කුසල් නිදොස් කොට නිදහස්

501
Sri Lankan batsman Kusal Perera reacts after scoring a half-century (50 runs) during the second Twenty20 cricket match between Sri Lanka and New Zealand at the Pallekele International Cricket Stadium in Pallekele on November 21, 2013. AFP PHOTO/ LAKRUWAN WANNIARACHCHI / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI
©AFP

තහනම් උත්තේජක චෝදනාවක් මත පසුගිය සමයේ ආන්දෝලනයකට තුඩු දුන් කුසල් ජනිත් පෙරේරා ගේ ක්‍රීඩා දිවියට තිබූ තහනම ඊයේ (11) රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට නිදහස් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

2015 දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා ට තහනම් උත්තේජක චෝදනාවක් මත තම ක්‍රීඩා දිවිය වසර 4 කට අහෝසි විය.

 “අපේ අය තවත් මහන්සි විය යුතුයි” – ග්‍රැහැම් ෆෝඩ් 

කුසල් පෙරේරා විවිධ පරීක්ෂණ රැසකට මුහුණ දුන් අතර ඒවා වල නිරවද්‍ය බව හා කුසල් ගේ නීතිඥවරුන් ලබා දුන් තොරතුරු ද සලකා බලා කුසල් ජනිත් ට පනවා තිබූ තහනම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ (11) සි‍ට වහාම ඉවත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ අවශ්‍ය නම් කුසල් පෙරේරාව එංගලන්ත සංචාරයටද සහභාගි කරවීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න