හිරුණිගේ වාර්තා ගොන්නට තවත් වාර්තාවක්

235

දිගුදුර ඉසව්වල ශ්‍රී ලංකා වාර්තා රැසකටම හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකා හිරුණි විජයරත්න මීටර් 5,000 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීමට අද (16) සමත් විය

කොරෝනා වයිරසය නිසා නැවතුණු මලල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ වූ පසු තමන් සහභාගී වූ මුල්ම තරගාවලිය වන Music City Distance Carnival තරගාවලියේ මීටර 5,000 ඉසව්ව මිනිත්තු 16:17.51ක කාලයකින් අවසන් කරමින් නිලානි රත්නායක විසින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළීමට හිරුණි සමත් විය. 

තවත් මලල ක්‍රීඩා පුවත්

  • >>වසරේ අවසාන මැරතන් තරගය සුවිශේෂී කාණ්ඩයකට සීමා වේ<<

නිලානි රත්නායක විසින් පසුගිය වසරේ පැවති Army Athletics Championship තරගාවලියේ දී මීටර් 5,000 ඉසව්ව මිනිත්තු 16:17.82ක කාලයකින් අවසන් කරමින් තැබූ ජාතික වාර්තාව මෙලෙස බිඳහෙළීමට හිරුණි සමත් වූ අතර මෙම වාර්තාව ද සමඟින් මීටර් 5,000 මාර්ග සහ ධාවන පථ වාර්තා ද්විත්වයම සිය නාමය යටතට එක් කරගැනීමට ද ඇයට හැකි විය. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<