මල්ලවපොර ශූරතා නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ වලල A රත්නායක ක්‍රීඩා සමාජයට

479
77th National Wrestling Championship 2016

2016 ජාතික මල්ලවපොර ශූරතාවලියේ අවසන් දිනය වන අද දින (03) සාර්ථක ලෙස නිමාවට පත්වුයේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ගරු සභාපති නෙවිල් පද්මසිරි, එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් හා ශ්‍රී ලංකා විනිසුරු W. S. බොතේජු, ජාතික හා ජාත්‍යන්තර තරග විනිසුරු N. K. J. පියරත්න, ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර කමිටුවේ ‍ලේකම් වින්ග් කමාන්ඩර් එරන්දික ගුණවර්ධන, ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ ගරු ලේකම් M. A. C. K. මල්ලවාරච්චි සහ ශ්‍රී ලංකා රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍රනාත් යන මහත්වරුන් සහභාගී වූහ.

පසුගිය ලිපි: ජාත්‍යන්තර පදක්කම් ලාභීන් පවා පරාජය කරමින් මල්ලවපොරය ඉදිරියටම

77 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි අනුශූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.

මෙම ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර එම අංශයේ අනුශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත්විය. කණිෂ්ඨ අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ වලල A රත්නායක ක්‍රීඩා සමාජයයි.

ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක H. P. T. P. චන්ද්‍රසේන විසින් දිනා ගන්නා ලදී.

2003 සිටම අඛණ්ඩව ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම මෙවරත් එම ශූරතාවය තමන් සතු කරගැනීමට සමත්විය. මෙවර තරගාවලියේදී රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් නාවික හමුදා කණ්ඩායමේ නායක චතුරංග ThePapare.com සමඟින් මෙසේ තම සතුට ප්‍රකාශ කර සිටියා.

ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ අවසන් තරග ප්‍රතිඵල සාරාංශය

කිලෝග්‍රෑම් 57 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය H P T P චන්ද්‍රසේන ශ්‍රී ලංකා යුධ හමුදාව
දෙවන ස්ථානය L A D T පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව
තෙවන ස්ථානය C D අසංග ශ්‍රී ලංකා නාවික හමුදාව

කිලෝග්‍රෑම් 61 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය C D ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය E M S ප්‍රියංකර ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය Y P S චතුරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම් 65 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය W C M පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය E M K ප්‍රියංකර ශ්‍රී ලංකා නාවික හමුදාව
තෙවන ස්ථානය M R N ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුධ හමුදාව

කිලෝග්‍රෑම් 71 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය H S බුද්ධික ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය G H M P K හේරත් ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය W G A T ධර්මසිරි ශ්‍රී ලංකා යුධ හමුදාව B

කිලෝග්‍රෑම් 74 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය P S V ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය B P රත්නායක ශ්‍රී ලංකා නාවික හමුදාව
තෙවන ස්ථානය K එදිරිසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව

කිලෝග්‍රෑම් 80 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය E M L ප්‍රියංකර ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය W S N ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය D P R රණසිංහ ශ්‍රී ලංකා පොලිස්

කිලෝග්‍රෑම් 97 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය B නලින්ද කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව
දෙවන ස්ථානය H G D රංගන ශ්‍රී ලංකා නාවික හමුදාව
තෙවන ස්ථානය N සදරුවන් Cambrigan ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 125 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M K K ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය U A M C ඇල්බට් ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය D V D A ජයසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාව

බර පන්ති 8කින් 7කම ජය හිමිකරගනිමින් ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනාගන්නා ලදී. මෙම ජයග්‍රහනය වෙනුවෙන් කැපවූ තම කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් හටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ සියලූම නිලධාරීන් හටත් තම ස්තූතිය පුදකරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නායිකාව ThePapare.com සමඟින් කියා සිටියා.

