Home Sinhala ශ්‍රී ලංකාව ICC සුපර් ලීගයේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකාව ICC සුපර් ලීගයේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

232

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (28) ඩකා හිදී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 97ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

නායක කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා පිතිකරණයෙන් දැක්වූ දස්කම් සහ දුශ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ICC සුපර් ලීගයේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අද හැකියාව ලැබුණා.

2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය බංග්ලාදේශය සතු වුනත්, ශ්‍රී ලංකාව සිය ගෞරවය බේරාගනිමින් ජයග්‍රාහී ලෙස තරගාවලිය අවසන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සඳහා ද නව ආරම්භයක් ද ලබා දෙමිනි.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදු කරමින් පිටියට අවතීර්ණ වූ අතර ඒ අනුව ඉසුරු උදාන, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන් සහ අශේන් බණ්ඩාර වෙනුවට නිරෝෂන් දික්වැල්ල, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

ඒ අනුව බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් තිදෙනාම අද පැවති තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තා.

ඊට අමතරව Mohammad Naim සහ Taskin Ahmed බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පැමිණ තිබුණේ Liton Das සහ Saifuddin වෙනුවටයි. Naim ක්‍රීඩා කරනු ලබන පළමු එක්දින තරගය මෙයයි.

තෙවන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Kusal Perera (capt), Danushka Gunathilaka, Pathum Nissanka, Kusal Mendis, Niroshan Dickwella (wk), Dhanajaya Da Silva, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne, Binura Fernando, Dushmantha Chameera

බංග්ලාදේශය – Tamim Iqbal (capt), Mohammad Naim, Shakib Al Hasan, Mushfiqur Rahim (wk), Mahmudullah, Mosaddek Hossain, Afif Hossain, Mehidy Hasan Miraz, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman.

පළමු තරග දෙකේ දී ම කාසියේ වාසිය සත්කාරක බංග්ලාදේශ නායකයා සතු වුනත් මෙවර එය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා සමත් වුනා.

එම වාසිය ද සමඟින් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පළමු කඩුල්ල සඳහා ලකුණු 82ක සබඳතාවයක් ගොඩනංවමින් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැංවූ හොඳම සබඳතාවය වාර්තා කිරීමට සමත් වුනා.

කුසල් පෙරේරා නායකත්වයේ වගකීම හොඳින් තේරුම් ගනිමින් නොබියව පන්දුවට පහර දෙමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළා. කුසල් පෙරේරා නවක ක්‍රීඩකයින්ට මෙන්ම කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ට හොඳ ආදර්ශයක් වෙමින් සිය පිති ප්‍රහාරය දියත් කළ අතර එය අවසන් වුනේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 6 වැනි එක්දින ශතකය වාර්තා කරමිනි.

පන්දු 122ක දී වාර්තා වුනු පෙරේරාගේ මේ ඉනිම සඳහා 4 පහර 11ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර ඔහු පන්දුවාර 39කුත් පන්දු 2ක් පුරාවට සිය අන්තය රැකගනිමින් කඩුල්ල ආරක්ෂා කරගත්තා.

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා මැදපෙළ සඳහා යම් ජවයක් ලැබුණු අතර උපනායක කුසල් මෙන්ඩිස් සහ නායක පෙරේරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවයක් ගොඩනංවන විට, ධනංජය ද සිල්වා සමඟින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැංවීමට පෙරේරා සමත් වුනා. 

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තේ මේ තරගාවලියේ දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමිනි.

ඉනිමේ අවසානය සවිමත් කළ ධනංජය ද සිල්වා සිය එක්දින ක්‍රිකට් දිවියේ 6 වැනි අර්ධ ශතකය ලබා ගත් අතර පන්දු 75ක දී වාර්තා වුනු ඔහුගේ නොදැවුණු ලකුණු 55 ඉනිම සඳහා 4 පහර 4ක් ඇතුළත් වුනා. වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 18ක් සහ ලකුණු 22ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කළා.

Taskin Ahmed බංග්ලාදේශය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම මේ තරගයේ දී ද දුර්වල මට්ටමක තිබුණු අතර කුසල් පෙරේරාගේ උඩ පන්දු 3ක් බංග්ලාදේශ පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

මන්දගාමී මේ තණතීරුව මත ලකුණු 287ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ගේ පළමු කඩුලු 3ම ඉක්මනින්ම දවා ගැනීමට දුශ්මන්ත චමීර සමත් වුනා. තරගාවලිය පුරාවටම ඔහු බංග්ලාදේශ පළමු කඩුලු කිහිපයක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට සවියක් වුනු අතර ඔහුගේ පන්දු යැවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා

නවක ක්‍රීඩක Mohammad Naim, Shakib Al Hasan සහ නායක Tamim Iqbal යන ප්‍රබල කඩුලු 3ම චමීර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ගොදුරු තුන වුනු අතර තරගාවලිය පුරාවටම හිසරදයක් වෙමින් ශ්‍රී ලංකාවට අභියෝගයක් වුනු Mushfiqur Rahimගේ කඩුල්ල ලකුණු 28කට සීමා කර ගැනීමට අද එක්දින වරම් දිනා ගත් රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

28/3ක් ලෙස සටහන් වුනු බංග්ලාදේශ ලකුණු සටහන සවිමත් කළ Mosaddek Hossain සහ Mahmudullah අර්ධ ශතක ලබා ගත් අතර එම ඉනිම් දෙක හැරෙන්නට එකඳු බංග්ලාදේශ පිතිකරුවෙක්ට හෝ සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.  

ඒ සඳහා ඔවුන් මුල සිටම ඉතාමත් හොඳ සැලැස්මකට අනුව පන්දු රකින්නන් ස්ථානගත කර තිබුණු අතර තරගාවලිය පරාජයට පත්ව තිබුණ ද පන්දු රැකීමේ දී ඔවුන්ගේ ශරීර භාෂාව ඉතාමත් ඉහළ රිද්මයක තිබුණා.

ලකුණු 53ක් ලබා ගත් Mahmudullahගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහරක් ඇතුළත් වුනු අතර ලකුණු 51ක් ලබා ගත් Mosaddek Hossainගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. ශ්‍රී ලංකා පිතිකරුවන් මේ තරගයේ දී 4 පහර 21ක් සහ 6 පහර 4ක් එල්ල කළ නමුත් බංග්ලාදේශය එල්ල කළේ 4 පහර 7ක් සහ 6 පහර 3ක් පමණයි.

සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම ප්‍රදර්ශනය කළ චමීර සිය පන්දුවාර 9 තුල එක් නිලකුණු පන්දුවාරයක් ද ක්‍රියාත්මක කරමින් ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා.

අද ලබා ගත් ජයග්‍රහණයට අනුව ශ්‍රී ලංකාව, ICC ලෝක කුසලාන සුපර් ලීගයේ (World Cup Super League 2020-2022/23) පළමු වරට ලකුණු 10ක් දිනා ගන්නට හැකියාව ලැබුනත්, එහි ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ  12 වැනි ස්ථානයේයි.

මේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සහ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීම (Review) ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා.

  • තරගයේ වීරයා – දුශ්මන්ත චමීර (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වීරයා – Mushfiqur Rahim (බංග්ලාදේශය)

සියලු උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once