රනිල් අබේනායක කුසලානය තොමසුවන්ට

400
U19 SChools Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (18)  අවසන් වූයේ කැලණිය ගුරුකුල විද්‍යාලයට හා කොළඹ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණ හිමි කර දෙමිනි. එමෙන්ම සාන්ත තෝමස් විද්‍යාලය හා ත්‍රිත්ව විදුහල අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

ඉනිමක ජය සාන්ත මරියා හා රිච්මන්ඩ් විද්‍යාල වලට

සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට් තරග මෙන්ම සහෝදර ක්‍රිකට් සටනේ පෙර පුහුණු තරගයෙන් ද වර්ණවත් වූ පාසල් ක්‍රිකට් පිටියේ අද (17) දිනය කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එදිරිව කැලණිය ගුරුකුල විද්‍යාලය

දෙවන දිනය අරඹන විට කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලෙස සටහන්ව තිබූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන්න ද, ගුරුකුල විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි විය.

සාන්ත අන්තෝනි ඉනිම වෙනුවෙන් කවිඳු මදුක ලකුණු 32ක් ලබාගෙන මැදපෙළ සවිමත් කල ද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් උදාර රවිදු හා කෙමිර නයනතරු පිත්තෙන් දස්කම් දක්වන ලදි. තුශාර මදුෂාන් කඩුලු 3ක් සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ඩැහැ ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 103 (39.1): රශ්මික මෙවන් 35, අවින්ද පසිදු 30, සචිත චමිත් 3/10, උදාර රවිඳු 3/10, ලසිදු අරෝශ් 3/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 143/7 dec (23.2): පෘථිවි රූසර 63, තුශාර මදුෂාන් 2/29, අවිශ්ක තරිදු 2/30, කවිඳු මදුක 2/32

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම -සියල්ලන්ම දැවී 153 (48.4): අවිශ්ක තරිඳු 33, කවිඳු මදුක 32, රශ්මික මෙවන් 28, සචින්ද්‍ර චමිත් 3/26, නවීන්ද්‍ර චරිත් 3/36

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 4ක් දැවී 114 (26.4): උදාර රවිඳු 47, කෙමිර නයනතරු 30*, තුශාර මදුෂාන් 3/58


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

නාලන්ද විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ අද දිනය මලියදේව විද්‍යාලයේ දෙවන ඉනිම සමඟින් ආරම්භ විය. එම ඉනිම වෙනුවෙන් ඩිල්ශාන් කොල්ලුරේ නාලන්ද පිටියේ දී යලිත් අර්ධ ශතකයක් එක් වාර්තා කලේය. නාලන්ද විද්‍යාලයට තම ජයග්‍රහණය සඳහා ලකුණු 100ක ඉලක්කයක් හිමි විය. එහි දී මාලිංග අමරසිංහ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය. දමිත සිල්වා කඩුලු 2ක් දවා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 126 (40.3): ඩිල්ශාන් කොල්ලුරේ 65, දමිත සිල්වා 23, ලක්ෂිත රසාංජන 4/13, අසේල කුලතුංග 3/17

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 206 (49): දසුන් සෙනෙවිරත්න 66, රූසර ද සිල්වා 27, කලන කත්‍රිආරච්ච් 27, දමිත සිල්වා 5/46, සංජීවන් ප්‍රියදර්ශන 3/57

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 179 (493): ඩිල්ශාන් කොල්ලුරේ 50, මුදිත ප්‍රේමදාස 33, ලක්ෂිත රසාංජන 3/41, කවීෂ මදුරප්පෙරුම 3/32

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – 103/4 (22.5): මාලිංග අමරසිංහ 31, දමිත සිල්වා 2/61


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය තම පිළිතුරු පළමු ඉනිම අවසන් දිනය පුරාවටම දියත් කර අතර නිපුන් සුමනසිංහ සුපිරි ශතකයක් සමඟින් ලකුණු 114ක් ලබා ගන්නා ලදි. දිනෙත් මදුරාවල අවාසනාවන්ත ලෙස ලකුණු 49කට දැවී ගිය අතර, දක්ෂ පන්දු යැවීමක නිරත වුනු රෙශාන් කවිශ්ක කඩුලු 3ක් දවාලන ලදි. අවසානයේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 282 (91.4): දිනිත බස්නායක 64, ශෙහාන් ප්‍රනාන්දු 51, ඩිලාන් චතුරංග 42, චලන සංකල්ප 30, නිපුන් සුමනසිංහ 4/32

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 364/8 (88): නිපුන් සුමනසිංහ 114, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 72, පහන් පෙරේරා 59, දිනෙත් මදුරාවල 49, රෙශාන් කවිශ්ක 3/84


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (රනිල් අබේනායක සමරු කුසලානය)

තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් ත්‍රිත්ව විද්‍යාලය ගල්කිස්සේ දී පළමුව පිටියට පිවිසෙන ලදී. මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගන්නට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය.

තොමසුවන්ගේ පළමු ඉනිමට පිළිතුරු ලෙස තම දෙවන ඉනිම ක්‍රියාත්මක කල ත්‍රිත්ව විද්‍යාලයේ සියල්ලන්ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට තෙවින් ඊරියගම ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් විය. දෙවන ඉනිමට ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කයක් සාන්ත තෝමස් විද්‍යාලයට හිමි වූ අතර, එම ජයග්‍රහණයේ නියමුවානන් වීමට රුමේෂ් නල්ලපෙරුම සමත් වූයේ නොදැවී ලකුණු 35*ක් ලබා ගෙනයි. මෙම තරගයේ විශේෂීතම සිදුවීම වූයේ ඩේවි වට්මෝර් සාන්ත තෝමස් විද්‍යාලයේ පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමයි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 224 (64.5): විමංග සූරියන්පොළ 36, ශැනොගීත් ශන්මුගනාතන් 35,හසින්ත ජයසූරිය 26, පූර්ණ වනසේකර 23, පවිත් රත්නායක 5/54

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 179/9 dec (52): සිතාර හපුහින්න 76, ඩිලෝන් පීරිස් 31*, විමුක්ති නෙත්මල් 5/53

ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 76 (22.5): තිසරු ඩිල්ශාන් 37, තෙවින් ඊරියගම 4/18, ඩිලෝන් පීරිස් 3/25, පවිත් රත්නායක 3/29


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එදිරිව ගාල්ල මහින්ද විද්‍යාලය

පළමු දිනට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක මහින්ද විද්‍යාලයේ නායකයා පළමුව පන්දුවට පහර දීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

ඇලෝසියස් විද්‍යාලයේ ලකුණු පුවරුව තම කර මතට ගත් රවිඳු සංජන හා හරීන් බුද්ධිල විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවමින් පළමු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 247ක් දක්වා ගෙන යෑමට සහය විය. අශේන් බණ්ඩාර ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, ප්‍රමිත හංසික කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 247 (59.5): රවිඳු සංජන 89, හරීන් බුද්ධිල 77, අශේන් බණ්ඩාර 52, ප්‍රමිත හංසික 3/30

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී 38 (21):

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට