එංගලන්තයට යන අවසන් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය 2021

266

එංගලන්තය සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (08) නම් කෙරුණා. සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණා.

ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් එම සංචිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සංචිතය එළඹෙන ජුනි 09 වැනිදා එනම් හෙට උදෑසන එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ සංචිතය මෙසේයි:

කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝශන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ශාන්, ඉශාන් ජයරත්න, දුශ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල විශේෂ නිවේදනය ඇසුරිනි 

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයන් සහභාගී නොවන අතර නම් කර ඇති එකම ජේෂ්ඨ ක්‍රීඩකයා වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න 

ICC Player of the Month සඳහා ශ්‍රී ලංකා යොෟවනයෙක්!

2021 T20 ලෝක කුසලානයේ සත්කාරක සටනට ශ්‍රී ලංකාවත්

ඉරී ගිය සපත්තු මැලියම් ගා අලවන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින්

ගැටුමට විරාමයක්! සංචාරක කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින්ගේ එකඟතාව!

ශ්‍රී‌ ‌ලංකා‌ ‌දඟපන්දු‌ ‌යවන්නන්ගේ‌ ‌වගකීම‌ ‌හිටපු‌ ‌පුහුණුකරුට‌ ‌

නුවන් ප්‍රදීප් පසුගිය බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගී නොවූ අතර එංගලන්තය තුල ඔහු දක්වා ඇති කැපීපෙනෙන දස්කම් මෙම තරගාවලිය සඳහා ඔහුව ඇතුළත් කිරීමට මූලික හේතුව වී තිබෙනවා. නුවන් ප්‍රදීප් එංගලන්තය සමඟින් පැවති තරග වලදී කඩුලු 16 ක් ලබාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත රටකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස එය සටහන් වනවා.

මෙවර සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් වන චරිත් අසලංක, ධනංජය ලක්ශාන්,ඉශාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු ද එක්ව සිටිනවා. චරිත් අසලංක පසුගිය කාලය තුල දේශීය තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ අතර ධනංජය ලක්ශාන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල ප්‍රබල දස්කම් දැක්වීමට සමත්වුනා. 

ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තුල ඉහල දක්ශතා දැක්වීමට සමත්වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය සඳහා ක්‍රීඩකයන් රැසක් එක්ව සිටිනවා. ඒ නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු සහ සෙසු ක්‍රීඩකයන් කීපදෙනෙක්.

එංගලන්ත තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබුණා. කෙසේවෙතත් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර තරගාවලිය සඳහා සහභාගී වීමට එකඟවීමත් සමඟින් තරගාවලිය සැලසුම් කල පරිදි පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

මෙම තරගාවලිය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපර් ලීග් තරගාවලියට අදාලව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව එහි ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථානයේ රැදීසිටින්නේ තරග 6 කට ක්‍රීඩා කර ලකුණු 8 ක් පමණක් ලබාගනිමින්.

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. තරගාවලිය ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එංගලන්ත තරග කාලසටහන 

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 24 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • තුන්වන විස්සයි විස්ස තරගය – ජුනි 26 වැනිදා Southampton හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7)
  • පළමු එක්දින තරගය – ජුනි 29 වැනිදා Durham හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)
  • දෙවැනි එක්දින තරගය – ජූලි 01 වැනිදා London හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30)
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 04 වැනිදා Bristol හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<