එක් ගෝලයකින් නාවිකයන් රිනවුන් හමුවේ පරාජය වේ

665
DCL 2016 super 8 week 6 2nd match Renown SC v Navy SC

ප්‍රථම අර්ධයේ දී වැඩි වාසිය නාවික හමුදාව සතු වූවත්, දෙවන අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රිනවුන් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කලේ ගෝල 02-01ක් ලෙස නාවික හමුදාව පරාජය කරමිනි. ශූරයින්ගේ කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේ 6 වැනි සතියේ දෙවැනි තරගය එලෙස නිමාව දුටුවේ කැලණිය පාපන්දු සංකීර්ණයේදීයි.

යුධ හමුදාව ඉදිරියේ සොලිඩ් ලැජ්ජාවට පත්වෙයි

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ගෝල 07-00ක් ලෙස යුධ සෙබළුන් ජයග්‍රහණය ලබා ගනිමින් 6 වැනි තරග සතිය අදින් (17) ආරම්භ විය.

විනිසුරුගේ ආරම්භක සංඥාවත් සමඟින් තරගය ආරම්භ වූ අතර ක්‍රීඩකයෝ ගෝලයක් ලබා ගැනීමට පන්දුව පසුපස ඔවුන්ගේ පාද මෙහෙය වන ලදි. තරග ආරම්භයේ සිට මිනිත්තු 30ක් පමණ වන තෙක් දෙපිලට ගෝල රැස් කිරීමට නොහැකි වූ නමුත්, ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් නාවික හමුදා ක්‍රීඩක ජෙරාන් ප්‍රනාන්දුගේ ගෝලයක් සාර්ථක වූයේ ධම්මික රත්නායකගේ උදව්ව ද ඇතිවයි. එම ගෝලයත් සමඟින් තරගයේ පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර ප්‍රථම අර්ධය අවසානයේ ජයග්‍රාහී මනසකින් යුතුව ඔවුන් විවේකාගාරය බලා  පිටත් විය.

ප්‍රථම අර්ධ : නාවික හමුදාව 01 – 00 රිනවුන්

නාවිකයෝ පරාජය කරමින් තරගය ජයග්‍රහණය කිරීමේ අදිටනින් පිටියට පිවිසි රිනවුන් කණ්ඩායමේ උත්සාහය මල්ඵල ගන්වමින් 51 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට මොහොමඩ් රිෆ්නාස් සමත් විය. ජොබ් මයිකල්ගේ අනගා පන්දු යොමුවත් සමඟින් එම උත්සාහක දිනුම සාර්ථක වූයේ ලකුණු මට්ටමද සම කරමිනි.

ගෝලයක් වාර්තා කරමින් රිනවුන්ට වඩා පෙරමුණ ගැනීමට නාවිකයෝ උත්සහ කලද, රිනවුන් ක්‍රීඩා සමාජය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ලකුණක පරතරයක් ලබා ගැනීමට සමත් විය. එම ගෝලය රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් විසින් සාර්ථක කර ගත් අතර සෘජුවම උදයංග පෙරේරා හට පන්දුව යොමු වූවත් කිසිදු බාධකයකින් තොරව දැල තුලට පන්දුව යොමු විය.

නාවික හමුදාවට ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක් හිමිවුව ද, ඒවා සාර්ථකව ලකුණු බවට පත් කරගැනීමට ඔවුන්ට නොහැකි විය. නාවික ක්‍රීඩක චලන චමීරට නිදහස් පහරක් ලැබුනු නමුත් එය ගෝලයක් බවට පරිවර්තනය වූයේ නැත.

අවසන් ලකුණු තත්වය : නාවික හමුදාව 01 – 02 රිනවුන්

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් රිෆ්නාස් (රිනවුන්)

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

නාවික හමුදාව : ජෙරන් ප්‍රනාන්දු 34’
රිනවුන් : මොහොමඩ් රිෆ්නාස් 51’, ජොබ් මයිකල් 76’

කහ කාඩ්පත්

රිනවුන් : මොහොමඩ් රිස්කාන් 43’, මොහොමඩ් මුජීබ් 71’
නාවික හමුදාව : ඩී. රත්නායක 51’, සී. චමීර 79’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට 

WATCH MATCH REPLAY