ගෙවුනු දවස – 30වැනි සඳුදා සිට 05වැනි ඉරිදා දක්වා

342
sri lanka sports news last day summary june 05

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වු ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ ඔබට මඟ හැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි පිටිය 

මහනුවර විද්‍යාර්ථයෝ පලිහ රැගෙන යයි

ජුනි මස 5වැනි ඉරිදා කොළඹ පොලිස් ක්‍රීඩාංගනයේදි අානන්ද විද්‍යාලයට එරෙහිව විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වු මෙම තරගයෙහි ජයග්‍රහනය ලබා ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

එහිදි ප්‍රථම අර්ධයේදීම අානන්දයන්ට අභිෙයා්ග කරමින් ලකුණු 10 – 12 ක් ලෙස පෙරමුනෙහි පසුවීමට විද්‍යාර්තයෝ සමත් විය. නියමිත කාලය අවසානයේ අනන්දයන්ට විද්‍යාර්ථයන් හඹා ඒමට නොහැකි වු අතර ලකුණු පුවරුව 32 – 10 ලෙස දැක්විය.

තරගයේ සවිස්තර ලිපිය: විලියම් ගොපල්ලව පලිහ මහනුවරට

 පසුගිය සතිය 

සිංගර් ලීග් තරගාවලියේ සත් වැනි සතියේ සියළු පුවත්


අලී ජිවිත ගමන නිමා කරයි.

බොක්සිං ක්‍රීඩාව දිග්විජය කල ප්‍රසිද්ධ, ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයෙකු වු මොහොමඩ් අලි අභ්‍රවප්‍රාප්ත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අැරිසෝනා හි පිහිටි ෆීනික්ස් රෝහලේදීය. මිය යන විට 74 වැනි වියෙහි පසුවු ඔහු පසුගිය දිනක රෝහල් ගත කෙරුනෙ ශ්වසන අාබාධයක් හේතුවෙනි.

සම්පූර්ණ ලිපිය: මොහොමඩ් අලී දිවියෙන් සමුගනි


පාසල් පාපන්දු තරග 3ක්

පාසල් පාපන්දු උණුසුම නැවත අැති කරමින් මේ දිනවල පැවැත්වෙන කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහල පාපන්දු තරගාවලියේ තරග 3ක් පැවැත්විනි.

මෙහිදි කොළඹ ලුම්භිනි විද්‍යාලය සහ හැටන් ශ්‍රී පාද විදුහල අතර පැවති තරගය ලකුණු 7-1 ලෙස ජයග්‍රහනය කිරීමට ලුම්භිනි විද්‍යාලය සමත් විය.

මේ අතරතුර සාන්ත ජෝසප් විදුහල සහ සාන්ත මේරි විදුහල අතර පැවති තරගය ජයගැනීමට සාන්ත ජෝසප් විදුහල සමත් විය. ඒ් ලකුණු 2-1 කිනි.

තුන්වැනි තරගය ලෙස පැවැත්වු මාතර සාන්ත තෝමස් විදුහල සහ හර්මන් විද්‍යාලය අතර තරගයෙන්, සාන්ත තෝමස් විදුහල ලකුණු 2-4 ලෙස පරාජයට  පත්විය.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න


ශමින්දටත් පුළුවන්

එංගලන්තය හමුවේ නිමාවට පත් වු දෙවන ටෙස්ට් තරගයේදි පන්දුව දමා ගැසීමේ චෝදනාවකට ලක්ව සිටින ශමින්ද එරංගත් අනුමැතිය හමුවනවා නම් ලබන 9වැනි දා ලෝඩ්ස් පිටියේදි අාරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විය හැකි බව වාර්තා ෙව්.

කෙසේ නමුත් අාබාධයකට ලක්ව සිටින දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චමින්ද බණ්ඩාර ද, තහනම් උත්තේජක භාවිතයකට සැකකරුවෙකුව සිට නිදොස් වු කුසල් පෙරේරා ද එංගලන්තයට එදිරිව අැති තෙවන ටෙස්ට් තරගයට සහභාගි වනු අැති.

