කොදෙව්වන්ට දැවැන්ත ජයක්!

Sri Lanka Tour Of West Indies 2026

3

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වුනා. 

මෙම තරගයේ පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකාව විසින් ලකුණු 308ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් විසින් කඩුලු 09ක් දැවෙමින් ලකුණු 626ක් ලබා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කොදෙව්වන් විසින් ලකුණු 318ක් පෙරමුණේ හිඳීමට සමත් වූ වටපිටාවක ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් වුනා. 

ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් දෙදෙනෙකු හැරුණු කොට වෙනත් එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 ඉක්මවා යාමට හෝ සමත් වුනේ නැහැ. 

මෙහි දී දිනේශ් චන්දිමාල් විසින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූ අතර, සොනාල් දිනූශ විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ මූලිකත්වය ලබා ගත් Kemar Roach විසින් කඩුලු 4ක් බිඳ දමද්දී, Jayden Seales හට කඩුලු 3ක් අයිති වුනා. 

මේ අනුව තරගයෙන් කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 217ක ජයක් හිමි වූ අතර, තරගයේ වීරයා ලෙස ද්විත්ව ශතක ලාභි Amir Jangoo සම්මාන දිනා ගැනීමට සමත් වුනා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා (03) ආරම්භ වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ  සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<