තුල දී මෙම සැත්කම සිදු කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

“Archer නැවතත් එක්සත් රාජධානිය වෙත පැමිණීමෙන් පසුව වෛද්‍යවරුන් සහ අදාළ බලධාරීන් ඔහුගේ තුවාලය නිරීක්ෂණය කර අවසන් තීරණයකට පැමිණියා, එය දිගුකාලීනව නොයා පාලනය කිරීමට හොඳම ක්‍රමය ශල්‍යකර්මයක් සිදු කිරීම” බව යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Chris Silverwood ප්‍රකාශ කර සිටියේ එංගලන්ත ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම් විසින් Archer හට මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට හැකි ද, නොහැකි ද යන තීරණය ගැනීමට නියමිත නමුත් ශල්‍යකර්මයක් යනු වේගපන්දු යවන්නෙක්ට වඩාත් සංකීර්ණ දෙයක් බවයි.

එම නිසාවෙන් Archer හට මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමස්ත අදියරම මගහැරී යාමට බොහෝ ඉඩකඩක් ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<