සවිස්තර ලිපියට: කුසල් හා චමින්ද එංගලන්තයට


පැසිපන්දුවට ලෝකඩ පදක්කමක්

බංගලාදේශයේ ඩකා නුවරදි පැවැත්වුනු වයස අවුරුදු 18න් පහල දකුණු අාසියානු පැසිපන්දු තරගාවලියේදි ශ්‍රී ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

ඉන්දියාව හමුවේ පැවැත්වු තරගය ලකුණු 121 – 52 සහ නේපාල හමුවේ 65 -64 ලෙස පරාජය වු ශ්‍රී ලංකාව සත්කාරක බංගලාදේශය හමුවේ පැවැත්වු තරගය ලකුණු 64 – 60 කින් ජයග්‍රහනය කරමින් ලේකඩ පදක්කමට හිමිකම් කීමට සමත් විය. මෙහි රන් පදක්කම ඉන්දියාවටත් රිදි පදක්කම නේපාලයටත් හිමිවිය.


නුවන් කුලසේකර ටෙස්ට් පිත්ත අත් හරි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවණ් කුලසේකර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු විසින් ඒ් බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී අැති අතර ඔවුන් එය භාර ගත් බවට සනාථ කර අැත.

සම්පූර්ණ ලිපිය: කුලසේකර ටෙස්ට් පිටියෙන් සමුගනියි


යුධ හමුදා සහ රිනවුන් ක්‍රීඩා සමාජ අවසන් තරගයට අසුන් වෙන්කර ගනි.

අයහපත් කාලගුන තත්වයන් හමුවේ කල් දැමු එෆ්. ඒ්. කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග අද පැවැත් විනි. එහිදි සෝන්ඩර්ස් කණ්ඩායමට එදිරිව රිනවුන් කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජයට එදිරිව යුධ හමුදා අතර වන තරග කොළඹ තුරග තරග පිටියේදි නිමාවට පත්විය.

එහිදි ගෝල 1 – 0 ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, 04 – 02 ක් ලෙස රිනවුන් ක්‍රීඩා සමාජයත් ගෝල වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අවසන් තරග පවත්වන දින වකවානු තවමත් ප්‍රකාශ කර නොමැත.


ඩිල්ෂාන් එංගලන්තයට යන්න බැහැයි කියයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මෙන්ම අයර්ලන්ත කණ්ඩායම සමඟ ද ඉදිරියට ආරම්භ වීමට ඇති එක්දින තරගවලට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් සහභාගි නොවන බව ඔහු විසින් මාධ්‍යට ප්‍රකාශ කරන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළදාරි විසින් එය තහවුරු කර ඇත. තමාගේ පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට එක් නොවන බව තිලකරත්න ඩිල්ශාන් සදහන් කරයි.

සම්පූර්ණ ලිපිය: එංගලන්තයට එදිරිව තවත් තුරුම්පුවක් ගිලිහේ


ලංකා ලයන්ස් දිනු අපේ ක්‍රීඩකයෝ

දින දෙකක් පුරා දියගම ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ලයන්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ නිමාවට පත්වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස ගයන්තිකා අබේරත්න හා හොඳම ක්‍රීඩකයා ලෙස මංජුල කුමාර විජේසේකර සම්මාන දිනාගත්හ.

සම්පූර්ණ ලිපිය: හොඳම ක්‍රීඩිකාව – ගයන්තිකා, ක්‍රීඩකයා – මංජුල කුමාර


IPL ජය හයිද්‍රාබාදයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන අවසන් මහා තරඟය ඊයේ (29) රාත්‍රියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර බැංගලෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරඟය ලකුණු 8කින් ජයග්‍රහණය කල සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ශුරතාවය ඉසිලීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: බැංගලෝරය පැරදු හයිද්‍රාබාදය ජයපැන් බොයි

සතියක නිමාව