තර්ස්ටන් විද්‍යාලය පෙරමුණේ

962
De Mazenod vs Thurstan

සිංගර් වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද (9) පැවැත්විණි. පසුගිය දින කිහිපය තුල පැවැත්වීමට නියමිතව තිබූ තරඟ කිහිපයක්ම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැවැත්වීමට නොහැකි විය.

පසුගිය ලිපි: තරඟ කිහිපයකටම වැස්සෙන් බාධා

කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩකයින් තම පිටියේ වාසිය ද ඇතිව පළමුව පන්දුවට පහරදීමට මැසොනොඩ් විද්‍යාලයට ඇරයුම්  කරන ලදි.

මැසනොඩ් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් සංගීත් දේශාන් ලකුණු 28ක් ලබාගත් අතර, ඔහු එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. මැසනොඩ් විද්‍යාලය තම පළමු ඉණිම සඳහා ලකුණු 100ක් ලබා ගන්නා ලදි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් මැසනොඩ් පිතිකරණය අසරණ කල ඉමේෂ් දුල්ෂාන් හා නවීන් ගුණවර්ධන කඩුලු 4 බැගින් දවාලන ලදි.

ද මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 100/10 (35.5): සංගීත් දේශාන් 28, ඉරෝෂ් ද සිල්වා 26, ඉමේෂ් දුල්ෂාන් 4/07, නවීන් ගුණවර්ධන 4/26

අනතුරුව තම පළමු ඉණිම දියත් කල තර්ස්ටන් පිතිකරණය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වීමට නිමේෂ් ලක්ෂාන් හා සවන ප්‍රභාශ් සමත් විය. ඔවුන් දෙදෙනා පිලිවෙලින් ලකුණු 85ක් හා ලකුණු 76ක් මැසනොඩ් විද්‍යාලයේ පන්දු යවන්නන්ට එදිරිව ලබා ගන්නා ලදි. අශේන් ප්‍රනාන්දු ලකුණු 55කට කඩුලු 2ක් දවාලන ලදි.

තර්ස්ටන් විද්‍යාලය (දිනය අවසන් වන විට) – 203/04 (53): නිමේෂ් ලක්ෂාන් 85, සවන ප්‍රභාශ් 76, අශේන් ප්‍රනාන්දු 2/55

මෙම තරගයේ දෙවන දිනය හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට