Home Sinhala පළමු කඩුලු 3 බිඳ වැටුණු පසු බංග්ලාදේශය නැවතත් හිස ඔසවයි

පළමු කඩුලු 3 බිඳ වැටුණු පසු බංග්ලාදේශය නැවතත් හිස ඔසවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

1809
Getty Images

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (17) Chattogram ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 79ක් පසුපසින් සිටිමින්.

පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දෙවැනි අර්ධය තුල ලකුණු 63කට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් වුනු අතර විශ්ව ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස මේ තරගය ක්‍රීඩා කරන කසුන් රාජිත දැවී ගිය කඩුලු 3න් කඩුලු 2ක් දවා ගැනීම කැපී පෙනුණා.

රාජිත සහ අසිත දවා ගත් කඩුලු 3 හැරෙන්නට අද දිනය තුල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශ කඩුලු දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දිනය ආරම්භ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටියා. එහි දී Mahmudul Hasan Joy සහ Tamim Iqbal පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක ස්ථාවර ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා.

බංග්ලාදේශ ටෙස්ට් පිතිකරුවන් දෙදෙනෙක් පළමු කඩුල්ල වෙනුවෙන් Chattogram ක්‍රීඩාංගණයේ මේ දක්වා ගොඩනංවා තිබෙන දෙවැනි හොඳම සබඳතාවය එයයි. එසේම ටෙස්ට් ඉනිම් 60කට සහ වසර 5කට පසුව ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ශතක සබඳතාවයක් ගොඩනැංවූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතර සටහන් වුනා.

21 හැවිරිදි Mahmudulව ලකුණු 51ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට අවස්ථාවක් තිබූ නමුත් අසිත ප්‍රනාන්දු යොමු කළ එම පන්දුව හමුවේ Fine Leg කලාපයේ පන්දු රකිමින් සිටි ලසිත් ඇඹුල්දෙණිය හට එය රැකගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් Mahmudul හට දිවා ආහාරයට පසුව මුහුණ දුන් පළමු පන්දු 7 තුල එකඳු හෝ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඔහු මුහුණ දුන් 8 වැනි පන්දුවෙන් Mahmudulගේ කඩුල්ල දවා ගැනීමට අසිත සමත් වුනා.

ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු ආරම්භ කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 162 සබඳතාවයට Mahmudul 4 පහර 9ක් සමඟ ලකුණු 58ක් එක්කාසු කළා.

Mahmudulගේ දැවී යාමට පසුව පිටියට පැමිණි වමත් පිතිකරු Najmul Hossain Shantoගේ කඩුල්ල දවා ගැනීමට රාජිත සමත් වුනා.

රාජිත තමන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ලකුණු 3ක් ලබාගෙන සිටි Shantoගේ කඩුල්ල දවා ගත් අතර ඉන් පන්දුවාර 7ක් තුල බංග්ලාදේශ නායක Mominul Haqueගේ කඩුල්ල ද ලකුණු 2කට දවා ගැනීමට රාජිත සමත් වුනා.

දකුණතින් වේගපන්දු යවන රාජිත පිතිකරු තුලට දෝලනය වන පරිදි යොමු කළ එම සුපිරි පන්දුව වමත් පිතිකරු Mominulගේ පිත්ත සහ පාදය අතර හිදැසින් ගොස් කෙළින්ම කඩුල්ලේ වැදුණා.

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිට මේ දක්වා තවදුරටත් සිය කඩුල්ල රැකගනිමින් පන්දුවට පහර දෙමින් සිටි Tamim සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි ශතකය වාර්තා කරගෙන නොදැවී ලකුණු 133*ක් (retired hurt) ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 15කින් වර්ණවත් වී තිබෙන අතර ඔහුගේ වසර 14ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් පළමු ශතකය මෙයයි. තවද පළමු ඉනිමක් තුල ඔහු දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙයයි.

