පැරා ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටේ

62

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට ඉතිරිව තිබූ අවසන් පැරා මලල ක්‍රීඩා තරගාවලිය වූ “Tunis Grand Prix” තරගාවලිය ද දින නියමයකින් තොරව කල්දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

පැරා ශූරයින්ගේ ලෝක ශූරතා සිහින වසරක් පස්සට

ලබන වසරේ (2021) ජපානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ….

මෙම වසරේ දී නිකුත් වූ තරගාවලි කාලසටහනට අනුව සංවිධානය කිරීමට නියමිතව තිබූ තරගාවලිය ජුනි මස 26 සිට 28 දක්වා ටියුනීසියාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් “World Para Athletics” සංගමය ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ සියලූම පාර්ශවයින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් මෙම තීරණ ගැනීමට සිදු වන බවයි.

එමෙන්ම මෙම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලෝක පැරා මලල ක්‍රීඩා උපදේශක කණ්ඩායම පවසා සිටියේ මෙම අවස්ථාවේ දී සියල්ලටම වඩා ප්‍රමුඛත්වයක් දිය යුත්තේ මෙම වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳව බවයි.

“තවත් තරගාවලියක් කල්දැමීම ඉතා කනගාටුවට කරුණක්, නමුත් මේ වෙලාවේ මෙම වසංගතයෙන් ආරක්ෂාවීමටයි සියල්ලන් ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ. මෙම තත්වය යහපත් වූ වහාම අප නැවතත් ක්‍රීඩාවට යොමු වීමට බලාපොරොත්තුවෙන් පසුවනවා. එතෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියහ.

ඒ අනුව මෙම වසර තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ පැරා තරගාවලි හයක් අවලංගු කිරීමටත් තවත් තරගාවලි හතරක් දින නියමයක් තොරව කල් දැමීමටත් සංවිධායකයින් තීරණය කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<