කිත්රුවන්ට ක්‍රීඩා පිටියේ දොර වැසේ

897
Kithruwan vithanage

විනය විරෝධි හැසිරිමක් හේතුකොට ගනිමින් 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතා‍නගේට වහාම ක්‍රියාත්මක වන පරිදි වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් තීරණය කර අැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වු ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ ලේකම් මොහාන් ද සිල්වා ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියේ

“ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට අැති බලතල අනුව ඔහුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම වසරක කාලයකට තහනම් වන අතර ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ පහසුකම් භාවිතා කර පුහුණුවීම පවා ඔහුට වසරක් යනතෙක් සිදු කිරීමට නොහැකි” බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ විනයභාර මණ්ඩලය විසින් ජුනි 25වැනිදා සිට සිදු කල විමර්ශණ කටයුතුවලින් ඔහු මෙවැනි ගැටුමක් මෑත කාළයේදි අැති කර ගත් බව ඔප්පු වී අැති අතර එෙහයින් වසරක කාලයකට තහනමක් පැනවීමට ඉකුත් මණ්ඩලය විසින් තිරණය කර අැත.

විනාතගේ මීට ප්‍රථමයෙන්ද මෙවැනිම අාකාරයේ තරග තහනමකට ලක්වන්නේ 2014 වර්ෂයේදි පකිස්තානයට එරෙහිව ගාල්ලේදි පැවති ටෙස්ට් තරගයක් අතරතුර මධ්‍යම රාත්‍රියේදි නවාගත් හෝටලයෙන් පිටවී යෑමක් නිසාවෙනි.

විතානගේ විසින් මේවන විට ටෙස්ට් තරග 10ක්, එක්දින තරග 6ක් සහ 20-20 තරග 3 ක්‍රීඩා කර අැති අතර මෙම තහනමට ප්‍රථම පකිස්තානය සමඟ එංගන්තයේදි පැවැත්වෙන තරග සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු අැතුලත් කර තිබුනු අතර මේ වන තෙක් ඔහු වෙනුවෙන් අාදේශ කරන්නේ කවුරුන්ද යන්න පිළිබද දැනුවත් කිරීමක් සිදු කර නොමැත.

රමිත් රඹුක්වැල්ලට එරෙහිව කිසිදු විමර්ශණයක් හෝ චෝදනා පත්‍රයක් ගොනු කර නොමැති බවත් ලේකම් මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට