ගෙවුනු දවස පෙබරවාරි 18 – නාවිකයෝ පරාජය වෙති

388

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට්

ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (18)  අවසන් වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයට හා කොළඹ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණ හිමි කර දෙමිනි. එමෙන්ම සාන්ත තෝමස් විද්‍යාලය හා ත්‍රිත්ව විදුහල අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 282 (91.4): දිනිත බස්නායක 64, ශෙහාන් ප්‍රනාන්දු 51, ඩිලාන් චතුරංග 42, චලන සංකල්ප 30, නිපුන් සුමනසිංහ 4/32

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 364/8 (88): නිපුන් සුමනසිංහ 114, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 72, පහන් පෙරේරා 59, දිනෙත් මදුරාවල 49, රෙශාන් කවිශ්ක 3/84

සම්පූර්ණ ලකුණු සටහන: රනිල් අබේනායක කුසලානය තොමසුවන්ට


එංගලන්ත දෙවන ඉනිම බිඳ වැටේ

ඊයේ දිනය නිමාවෙද්දී  ජයග්‍රහණයක් පිලිබඳ සේයාවක්වත් නොතිබුණු ශ්‍රී ලංකා A – එංගලන්ත ලයන්ස් ටෙස්ට් ක්‍රිකට් සටනේ දෙවැනි දිනය ගත වන විට තත්වය යම් තරමක් දුරට සැනසිලිදායක බවට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකා දඟ පන්දු එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දෙවැනි ඉනිම බිඳ හෙලීමත් සමගයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): සඳුන් වීරක්කොඩි 68, දිල්රුවන් පෙරේරා 37, මලින්ද පුෂ්පකුමාර 26, ලහිරු ගමගේ 8*, රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 112 (පන්දුවාර 40): කීතන් ජෙනින්ග්ස් 37, ලියාම් ලිවින්ග්ස්ටන් 16, ටොම් වෙස්ට්ලි 15, සෑම් කුරාන් 14*, මලින්ද පුෂ්පකුමාර 3/28, දිල්රුවන් පෙරේරා 2/42, ලහිරු ගමගේ 1/13.

සම්පූර්ණ තරග වාර්තාව: ලයන්ස් පිළේ දෙවැනි ඉනිම නොසිතූ අයුරින් බිඳ වැටෙයි


පාපන්දු

රිනවුන් 02 – 01 නාවික හමුදාව

ප්‍රථම අර්ධයේ දී වැඩි වාසිය නාවික හමුදාව සතු වූවත්, දෙවන අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රිනවුන් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කලේ ගෝල 02-01ක් ලෙස නාවික හමුදාව පරාජය කරමිනි. ශූරයින්ගේ කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේ 6 වැනි සතියේ දෙවැනි තරගය එලෙස නිමාව දුටුවේ කැලණිය පාපන්දු සංකීර්ණයේදීයි.

  • ප්‍රථම අර්ධ: නාවික හමුදාව 01 – 00 රිනවුන්
  • අවසන් ලකුණු තත්වය: නාවික හමුදාව 01 – 02 රිනවුන්

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් රිෆ්නාස් (රිනවුන්)

සම්පූර්ණ තරග වාර්තාව: එක් ගෝලයකින් නාවිකයන් රිනවුන් හමුවේ පරාජය වේ

දිනයක අවසානය

අද දිනයේ පුවත් සඳහා රැදී සිටින්න – මුල් පිටුව සමඟින්