ගෙවුණු දවස දෙසැම්බර් 28 – උද්වේගකර ක්‍රිකට් සති අන්තය ආරම්භ වේ

221

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ලහිරු සමරකෝන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ජාතික කණ්ඩායමේ හිස්තැන් පිරවීමට ආදේශක සොයා යාමේ දී වැඩිම වටිනාකමක් හිමිවන, ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ සිව්වැනි සතිය අද (28) දිවයින පුරා ක්‍රීඩාංගණය රැසක දී ආරම්භ විය. එහි දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය දියත් කළ සුපිරි පිතිකරණය දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 43.2): ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ප්‍රිමෝශ් පෙරේරා 20, ලහිරු සමරකෝන් 4/56, ඉම්රාන් කාන් 2/13, ‍රමේෂ් මෙන්ඩිස් 2/73.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 132 (පන්දුවාර 43.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 38*, තරිඳු රත්නායක 2/55.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 418 (පන්දුවාර 90): ඕෂද ප්‍රනාන්දු 181, ශෙහාන් ජයසූරිය 118, සචිත්‍ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, ජනිත් සිල්වා 2/59.

තරග සියල්ලේම වාර්තාව: ඕෂද සහ ශෙහාන්ගෙන් යුධ හමුදාවට දරුණු ප්‍රහාරයක්!


කාෂිෆ් නවීඩ්ට ද්විත්ව ශතකය මඟ හැරේ

අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලිය නියෝජනය කරන පාකිස්තාන ක්‍රීඩක කාෂිෆ් නවීඩ් තම පළමු පෙළ තෙවැනි ශතකය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව රැස් කරමින් තරගාවලියේ මේ සතිය ආරම්භක දිනයේ දී කැපී පෙණෙන පිතිකරුවා බවට පත් විය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (92.1) සකුරංග ෆොන්සේකා 73, ෂශ්‍රීක පුස්සෙගොල්ල 31, කාෂිෆ් නවීඩ් 192, සුදාරක දක්ෂින 3/108, ඉෂාන් අබේසේකර 3/96

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234(59.1) ලක්ෂාන් ප්‍රනාන්දු 51, රොස්කෝ තටිල් 33, රාජු ගයාෂාන් 58, චමෝද් පියුමාල් 2/54, නිමේෂ් විමුක්ති 5/84

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 76 (30.0) තරිඳු ඩිල්ශාන් 38, සොහාන් රංගික 2/18

තරග සියල්ලේම වාර්තාව: පාකිස්තානයේ නවිඩ් ශ්‍රී ලංකා පිටිය කලඹයි 


මහින්ද විද්‍යාලයට සුපිරි ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ ලබාගත් අද (29) දිනය තුලත් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම සාර්ථකව පැවැත්විය. එසේම සාන්ත තෝමස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගයේ පළමු දිනය ද අද නිමා වූයේ තියුණු සටනක පෙර නිමිති පල කරමිනි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 108/10 (35): මොහොමඩ් ශමාස් 47, නවෝද් පරණවිතාන 3/07, කේ. කේ. කෙවින් 3/18, පසන් පෙතනගොඩ  3/39.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 247/6 d (63): හංසික වැලිහිඳ 59, අශේන් කණ්ඩම්බි 39, රෙෂාන් කාවින්ද 36*, චමෝද් පරණවිතාන 34.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (15.2): මොහොමඩ් රිෆාත් 42, පසන් පෙතනගොඩ 4/19, කවිඳු එදිරිවීර 3/34.

තරග සියල්ලේම වාර්තාව: ගාල්ලට හා මොරටුවට දැවැන්ත ජයග්‍රහණ

දිනයක අවසානය