“මම සියලුම දෙනාට ස්තූතිය පුදකරනවා අපේ ක්‍රීඩිකාවන්ගේ දුර්වල තැන් සොයාගෙන මේ රන් පදක්කම් වලට යන්න අපිට ශක්තියක් ලබා දුන්නට”

ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ අවසන් තරග ප්‍රතිඵල සාරාංශය

කිලෝග්‍රෑම් 48 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය H N N කරුණාසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය S P S N නිරෝෂනී ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය R M M K M රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම් 53 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය A P ලක්ෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය A K කරුණාරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව B
තෙවන ස්ථානය P P A K විජේසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව

කිලෝග්‍රෑම් 58 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය S A A M දෙව්මිණි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය R K ගලගොඩපිටය ශ්‍රී ලංකා යුධ හමුදාව

කිලෝග්‍රෑම් 60 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය W M D D K වීරභාහු ශ්‍රී ලංකා නාවික හමුදාව
දෙවන ස්ථානය P A  K මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව
තෙවන ස්ථානය D G H M හේමන්තා පරාක්‍රම ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 63 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M W D M ප්‍රියංගා කුමාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය K K D P වික්‍රමපාල ශ්‍රී ලංකා ගුවන් හමුදාව
තෙවන ස්ථානය M N ප්‍රියදර්ශණී ශ්‍රී ලංකා යුධ හමුදාව

කිලෝග්‍රෑම් 69 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය G A සෙනවිරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය N P R L ජයරත්න ශ්‍රී ලංකා පොලීසිය
තෙවන ස්ථානය A M N රූපසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම් 75 කාන්තා

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය W A C K R වීරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය K G J M කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය K G S මදුෂිකා ශ්‍රී ලංකා පොලීසිය


77 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ ජය හිමි කරගත්තේ වලල A රත්නායක ක්‍රීඩා සමාජය විසිනි. එම කණ්ඩායමේ නායක M. G. P. බිම්සර ThePapare.com සමඟින් පවසා සිටියේ මේ ජයග්‍රහනය ලබා ගැනීමට පුහුණුකරුවන් සියලු දෙනා ඇතුළුව කණ්ඩායමේ සියළුම දෙනා එක ලෙස කැපකිරීම් කළ බවයි.

කණිෂ්ඨ අංශයේ අද පැවැති අවසන් තරගයන් හි ප්‍රතිඵල සාරාංශය

කිලෝග්‍රෑම් 50 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය Y  D D මදුශංඛ මාරපොල ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය T K U මදුශංඛ ජා-ඇල Young  ෂැඩෝස් ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය N A M ශිවන්ක Princes of Wales ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 55 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය T K N D වික්‍රමසිංහ වලල A රත්නායක ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය M G G පීරීස් Princes of Wales ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය M A P පෙරේරා පරාක්‍රම ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 60 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M P S ප්‍රනාන්දු ජා-ඇල Young  ෂැඩෝස් ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය H ලහිරු කොච්චිකඩේ ක්‍රීඩා  සමාජය

කිලෝග්‍රෑම් 63 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M G P බිම්සර වලල A රත්නායක ක්‍රීඩා  සමාජය
දෙවන ස්ථානය I P R දිවාන් මාරපොල ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය M H M S ප්‍රමෝද්‍ය වනාතමුල්ල ප්‍රජා මණ්ඩල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 66 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය R A V ප්‍රනාන්දු වනාතමුල්ල ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය E M V ඒකනායක වලල A ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 70 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය T W G S M S සෙනවිසිංහ වලල A ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය M S M හසන් වනාතමුල්ල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 84 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය C මල්ගහගමගේ Princes of Wales ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය N P T සාරංග මාරපොල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 96 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M G I S ජයතිලක තෙල්දෙණියක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය J C N ප්‍රනාන්දු මාරපොල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 120 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M D M රන්දිම ජා-ඇල Young  ෂැඩෝස් ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය H N K P කරුණාතිලක මාරපොල ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය U G I නිමන්ත දක්ෂිණ ක්‍රීඩා සමාජය ගාල්ල