ජෝෆ්රා ආර්චර් හා ස්ටෝක්ස් ඉන්දියාවෙන් යයි

179

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ ජෝෆ්රා ආචර් හා බෙන් ස්ටොක්ස් ඊයේ (25) දිනයේ සිට මෙවර IPL ක්‍රිකට් පිටියට සමු දී ඇත.

විදෙස් ක්‍රීඩා තරු මෙවර IPL පිටියට සමුදීම ඇරඹේ

2019 IPL තරගාවලිය අවසන් වීමටත් පෙරම ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම සඳහා…….

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඊයේ (25) පැවැත්වුණු ක්‍රිකට් තරගයේ දී ආචර් පන්දු 12ක් තුල ලකුණු 27ක් වාර්තා කරමින් සිය කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් වෙත යාමට අවශ්‍ය මඟ සකසා දුන්නේය.

එසේම පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුල සිය ප්‍රතිවාදීන් හට ලකුණු 28ක් පමණක් ලබා දෙමින් ඉතාමත් හොඳ පාලනයක් ඇතිව පන්දු යැවීම ද සිදු කරමින් දස්කම් අතරට පැමිණීමට ආචර් සමත් විය.

ඊට අමතරව රියාන් ප්‍රාග් පන්දු 31ක් තුල ලබා ගත් වේගවත් ලකුණු 47ක ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ දිනයේ වාර්තා කර ගත් ජයග්‍රහණය සඳහා විශාල පිටිවහලක් විය.  

“රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මාව මිල දී ගැනීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. ඔවුන්ගේ අරමුණු හැකිතාක් මට්ටමකට ඉටු කළා කියලා මම හිතනවා. කවුරු හරි ඇවිත් මගේ තැනයි ස්ටොක්ස්ගේ තැනයි ගන්නවා නම් ඒක කණ්ඩායමට ඉතාමත් වටිනවා.” යැයි 24 හැවිරිදි ජෝෆ්රා ආචර් තරගයට පසුව පැවසීය.

RCB කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු IPL වලින් ඉවතට

2019 IPL තරගාවලියේ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය ……

ජාත්‍යන්තර මට්ටමේ කිසිදු ක්‍රිකට් තරගයක් නියෝජනය කර නොමැති ආචර් එළඹෙන මස ආරම්භයේ දී අයර්ලන්තයට හා පාකිස්තානයට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් ද වේ.

එංගලන්තය විසින් පසුගිය දා නම් කරන ලද ලෝක කුසලාන මූලික සංචිතයේ සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන බෙන් ස්ටොක්ස් ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමු දුන්නේ ඊයේ පැවැත්වුණු තරගයේ දී වන අතර 2019 IPL තරගාවලියේ තරග 9ක් නියෝජනය කළ ඔහු ලකුණු 123ක් ලබා ගත්තේ කඩුලු 6ක් ද දවා ගනිමිනි.

“ජෝෆ්රා හා ස්ටොක්ස් අද (25) කණ්ඩායමෙන් යනවා. ඒ හිස්තැන් දෙක පුරවන්න තරමක් අමාරු වේවි. මමත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එකතු වන්න ඕන, නමුත් තරග 13ක් වෙනකන් මම ඉන්දියාවේ රැඳී ඉන්නවා.” යැයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් නායක ස්ටීව් ස්මිත් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

මෙවර IPL තරගාවලියේ මේ දක්වා තරග 11ක් ක්‍රීඩා කර තිබෙන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන් තරග 4ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<