මොහොමඩ් අලී දිවියෙන් සමුගනි

515
ali

බොක්සිං ක්‍රීඩාව දිග්විජය කල ප්‍රසිද්ධ සහ ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයෙකු වු මොහොමඩ් අලි පසුගිය සිකුරාදා අභ්‍රවප්‍රාප්ත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. ඒ අැරිසෝනා හි පිහිටි ෆීනික්ස් රෝහලේදීය. මිය යන විට 74 වැනි වියෙහි පසුවු ඔහු පසුගිය දිනක රෝහල් ගත කෙරුනෙ ශ්වසන අාබාධයක් හේතුවෙනි.

1942 ජනවාරි මස 17 වැනිදා අැමරිකා එක්සත් ජනපදයේ, කැසියස් මාසලෙස් ක්ලෙ ලෙස උපත ලද ඔහු මිය යන විට තරග 61 කට සහභාගී වි අැති අතර එයින් 56ක්ම ජයග්‍රහනය කිරීමට සමත් විය.  මිය යන විට ඔහු තෙවතාවක් ලෝක ශූරයා ලෙස සම්මානයට පාත්‍රවී තිබිනි. මීට ප්‍රථම අවස්ථාවකදි ඔහුව මුත්‍රා අාසාධනයක් හේතුවෙන් රෝහල් ගත වි ප්‍රතිකාර ලැබුවේ 2015 වර්ෂයේදීය.

තවත් පුවත් කියවන්න – පිවිසෙන්න මුල් පිටුවට