තේ පානයට මිනිත්තු කිහිහිපයක් ඉතිරිව තිබිය දී Tamimගේ පාදයේ මස් පිඩු ඇදීයාමක් සිදු වුනු අතර තේ පානයෙන් අනතුරුව ඔහු නැවතත් පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනේ නැහැ. ඒ නිසාවෙන් තේ පානයට පසුව කඩුලු රකින පිතිකරු Litton Das පිටියට අවතීර්ණ වුනු අතර Mushfiqur Rahim සමඟ එක්වුණු Litton සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 98*ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

එහි දී Mushfiqur සහ Litton දෙදෙනාම පිළිවෙළින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වැනි සහ 12 වැනි අර්ධ ශතක ලබා ගත්තා. Litton ලකුණු 33ක් ලබාගෙන සිටිය දී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ Short Leg කලාපයේ සිටි ඕෂද ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය ඔහුට රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට බංග්ලාදේශය තරගයේ වැඩි ගෞරවය දිනාගෙන තිබෙන අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Mushfiqur (4 පහර 2) සහ Litton (4 පහර 8) පිළිවෙළින් ලකුණු 53*ක් සහ ලකුණු 54*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු සියල්ලම බංග්ලාදේශ දඟපන්දු යවන්නන් විසින් දවා ගැනීමට සමත් වුනු නමුත් බංග්ලාදේශ ඉනිමේ මේ දක්වා බිඳ වැටී තිබෙන කඩුලු 3ම දවා ගත්තේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින්.

එසේම ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ (DRS) අවස්ථාවන් 3න් 2ක් අහිමිව ගිය අතර බංග්ලාදේශය සතුව එම අවස්ථාවන් 3ම ඉතිරිව තිබෙනවා.

ඊයේ (16) ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ දී, වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam යොමු කළ පන්දුවක් විශ්ව ප්‍රනාන්දුගේ හිස් ආවරණයේ පසුපස පෙදෙසේ වැදීම නිසා ඔහු අද උදෑසන පන්දු රැකීම/පන්දු යැවීම සඳහා පිටියට අවතීර්ණ වුනේ නැහැ.

දැනගන්නට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව විශ්වගේ තත්වය නිරීක්ෂණය කිරීම සහ ඔහුට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කිරීම සඳහා ඔහුව රෝහල් ගත කර තිබෙන අතර ඒ නිසාවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය ද අහිමිව යනවා. ඒ අනුවයි ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස (concussion substitutes) දකුණතින් වේගපන්දු යවන රාජිත මේ තරගයට ක්‍රීඩා කරන්නේ.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතවලියේ තරග දෙකක් ඇතුළත් මේ තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය හෙට (18) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ රැඳී සිටින්න.


Result

Match drawn

Sri Lanka
397/10 (153) & 260/6 (90.1)

Bangladesh
465/10 (170.1)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Liton Das b Nayeem Hasan 36 76 3 1 47.37
Dimuth Karunaratne lbw b Nayeem Hasan 9 17 0 0 52.94
Kusal Mendis c Nayeem Hasan b Taijul Islam 54 131 3 0 41.22
Angelo Mathews c Shakib Al Hasan (vc) b Nayeem Hasan 199 397 19 1 50.13
Dhananjaya de Silva c Mahmudul Hasan Joy  b Shakib Al Hasan (vc) 6 27 0 0 22.22
Dinesh Chandimal lbw b Nayeem Hasan 66 148 2 3 44.59
Niroshan Dickwella b Nayeem Hasan 3 3 0 0 100.00
Ramesh Mendis b Shakib Al Hasan (vc) 1 8 0 0 12.50
Lasith Embuldeniya lbw b Shakib Al Hasan (vc) 0 1 0 0 0.00
Vishwa Fernando not out 17 84 3 0 20.24
Asitha Fernando  b Nayeem Hasan 1 27 0 0 3.70


Extras 5 (b 4 , lb 0 , nb 1, w 0, pen 0)
Total 397/10 (153 Overs, RR: 2.59)
Fall of Wickets 1-23 (7.5) Dimuth Karunaratne, 2-66 (21.2) Oshada Fernando, 3-158 (56.1) Kusal Mendis, 4-183 (65.2) Dhananjaya de Silva, 5-319 (113.1) Dinesh Chandimal, 6-323 (113.5) Niroshan Dickwella, 7-328 (116.2) Ramesh Mendis, 8-328 (116.3) Lasith Embuldeniya, 9-390 (148.5) Asitha Fernando , 10-397 (152.6) Angelo Mathews,

