වසර දෙකකට පසු කරළියට ආ Red Bull Outriggd

Red Bull Outriggd ඔරු පැදීමේ තරගාවලිය 2021

88

Red Bull විසින් සංවිධානය කළ Outriggd ඔරු පැදීමේ තරගාවලිය පසුගිය දා පැවැත්වුනා. ඒ කොළඹ වරාය නගරය පරිශ්‍රයේ දී. මෙම තරගාවලිය පැවැත්වුණේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්.

මෙම සුවිශේෂී ඔරු පැදීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් රැසක් සහභාගි වූ අතර ඔවුන් ඉන්දීය සාගරයේ මෙම තරගාවලිය සඳහා සහභාගි වූ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වුනා.

Red Bull Outriggd සංවිධානය කර තිබුණේ ස්වදේශීය ක්‍රීඩාවක් ලෝකයට ගෙන යාමෙන් ජාතියක් ආස්වාදයක් ලබා දීම වෙනුවෙනි. මෙරට ක්‍රීඩා ප්‍රජාව එකට ගෙන ඒම සහ ශ්‍රී ලාංකිකයන් අතර අද්විතීය ත්‍රාසජනක ක්‍රීඩා සඳහා ඇති ආශාව අවුළුවාලීම මෙම තරගාවලියේ මූලික අරමුණ වී තිබුණා.

නගරයේ සිට දිය ඇලි මායිම් ගම්මාන දක්වා, මෙම සුවිශේෂී ක්‍රීඩා ඉසව්ව අභියෝග හඹායන්නන්, ක්‍රීඩාලෝලීන්, ඔරු පැදීමේ සංගම්, ධීවර ප්‍රජාවන් මෙන්ම සිසුන් පවා ආකර්ෂණය කර තිබුණා.

Red Bull Outriggd තරගාවලියක් පමණක් නොවී සෑම සහභාගිවන්නෙකුටම සහ නරඹන්නෙකු සඳහා ක්‍රියාකාරකම් රැසක් සහිත ඉසව්වක් සහ සැමරුමක් වීම විශේෂත්වයක්.

තරගාවලියේ සියලුම ඉසව් පසුගිය නොවැම්බර් 6 වැනි දින කොළඹ වරාය නගරයේ දී පැවති අතර මෙය ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය තුළ පැවති පළමු ජල ක්‍රීඩා ඉසව්ව වුනා.

Red Bull Outriggd තරගාවලිය සඳහා දිවයින පුරා විසිරී සිටි තරගකරුවන් 70කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වුනා. මෙම අභියෝගය භාර ගැනීමට සාම්ප්‍රදායන් සහ අත්දැකීම් සම්මිශ්‍රණයක් එක්ව තිබුණා. Red Bull Outriggd ධාවන පථය ජය ගැනීමට බාධක කිහිපයකින් සමන්විත වූ අතර එය බැලූ බැල්මට පහසු අභියෝගයක් වුනේ නැහැ.

Red Bull සෑම විටම ඕනෑම ක්‍රීඩාවක් රසවත් කිරීමට කුඩා පෙරළියක් සහ නවෝත්පාදනයක් ලබා දෙන බව නොරහසක්. මෙම තරගාවලිය සහභාගිවන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට සමත්ව තිබුණා.

තරගාවලියේ ඉසව් කීපයක් පැවති අතර එයට පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස කාණ්ඩ කීපයක් ඇතුළත් වුනා.

Red Bull Outriggd තරගාවලියේ පළමු අදියර පසුගිය 2019 වසරේ දී දියවන්නා පරිශ්‍රයේ දී පැවති අතර කොරෝනා වසංගතය නිසා පසුගිය 2020 වසරේ දී එය පැවැත්වීමට හැකියාවක් තිබුණේ නැහැ.

තරගාවලියේ අවසන් ප්‍රතිඵල සටහන දැක්වුණේ මෙසේයි.

කාන්තා අවසන් තරගය
පළමු ස්ථානය කැළණිය 03 (කණ්ඩායම් අංක 3) තරුෂි දෙව්මිණී කුරේ
නිමේෂිකා සුදර්ශණී පෙරේරා
දෙවැනි ස්ථානය බටු ඔය 02 (කණ්ඩායම් අංක 8) මේරි ඇග්නස් ප්‍රනාන්දු
ශ්‍යාමලී නදීශා
තෙවැනි ස්ථානය කැළණිය 03 (කණ්ඩායම් අංක 2) ශානියා සෙව්වන්දි
චාරුණී ප්‍රසංගිකා
     
මිශ්‍ර අවසන් තරගය
පළමු ස්ථානය කැළණිය 09 (කණ්ඩායම් අංක 6) තරුෂි දෙව්මිණී කුරේ
WPS ප්‍රියදර්ශන
දෙවැනි ස්ථානය බටු ඔය 04 (කණ්ඩායම් අංක 4) සිසිර කුමාර
ශ්‍යාමලී නදීශා
තෙවැනි ස්ථානය CSD 06 (කණ්ඩායම් අංක 8) සංජීව ප්‍රියශංක
GH නන්දනී
     
පිරිමි අවසන් තරගය
පළමු ස්ථානය බළලු වැව 02 (කණ්ඩායම් අංක 25) මොහොමඩ් රසාන්
අජේශ් ඛාන්
දෙවැනි ස්ථානය බළලු වැව 09 (කණ්ඩායම් අංක 1) NM ජිල්සාත්
RM ආෆි
තෙවැනි ස්ථානය කැළණිය 10 (කණ්ඩායම් අංක 9) ඉරෝශ් උශංග පෙරේරා
ශාලින්ද මධුශාන්ත

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<