Home Sinhala බංග්ලාදේශය හමුවේ එංගලන්තය පහසු ජයග්‍රහණයකට

බංග්ලාදේශය හමුවේ එංගලන්තය පහසු ජයග්‍රහණයකට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

114
ICC Twitter

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තරගයක් අද (27) අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ බංග්ලාදේශ සහ එංගලන්තය අතරයි.

ශ්‍රි ලංකාව සමඟ පැවති තරගයෙන් ලද පරාජය නිසාවෙන් බංග්ලාදේශයට ඉතා තීරණාත්මක තරගයක් වූ මෙම තරගය ද ප්‍රබල එංගලන්තය හමුවේ කඩුලු 8කින් පරාජය වන්නට ඔවුන්ට සිදු වුනා.

කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක Mahmudullah පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • බංග්ලාදේශය: Mohammad Naim, Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mahmudullah (c), Afif Hossain, Nurul Hasan (wk), Mahedi Hasan, Shoriful Islam, Mustafizur Rahman, Nasum Ahmed
  • එංගලන්තය: Jason Roy, Jos Buttler (wk), Dawid Malan, Jonny Bairstow, Eoin Morgan (c), Liam Livingstone, Moeen Ali, Chris Woakes, Chris Jordan, Adil Rashid, Tymal Mills

බංග්ලාදේශ නායකයාගේ තීරණය වැරදි බව සනාථ කරමින් බංග්ලාදේශ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 26ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට Moeen Aliට සහ Chris Woakesට හැකි වුනේ Mohammad Naim, Liton Das සහ Shakib Al Hasan නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

කඩා වැටුණු බංග්ලාදේශ ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 37ක සම්බන්ධතාවක් ගොඩනැගීමට Mushfiqur Rahim සහ Mahmudullah සමත් වූ නමුත් ලකුණු 29ක් ලබා සිටි Rahim පිටියෙන් ඉවත් කිරීමට Liam Livingstoneට හැකි වුනා.

බංග්ලාදේශ අගපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි Nasum Ahmed පන්දු නවයක දී ලබා ගත් ලකුණු 19 නිසාවෙන් බංග්ලාදේශ ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 124ක් ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී Tymal Mills කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර Liam Livingstone සහ Moeen Ali අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 125ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Jason Roy සහ Jos Buttler පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු ලකුණු 18ක් ලබා සිටි Jos Buttler පිටියෙන් ඉවත් වුනේ Nasum Ahmedගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියේ එක්වූ Dawid Malan සහ Jason Roy බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගයේ වැඩි ගෞරවh එංගලන්ත කණ්ඩායමට ගෙන ආවා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Jason Roy පන්දු 38ක දී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමඟින් ලකුණු 61ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුට අගනා සහයක් ලබා දෙමින් Dawid Malan නොදැවී රැස් කළ ලකුණු 28 නිසාවෙන් එංගලන්තය පන්දුවාර 14.1ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන +3.614ක දල වේගයක් සමඟ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තයට හැකි වුනා.

ලකුණු සාරාංශය,

  • බංග්ලාදේශය – 124/9 (20): Mushfiqur Rahim 29, Nasum Ahmed 19*, Tymal Mills 3/27, Liam Livingstone 2/15, Moeen Ali 2/18
  • එංගලන්තය – 126/2 (14.1): Jason Roy 61, Dawid Malan 28*, Jos Buttler 18, Nasum Ahmed 1/26

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


England
126/2 (14.1)

Bangladesh
124/9 (20)

Batsmen R B 4s 6s SR
Liton Das c Liam Livingstone b Moeen Ali 9 8 2 0 112.50
Mohammad Naim Sheikh c Chris Woakes b Moeen Ali 5 7 0 0 71.43
Shakib Al Hasan (vc) c Adil Rashid b Chris Woakes 4 7 0 0 57.14
Mushfiqur Rahim lbw b Liam Livingstone 29 30 3 0 96.67
Mahmudullah c Chris Woakes b Liam Livingstone 19 24 1 0 79.17
Afif Hossain run out () 5 6 1 0 83.33
Nurul Hasan c Jos Buttler b Tymal Mills 16 18 0 0 88.89
Mehidy Hasan Miraz c Chris Woakes b Tymal Mills 11 10 2 0 110.00
Nasum Ahmed not out 19 9 1 2 211.11
Mustafizur Rahman b Tymal Mills 0 1 0 0 0.00


Extras 7 (b 1 , lb 1 , nb 0, w 5, pen 0)
Total 124/9 (20 Overs, RR: 6.2)
Bowling O M R W Econ
Moeen Ali 3 0 18 2 6.00
Chris Woakes 4 0 12 1 3.00
Adil Rashid 4 0 35 0 8.75
Chris Jordan 2 0 15 0 7.50
Tymal Mills 4 0 27 3 6.75
Liam Livingstone 3 0 15 2 5.00


Batsmen R B 4s 6s SR
Jason Roy c Nasum Ahmed b Shoriful Islam 61 38 5 3 160.53
Jos Buttler c Mohammad Naim Sheikh b Nasum Ahmed 18 18 1 1 100.00
Dawid Malan not out 28 25 3 0 112.00
Jonny Bairstow not out 8 4 1 0 200.00


Extras 11 (b 0 , lb 6 , nb 0, w 5, pen 0)
Total 126/2 (14.1 Overs, RR: 8.89)
Bowling O M R W Econ
Shakib Al Hasan 3 0 24 0 8.00
Mustafizur Rahman 3 0 23 0 7.67
Shoriful Islam 3.1 0 26 1 8.39
Nasum Ahmed 3 0 26 1 8.67
Mehidy Hasan Miraz 2 0 21 0 10.50