ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු කිහිපයක් අද තරග බිමට

170
All Sri Lankan athletes

8 වන වරටත් පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා ඉරානයේ ටෙහෙරාන් හිදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක් සහභාගී වේ.

මංජුල, ලේකම්ගේ හා සම්පත් පදක්කම් බලාපොරොත්තු අතරට

එළඹෙන මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත 21 වන..

2004 වර්ෂයේ දී ආරම්භ වූ මෙම තරගාවලිය ඉරානයේ දී පැවැත්වෙන්නේ 3 වන වරටයි. මීට පෙර ඉරානය මේ සඳහා 2004 හා 2010 වර්ෂයේ දී සත්කාරකත්වය දක්වා ඇත. මේ සඳහා ආසියාවේ සිටින දක්ෂ මලල ක්‍රීඩකයින් රැසක් සහභාගී වන අතර 17 වන වරටත් පැවැත්වෙන ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මේ වසරේ මාර්තු මස 1 සිට 4 දක්වා එංගලන්තයේ බ්‍රිමින්හැම් හිදී පැවැත්වෙන වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමට නිමාලි ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න (800m), උපමාලිකා රත්නකුමාරි (400m), හසිනි පබෝදා (තුන් පිම්ම්) හා ප්‍රසාද් විමලසිරි (දුර පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩාවන් ඇතුලත්ය.

උපමාලිකා මෙවර තරගාවලිය නියෝජනය කරමින් තරග වටයකට සහභාගී වන පළමු ක්‍රීඩිකාව වන අතර ඇය පසුගිය වසරේ පැවැත්වූ මැලේසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඇයගේ හොඳම කාලය (තත්පර 53.88) වාර්තා කරමින් එහි රන් පදක්කම දිනාගත්තාය. ඊට පෙර ඇයගේ හොඳම කාලය වාර්තාව තබා තිබුණේ 2016 වර්ෂයේ දී දියගම ක්‍රීඩා පිටියේ වන අතර එහි දී ඇය තත්පර 53.63ක කාලයක් වාර්තා කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න..

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු යුගලයක් වන නිමාලි ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් දෙදෙනා ද මීට සහභාගි වන අතර මීටර 800 අවසන් තරගය අද පැවැත්වේ. පසුගිය වසරේ පස්වැනි ආසියානු ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ලියනාරච්චි එහි දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා මීටර් 800ක ජාතික එළිමහන් වාර්තාවක් හිමි ගයන්තිකා ද මෙහි දී හොඳ තරගයක් දෙනු ඇත.

19 හැවිරිදි හසිනි නිමාවූ 33 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ හොඳම දුර පනින්නිය විය. ජාත්‍යන්තර අත්දැකීම් රහිත මේ ක්‍රීඩිකාව හට ලැබී ඇති අවස්ථාව ඉතාමත් අනගි අවස්ථාවකි. ඒ නිසා ඇයගේ යොවුන් දස්කම් ලොවටම පෙන්නීමට මෙම තරග ඉසව්ව ඉතාමත් වැදගත් වේ.

ජාතික දුර පැනීමේ ශූරයා වන ප්‍රසාද් මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින එකම ක්‍රීඩකයා වේ. නිමා වූ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 8.13ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට මොහු සමත් විය. එසේම මාතර දී පැවැත්වූ 43 වන ජාතික ක්‍රීඩා උළෙලේ දී මීටර 7.83ක් දක්ෂතාවයක් පෙන්නුම් කළේය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<