Bowling O M R W Econ
Shoriful Islam 20 3 55 0 2.75
Taskin Ahmed 16 1 66 0 4.12
Nayeem Hasan 30 4 105 6 3.50
Taijul Islam 48 12 107 1 2.23
Shakib Al Hasan (vc) 39 12 60 3 1.54
Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  c Niroshan Dickwella b Asitha Fernando  58 142 9 0 40.85
Tamim Iqbal b Kasun Rajitha 133 218 15 0 61.01
Najmul Hossain Shanto c Niroshan Dickwella b Kasun Rajitha 1 22 0 0 4.55
Mominul Haque b Kasun Rajitha 2 19 0 0 10.53
Mushfiqur Rahim b Lasith Embuldeniya 105 282 4 0 37.23
Liton Das c Niroshan Dickwella b Kasun Rajitha 88 189 10 0 46.56
Shakib Al Hasan (vc) c Niroshan Dickwella b Asitha Fernando  26 44 3 0 59.09
Nayeem Hasan c Kusal Mendis b Dhananjaya de Silva 9 53 0 0 16.98
Taijul Islam c Chamika Karunaratne b Asitha Fernando  20 45 3 0 44.44
Shoriful Islam retired 3 11 0 0 27.27
Khaled Ahmed not out 0 4 0 0 0.00


Extras 20 (b 4 , lb 8 , nb 8, w 0, pen 0)
Total 465/10 (170.1 Overs, RR: 2.73)
Fall of Wickets 1-162 (48.5) Mahmudul Hasan Joy , 2-172 (54.4) Najmul Hossain Shanto, 3-184 (60.5) Mominul Haque, 4-385 (134.1) Liton Das, 5-385 (134.2) Tamim Iqbal, 6-421 (146.1) Shakib Al Hasan (vc), 7-439 (157.1) Mushfiqur Rahim, 8-450 (163.6) Nayeem Hasan, 9-465 (169.2) Taijul Islam, 10-465 (170.1) Shoriful Islam,

Bowling O M R W Econ
Vishwa Fernando 8 0 42 0 5.25
Asitha Fernando  26 4 72 3 2.77
Ramesh Mendis 45 10 119 0 2.64
Lasith Embuldeniya 47 9 104 1 2.21
Dhananjaya de Silva 19 2 48 1 2.53
Kasun Rajitha 24.1 6 60 4 2.49
Kusal Mendis 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando run out (Taijul Islam) 19 36 3 0 52.78
Dimuth Karunaratne c Mominul Haque b Taijul Islam 52 138 2 0 37.68
Lasith Embuldeniya b Taijul Islam 2 22 0 0 9.09
Kusal Mendis b Taijul Islam 48 43 8 1 111.63
Angelo Mathews c & b Taijul Islam 0 15 0 0 0.00
Dhananjaya de Silva c Mushfiqur Rahim b Shakib Al Hasan (vc) 33 60 3 1 55.00
Dinesh Chandimal not out 39 135 4 1 28.89
Niroshan Dickwella not out 61 96 0 0 63.54


Extras 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0)
Total 260/6 (90.1 Overs, RR: 2.88)
Fall of Wickets 1-36 (11.5) Oshada Fernando, 2-39 (17.1) Lasith Embuldeniya, 3-106 (31.2) Kusal Mendis, 4-110 (35.6) Angelo Mathews, 5-143 (47.1) Dimuth Karunaratne, 6-161 (56.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Nayeem Hasan 23 5 79 0 3.43
Khaled Ahmed 7 2 37 0 5.29
Shakib Al Hasan (vc) 25 5 58 1 2.32
Taijul Islam 34 9 82 4 2.41
Najmul Hossain Shanto 1 0 2 0 2.00
Mehidy Hasan Miraz 0.1 0 0 0 0.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<