සැක සංකා දුරලමින් හලාවත මේරියන්ස් ජය ලබයි

1480

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 320ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ අද (04දා) සමත් වූහ.

මේ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර කෝල්ට්ස් පිටියේ පැවති අනෙක් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රාහී ප්‍රසාද ලකුණු සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයන්ට හිමි විය.

එස්. එස්. සී. නැවත තරගයට අවතීර්ණ වෙද්දී මේරියන්ස් සැක සංකා දුරු කර ගනියි

තම පිතිකරු ඉනිම අසාර්ථක වුවද පන්දු යැවීමේ ඉනිම සාර්ථක කර ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙද්දී ජයග්‍රහණය වෙනුවෙන්…

හලාවත මේරියන්ස් සහ බදුරලිය අතර තරගය

හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර පැවති තරගයේ දෙවැනි දිනය නිමා වන විට හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා කළේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 372ක් ඉදිරියෙන් පසු වෙමිනි. තරගයේ අවසානය දිනය වූ අද ඊට තවත් ලකුණු 104ක් එක් වෙද්දී ඔවුන් ඉනිම අත්හිට වූයේ ලකුණු 477ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට එක්කළ ලකුණු ප්‍රමාණය කඩුලු 3ක් දැවී ලකුණු 267කි. එම ඉනිමේ දී ඔසඳ ප්‍රනාන්දු පන්දු 146කට මුහුණ දී හතරේ පහර 10ක් ද සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් සචිත්‍ර සේරසිංහ පන්දු 61ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 85කි.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ආ බදුරලිය ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමට ලබාගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 156ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පැතුම් නිශ්ශංක ය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු, සචිත්‍ර සේරසිංහ සහ මාලිංග පුෂ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගත්හ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 371 (85.2):  (පළමු දිනය නිමා වන විට පන්දු වාර 84ක දී කඩුලු 9ක් දැවී 356; කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද  පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20) ඩිලේෂ් ගුණරත්න 3/91, අලංකාර අසංක 5/74, දුවිඳු තිලකරත්න 2/80

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 162 (47.3): පැතුම් නිශ්ශංක 42,  නදීර නාවල 22, සංජය චතුරංග 39, මාලින්ද පුෂ්පකුමාර 5/40

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 267 (58.0): (දෙවැනි දිනය නිමා වන විට පන්දු වාර 36ක දී කඩුලු 2ක් දැවී 163; කසුන් විදුර 78) ඔසඳ ප්‍රනාන්දු නොදැවී 103, සචිත්‍ර සේරසිංහ 51

බදුරලිය ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 156 (52.1) පැතුම් නිශ්ශංක 50, නදීර නාවල 26, මධුර ලක්මාල් 28, අසිත ප්‍රනාන්දු 3/22, සචිත්‍ර සේරසිංහ 3/49, මාලිංග පුෂ්පකුමාර 3/55

යුගල වශයෙන් පහර දුන් ආරම්භකයෝ

ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වීම කියන්නේ අභියෝග ගොඩක්. ඒ අභියෝග ගොඩට සාර්ථකව මුහුණ දී ලොව වැඩිම ලකුණු සබඳතාවයන් වාර්තා කළ ආරම්භක පිතිකරුවන් යුගල 10 මොනවාද? ආසියාවෙන් එක ශ්‍රී ලංකාවෙන්…

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

කඩුලු 5ක් දැවී ලකුණු 80ක්ව තිබිය දී තෙවැනි සහ අවසාන දිනයට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලකුණු 203ක් දක්වා වැඩි කර ගත්තේ ප්‍රියමාල් පෙරේරාගේ සටන්කාමී ඉනිම හේතුවෙනි. එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් වඩාත් ආරක්ෂාකාරී ඉනිමක නිරත වූ ප්‍රියමාල් ලකුණු 87ක් ලබා ගත්තේ පන්දු 171ක් වැය කරමිනි. ඔහුගේ පිත්තෙන් එල්ල වූ හතරේ පහර සංඛ්‍යාව 7කි.

දිනයේ දෙවැනි පන්දුවේ දී කෝල්ට්ස් 6 වැනි කඩුල්ල දවා ගනිමින් තරගය තමන් වෙත නතුකර ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ උත්සාහ කළ ද, ප්‍රියමාල්ට අමතරව සෙසු පිතිකරුවන් අතුරින් අවිශ්ක ප්‍රනාන්දු (21) සහ කවිශ්ක අංජුල (නොදැවී 27) ලකුණු අතරට පිවිසෙමින් සංචාරක ක්‍රීඩකයන්ට ලකුණු 271ක ඉලක්කයක් ලබා දුන්හ.

ජයග්‍රහණය සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකළ එස්. එස්. සී. ක්‍රීඩකයෝ දිනය නිමා කළේ කඩුලු 2ක් දැවී ලකුණු 100ක් ලබා සිටිය දී ය. එම ලකුණු ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා (55) රැස්කර ගැනීමට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් විය. ඔහුගේ නොදැවුණ ඉනිම පන්දු 108කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් ද අතුලත් විය. අනෙක් අන්තයෙන් සම්මු අශාන් නොදැවී ලකුණු 28ක් ලබා සිටියේය.

එස්. එස්. සී. ඉනිමේ දැවී ගිය කඩුලු දෙකම ප්‍රභාත් ජයසූරියට හිමි විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 267 (82.3) සංගීත් කුරේ 53, දිල්රුවන් පෙරේරා 45, ප්‍රියමාල් පෙරේරා 32, අවිශ්ක ප්‍රනාන්දු 32, විශාද් රන්දික 21, නිසල තාරක 20, කවිශ්ක අංජුල නොදැවී 37, සචිත්‍ර සේනානායක 3/70, කසුන් මධුශංක 2/53, අකාශ් සේනාරත්න 4/76

එස්. එස්. සී: පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (59.1) පළමු දිනය නිමා වන විට පන්දු වාර 5ක දි කිසිවෙක් නොදැවී 37) කෞෂාල් සිල්වා 43, සචිත්‍ර සේනානායක 27, චාමර කපුගෙදර 61, ආකාශ් සේනාරත්න 28, දිල්රුවන් පෙරේරා 3/55, ප්‍රභාත් ජයසූරිය 4/63, කවිශ්ක අංජුල 2/31

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 203 (79.5) (දෙවැනි දිනය නිමා වන විට පන්දු වාර 35ක දී කඩුලු 5ක් දැවි 80; සංගීත් කුරේ 23) ප්‍රියමාල් පෙරේරා 87, අවිශ්ක ප්‍රනාන්දු 21, කවිශ්ක අංජුල නොදැවී 27, ආකාශ් සේනාරත්න 3/80, සචිත්‍ර සේනානායක 4/50, අක්තාබ් කාදර් 3/40

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 100 (34.0) දිමුත් කරුණාරත්න නොදැවී 55, සම්මු අශාන් නොදැවී 28, ප්‍රභාත් ජයසූරිය 2/44

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<