ගෙවුනු දවස: නොවැම්බර් 09 – ආසියානු කනිෂ්ඨ රග්බි තරඟාවලියට 39ක්

282

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඡායාරූපයක් ©ThePapare.comසොලිඩටරි කුසලානයේ ශ්‍රී ලංකාව සහ මැකාවූ අතර පැවති තරගයේ ඡායාරූපයක් ©Lagardère Sportsශ්‍රී-ලංකාව-සහ-සිම්බාබ්වේ-අතර-පැවැත්වෙන-දෙවැනි-ටෙස්ට්-තරගයේ-සිව්වැනි-දිනයේ-ඡායාරූපයක්-©AFPශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ප්‍රථම එක්දින තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

පාපන්දු –

ශ්‍රී ලංකාවෙන් ගිලිහුනු අවසන් තරගය

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු සහයෝගිතා කුසලානයේ මංගල තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරඟය ඊයේ (9) මැකාවු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට ආරම්භ වූ අතර ගෝල 1-1ක් ලෙස සමව තරගය නිමාවට පත්විය.

සම්පුර්ණ කාලය: ශ්‍රී ලංකාව 1-1 මැකාවු

ගෝල රැස්කළ ක්‍රීඩකයන්: කවිඳු ඉෂාන් 4′ (ශ්‍රී ලංකාව), W.H.චෝයි 85′ (මැකාවු)

කහ කාඩ්පත්: මොහොමඩ් රිෆ්නාස් 69′ – (ශ්‍රී ලංකාව)

සම්පූර්ණ ලිපිය: අවසන් මොහොතේ ගිලිහුණු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය


රග්බි –

20න් පහල රග්බි කණ්ඩායමට 39ක්

වයස අවුරුදු 20න් පහල ආසියානු කනිෂ්ඨ රග්බි තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් නම් කර ඇත. මෙම තරඟාවලිය දෙසැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සඳහා නම් කෙරුනු සංචිතය පහතින් දැක්වෙන පරිදි වේ

  • වගීෂ වීරසිංහ , අදීශ එෂාන්, කුෂාන් ඉඳුනිල් , ලහිරු විශ්වජිත් , ඉසුරු උදයකුමාර , ගයාන් වික්‍රමරත්න , හරිත් බණ්ඩාර , රනිඳු පද්මශංක (ඉසිපතන විද්‍යාලය )
  • එස්. කවිෂ්ක (කිංග්ස්වුඩ් විද්‍යාලය)
  • උදය සංජුල (වේල්ස් කුමර විද්‍යාලය)
  • නිකිල ගුණධීර, අශෝක් විජේකුමාර් (රාජකීය විද්‍යාලය)
  • නිරෝෂ් පෙරේරා, ජනිත් ලක්සර, තනුජ මධුරංග, සුපුන් දිල්ශාන් (විද්‍යා විද්‍යාලය)
  • පී.දිල්ශාන්, දිනුක් අමරසිංහ, සැමුවෙල් මදුවන්ත (ශා.අන්තෝනි විද්‍යාලය)
  • රුමේශ් ප්‍රියංකර (ශා.ජෝසප් විද්‍යාලය)
  • රවින් යාපා, සන්දේශ් ජයවික්‍රම, රොමේෂ් ප්‍රනාන්දු (ශා.පීතර විද්‍යාලය)
  • දනුජ විජේරත්න, අශ්වන්ත හේරත්, පන්ඩුල ද සිල්වා, නවීන් හේනකංකානම්ගේ (ශා.තෝමස් විද්‍යාලය)
  • රාහුල් කරුණාතිලක, ශලින්ද්‍ර අලහකෝන්, අවීශ ප්‍රියංකර, ශවීන් ඒකනායක, ලශාන් විජේසූරිය, අනුක බෝයගොඩ, ගීෂාන් පෙතියාගොඩ (ත්‍රිත්ව විද්‍යාලය)
  • එච්. ප්‍රනාන්දු (විද්‍යාර්ථ විද්‍යාලය)
  • සයාන් සබාර්, දේශාන් විමුක්ති, අවන්ත ලී (වෙස්ලි විද්‍යාලය)
  • ඒ. වජීඩ් (සහිරා විද්‍යාලය)

සම්පූර්ණ ලිපිය: කනිෂ්ඨ ආසියානු රග්බි තරඟාවලියට 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක්


ක්‍රිකට් –

නිමේෂ්ගෙන් ලකුණූ 85ක්

සිංගර් වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් ඊයේ (9) පැවැත්විණි. පසුගිය දින කිහිපය තුල පැවැත්වීමට නියමිතව තිබූ තරඟ කිහිපයක්ම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැවැත්වීමට නොහැකි විය.

ද මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 100/10 (35.5): සංගීත් දේශාන් 28, ඉරෝෂ් ද සිල්වා 26, ඉමේෂ් දුල්ෂාන් 4/07, නවීන් ගුණවර්ධන 4/26

තර්ස්ටන් විද්‍යාලය (දිනය අවසන් වන විට) – 203/04 (53): නිමේෂ් ලක්ෂාන් 85, සවන ප්‍රභාශ් 76, අශේන් ප්‍රනාන්දු 2/55

සම්පූර්ණ ලිපිය: තර්ස්ටන් විද්‍යාලය පෙරමුණේ


ජයග්‍රහණයේ බලාපොරොත්තු අභියස

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන ඊයේ (09) උදෑසන තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4): ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 81.4): දිමුත් කරුණාරත්න 88, කුසල් පෙරේරා 62, අසේල ගුණරත්න 39, ග්‍රැහැම් ක්‍රීමර් 4/91, කාල් මුම්බා 3/67.

සිම්බාබ්වේ (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 180 (පන්දුවාර 45): ක්‍රේග් අර්වයින් 65*, ශෝන් විලියම්ස් 45, රංගන හේරත් 5/45.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුද්දියොන්ට පරාජය වේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග අද SSC පිටියේදී පැවති ප්‍රථම එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50ක් තුලදී රැස්කල මන්දගාමී ලකුණු 168 ලබා ගැනීමට ඔවුන් වැය කලේ පන්දුවාර 29යි පන්දු 3ක් පමණි.

සම්පූර්ණ ලිපිය: තවත් ටෙස්ට් ජයක සිහිනය හෙට දිනයේ සැබෑවන ලකුණු!

දිනයක නිමාව