එංගලන්තයට එදිරිව තවත් තුරුම්පුවක් ගිලිහේ

1167
TM Dilshan

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මෙන්ම අයර්ලන්ත කණ්ඩායම සමඟ ද ඉදිරියට ආරම්භ වීමට ඇති එක්දින තරගවලට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් සහභාගි නොවන බව ඔහු විසින් මාධ්‍යට ප්‍රකාශ කරන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළදාරි විසින් එය තහවුරු කර ඇත. තමාගේ පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට එක් නොවන බව තිලකරත්න ඩිල්ශාන් සදහන් කරයි.

“ක්‍රිකට් වලින් දැන්ම සමුගැනීමට අදහසක් නෑ. ක්‍රිකට් වලින් සමුගෙන ඕස්ට්‍රේලියාවට පදිංචියට යන එක අසත්‍යක්. නමුත් දිගටම ක්‍රීඩා කරනවාද කියලා තීරණයක් තාම අරගෙන නෑ. මම ක්‍රිකට් වලින් සමුගැනීමට අදහස් කල පසු මම ක්‍රිකට් වලින් සමුගන්නවා කියලා මාධ්‍යට ස්ථිර ලෙසම කියනවා.” යැයි තිලකරත්න ඩිල්ශාන් තවදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටින ලදි.

ඩිල්ශාන් 2013 වසරේ දි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය නමුත් එක් දින තරග සහ විස්සයි විස්ස සදහා දිගටම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.

වයස අවුරුදු 39 ක් වන තිලකරත්න ඩිල්ශාන් ජාත්‍යන්තර එක්දින තරඟ 327කට සහභාගි වී ලකුණු 10,216 රැස් කර ඇති අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ  සාමාන්‍ය 39.44 ක් වේ.

එංගලන්ත කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය ජුනි 21 වන දා නොටින්හැම් හිදී ඇරඹෙන අතර අයර්ලන්ත සමග පවත්වන එක් දින තරග දෙක ජුනි 16, 18 පැවැත්විමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න