හොංකොං යන ශ්‍රී ලංකා නැගීඑන කාන්තා සංචිතය නම් කරයි

Women's Emerging Teams Asia Cup 2023

425
Women's Emerging Teams Asia Cup 2023

හොංකොං හිදි පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන නැගීඑන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් නම් කළ ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත කාන්තා ‘A’ කණ්ඩායමේ නායකත්වය සත්‍යා සංදීපනී වෙත හිමි වී ඇති අතර උපනායිකාව ලෙස මල්ෂා ශෙහානි කටයුතු කිරීමට නියමිතයි.

මෙම සංචිතය සඳහා ගරු ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොශාන් රණසිංහ මහතා විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) දිනයේ තරගාවලියට සහභාගී වීම සඳහා හොංකොං බලා පිටත් ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

සත්‍යා සංදීපනී (නායිකා), මල්ෂා ශෙහානි (උප නායිකා), විශ්මි ගුණරත්න, උමේෂා තිමාශිනි, ඉමේෂා දුලනි, පියුමි වත්සලා, සචිනි නිසංසලා, කෞශිනී නුත්‍යාංගනා, තාරිකා සෙව්වන්දි, නිමේෂා මධුශානි, නිලක්ෂණා සඳමිණී, මධුශිකා මෙත්තානන්ද, රශ්මි සිල්වා, දෙව්මි විහංගා

රටවල් 8ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මෙම මස 12 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය සහ මැලේසියාව සමඟ තරග වැදීමට නියමිතයි.

එමෙන්ම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<