විලියම් ගොපල්ලව පලිහ මහනුවරට

1649
Ananda college v Vidyartha College William Gopallawa Shield

කොළඹ අානන්ද විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 48 වන වරටත් සංවිධානය කරන ලද විලියම් ගොපල්ලව පලිහ සඳහා වන රග්බි තරඟය, අද (05) කොළඹ පොලිස් පිටියේදී පැවැත්විණි. එම තරඟය ලකුණු 32 (6T, 1C) -10 (2T) ක් ලෙස ජයග්‍රහණය කල විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම නොකඩවා දෙවන වරටත් එම පලිහ මහනුවර වෙත රැගෙන යාමට සමත් විය.

සවස 4.30 ට විනිසුරුගේ නලා නාදය සමඟ ආරම්භ වු මෙම තරඟයේ දී  මුල සිටම කරට කර තරඟයක කණ්ඩායම් දෙකම නිරත විය. තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් තරගයේ 8 වන මිනිත්තුවේදී විද්‍යාර්ථ ක්‍රීඩක ඒ. එස්. කුමාර පළමු උත්සාහක දිනුම ලබාගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට විද්‍යාර්ථයට නොහැකි විය (5-0). අනතුරුව නැගී සිටි ප්‍රතිවාදි ආනන්ද කණ්ඩායමේ එස්.එස්. හේවගේ 13 වන මිනිත්තුවේදී උත්සාහක දිනුමක් ලබාගැනීමට සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට ආනන්දයට නොහැකි විය (5-5). තරගයේ 37 වන මිනිත්තුවේදී යළිත් ක්‍රියාත්මක වූ ආනන්ද ක්‍රීඩක එස්. ඩී. රත්නවීර තවත් උත්සාහක දිනුමක් තම කණ්ඩායම වෙත එකතු කල අතර එහි ප්‍රවර්තන අවස්ථාවද අසාර්ථක විය (05-10). එවිට ලකුණු 10-05 ක් ‍ෙලස ආනන්ද විද්‍යාලය පෙරමුණේ පසුවිය. පළමු අර්ධය නිමාවීමට ආසන්නව තිබියදී විද්‍යාර්ථ කණ්ඩායම වෙනුවෙන් පි. ඩී. මදුසංක තවත් උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට සී. ඩී. පෙරේරා සමත් විය.

පසුගිය ලිපි: පාසල් රග්බි ක්‍රීඩකයෝ වැඩ පෙන්වු සති අන්තයක්

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 10-12 ක් ලෙස විද්‍යාර්ථ කණ්ඩායම පෙරමුණේ තබමිනි.

ප්‍රථම අර්ධය – අානන්ද විද්‍යාලය 10 : 12 විද්‍යාර්ථ විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ කරමින් යලිත් විද්‍යාර්ථ කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර තරගයේ 46 වන මිනිත්තුවේදී විද්‍යාර්ථ ක්‍රීඩක අයි. එස්. උදයංග තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගැනීමට සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව ද ඔවුන්ට ගිලිහෙන ලදි (10-17).  තරගයේ 54 වන මිනිත්තුවේදී යලි ක්‍රියාත්මක වූ පී. ඩී. මදුසංක තම දෙවන උත්සාහක දිනුමද ලකුණු පුවරුවේ සටහන් කල අතර එහි ප්‍රවර්තනයද මඟ හැරිනි (10-22). ආනන්ද කණ්ඩායම ආක්‍රමණය කල විද්‍යාර්ථ කණ්ඩායම දෙවන අර්ධයේ දී බොහෝ වේලා පන්දුව තම කණ්ඩායම සතුව තබාගෙන ක්‍රීඩා කරන ලදි. 66 වන මිනිත්තුවේදී විද්‍යාර්ථ ක්‍රීඩක ජී. එස්. වීරසිංහ තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ආසන්නව ගිය අතර එයද ඔවුන්ට ගිලිහෙන ලදි (10-27). ආනන්ද විද්‍යාලය කණ්ඩායමේ එස්. ඩී. රණවීර හා විද්‍යාර්ථ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අබාධ වලට ලක්විය. අනතුරුව ආනන්ද කණ්ඩායම යළිත් අාක්‍රමනශීලී ලෙස ක්‍රීඩා කිරීමට උත්සාහ කලද එම උත්සාහය ව්‍යවර්ථ කරමින් තරගයේ 70 වැනි මිනිත්තුවේදී විද්‍යාර්ථ කණ්ඩායම වෙනුවෙන් තවත් වේගවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට ටී. ඩී. තිස්ස සමත් විය. එවිට ලකුණු 10 32ක් ලෙස විද්‍යාර්ථය ‍ෙපරමුනේ පසුවිය. අනතුරුව තරඟය නිමා වූයේ විද්‍යාර්ථ කණ්ඩායම ලකුණු 32 10 ක් ලෙස විලියම් ගොපල්ලව ශුරතාවය විද්‍යාර්ථ කණ්ඩායමට හිමි කර දෙමිනි.

පසුගිය ලිපි: අැන්තෝනි පරදවා රාජකීයයෝ ඉදිරියට

විද්‍යාර්ථ කණ්ඩායම ලකුණු 32 (උත්සාහක දිනුම් 6, ප්‍රවර්තන 1) එ්. එස්. කුමාර(1T), පී. ඩී. මදුසංක ලකුණු 10 (2T), අයි. එස්. උදයංග ලකුණු 5 (1T), ජී. එස්. වීරසිංහ (1T), ටී. ඩී. තිස්ස (1T), සී. ඩී. පෙරේරා (1C)

ආනන්ද කණ්ඩායම ලකුණු 10 ( උත්සාහක දිනුම් 2) එස්. එස්. හේවාගේ (1T) , එස්. ඩී. රත්නවීර (1T)

ThePapare.com තරගයේ වීරයා – පී.ඩී මදුසංක (විද්‍යාර්ථ විද්‍යාලය)

තරඟ විනිසුරු ගාමිණී ඉන්ද්‍රසේන

 තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න