කෑගලු රන් සටනේ දී සාන්ත මරියා විද්‍යාලයට ඉනිමක ජයක්

1371
Kegalu Vidyalaya Vs St. Mary's

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (29) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ සාන්ත මරියා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 128ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

කෑගලු රන් සටනේ කුමාරවරු අර්ධ ශතක ලබා ගනිති

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට…

පළමු දිනයේ තරගයේ වැඩි කාලයක් අයහපත් කාලගුණ තත්ත්වය මත විනාශ වී ගිය ද දෙවැනි දිනයේ දී තරගය පැවැත්වීය යුතු කාලයෙන් තවත් පැය 3ක පමණ කාලයක් කාලගුණ තත්ත්වයන්ට ඇති පදමට ඉතිරි කර දීමට සාන්ත මරියා ක්‍රීඩකයෝ කටයුතු කළහ.  

අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත මරියා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබා සිටියේ ය. එතැන් සිට අද දිනට ආරම්භ වූ තරගයේ දී සාන්ත මරියා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 210ක් දක්වා ඉහළ දමා ගනිමින් එම ලකුණු ප්‍රමාණයෙන් සෑහීමකට පත්ව ඉනිම අත්හිටවූහ.

අද දිනය ආරම්භයේ දී සාන්ත මරියා විද්‍යාලයේ කඩුලු 4ක් දැවී ගියේ ලකුණු 21ක් ලකුණු පුවරුවට එක් වීමේ දී ය. මේ සඳහා කෑගලු විද්‍යාලයීය පන්දු යවන්නන්ට වැය වූයේ පන්දු 16ක් පමණක් වීම කැපී පෙණුනි.

එම ඉනිමේ අද දවසේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ පෙර දින නොදැවී පිටියේ රැඳී පසන් වලිසිංහ ය. ඔහු ලකුණු 21ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ පසිඳු නිර්මාල් ලකුණු 52කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව සඳරු මිස්සක සහ මධුශාන් ගුණසිංහ කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කෑගලු විද්‍යාලයීය ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොදුන් සාන්ත මරියා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ පළමු ඉනිම ලකුණු 36කට සීමා කිරීමට සමත් වූහ. දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 20ක්ව සිටි කෑගලු විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ ඉතිරි කඩුලු 9 ලකුණු 16ක් තුළ බිඳ දැමීමට සාන්ත මරියා පන්දු යවන්නෝ සමත් වූහ. කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම වෙනුවෙන් වැය කරනු ලැබුවේ පන්දු වාර 18කුත් පන්දු 3ක් පමණි.

එහි දී වමතින් දඟපන්දු යැවූ තිමිර කුමාර සහ සංජය රාජිත කඩුලු 7ක්ම දවා ගැනීමට සමත් වූහ. තිමිර කුමාර ලකුණු 04කට කඩුලු 4ක් දවා ගනිද්දී සංජය රංජිත් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේ ය. එම නාය ගිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පුලස්ති අතපත්තු ය. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12කි.

ලකුණු 174ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසි කෑගලු ක්‍රීඩකයන්ගේ අවාසනාව එතෙකින් අවසන්ව තිබුණේ නැත. ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 46කට සීමා කිරීමට සාන්ත මරියා ක්‍රීඩකයෝ සමත් වූයේ පන්දුවාර 23ක් පමණක් උපයෝගී කර ගනිමිනි.

එම ඉනිම විනාශ කිරීමේ දී නැවත වතාවක් තිමිර කුමාර පෙරමුණ ගත්තේ ය. ඔහු ලකුණු 20කට කඩුලු 6ක් බිඳ දැමුවේය. ඒ අනුව තරගයේ දී ඔහු ලකුණු 24කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. පිතිකරු ඉනිමේ දී ඔහු විසින් ලබා ගත් අර්ධ ශතකයත් ද හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් සේ ම තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබීමට ඔහු සමත් විය.

පෘතුවි, යුගීෂ අර්ධ ශතක රැස්කරයි; කැළණි සටන ජය පරාජයෙන් තොරයි

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වූ “30 වැනි කැළණි මහා සටන” අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමා…

ඔහුට අමතරව තිනෙත් වීරසූරිය ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තේ ය. පන්දුවට පහර දීමේ දී කෑගලු විද්‍යාලය වෙනුවෙන් රුචිර චාමර ලකුණු 18ක් ලබා ගත් අතර සුපුරුදු ලෙසින් අනෙකුත් ක්‍රීඩකයෝ අසාර්ථක කඩුලු පූජා කරන්නෝ ම විය.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් කෑගලු විද්‍යාලයේ මධුශාන් ගුණසිංහ නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන ලැබුවේ සාන්ත මරියා ඉනිමේ අනෙක් අර්ධ ශතකලාභියා වූ සුජිත් කුමාර ය.

සාන්ත මරියා විද්‍යාලය ; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (56.4) සුජිත් කුමාර 50, තිමිර කුමාර 50, සංජය රංජිත් 33, පසන් වලිසිංහ 21, පසිඳු නිර්මාල් 4/52, සඳරු මිස්සක 2/28, මධුශාන් ගුණසිංහ 2/49

කෑගලු විද්‍යාලය ; පළමු ඉනිම සියලුම සියලුම දෙනා දැවී 36 (18.3) පුලස්ති අතපත්තු 12, තිමිර කුමාර 4/04, සංජය රාජිත 3/17

කෑගලු විද්‍යාලය ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 46 (22.4) රුචිර චාමර 18, තිමිර කුමාර 6/20, තිනෙත් වීරසූරිය 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<