එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට එක්දින සහ T20 තුනක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

1634

2021 දී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සත්කාරකත්වය දැරීමට සැලසුම් කර තිබෙන තරගාවලි ලැයිස්තුවට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා අවස්ථාව වෙන්කර තිබෙනවා. 

2020–22 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් (ICC Cricket World Cup Super League) වන මෙම තරගාවලිය සඳහා ලකුණු 30ක් වෙන් වෙන අතර එක් තරග ජයග්‍රහණයක් සඳහා ලකුණු 10 බැගින් වෙන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 24 – දෙවන විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 26 – තුන්වන විස්සයි විස්ස තරගය – Southampton
  • ජුනි 29 –  පළමු එක්දින තරගය – Durham
  • ජූලි 1 – දෙවන එක්දින තරගය – Kia Oval
  • ජූලි 4  – තෙවැනි එක්දින තරගය – Bristol County Ground

ශ්‍රී ලංකා සංචාරය අවසන් වූ වහාම තවත් ආසියානු කණ්ඩායම් දෙකක් වන පාකිස්තානය සහ ඉන්දියාව ද එංගලන්තය බලා සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වසරේ ජුනි සහ ජූලි මාස වඩාත් කාර්යබහුල වන්නේ එංගලන්ත සංචාරයට අමතරව ඉන්දියාව සමඟ තරගාවලියක් (එක්දින තරග 3, විස්සයි විස්ස තරග 5) සහ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය සහ කණ්ඩායම් 6ක් (Sri Lanka, India, Pakistan, Bangladesh, Afghanistan, 1 Qualifier) සහභාගී වන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව සුදු පන්දුවෙන් පැවති කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල කල් දමන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි මාස කිහිපය ඉතාමත් කාර්ය බහුල වන්නේ ඉදිරියේ දී ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වදින නිසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<