පාකිස්තානයේ නවිඩ් ශ්‍රී ලංකා පිටිය කලඹයි

392
Sri Lanka premier League 2017/18 Tier B December 28th roundup

අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලිය නියෝජනය කරන පාකිස්තාන ක්‍රීඩක කාෂිෆ් නවීඩ් තම පළමු පෙළ තෙවැනි ශතකය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව රැස් කරමින් තරගාවලියේ මේ සතිය ආරම්භක දිනයේ දී කැපී පෙණෙන පිතිකරුවා බවට පත් විය.

පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන නවිඩ් මෙම තරග වාරයේ රැස් කරන ලද දෙවැනි ශතකයයි මේ. මිට පෙර ඔහු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 111ක් ලබා ගත්තේ ය.

34 හැවිරිදි නවීඩ් තවමත් පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජන කිරීමේ වරම් අහිමි වූ දකුණත් ක්‍රීඩකයෙකි.  පන්දු 208කට මුහුණ දෙමින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 192කි. එම ඉනිම හතරේ පහර 31කින් සහ හයේ පහර 2කින් වර්ණවත්ව තිබුණි.

ඕෂද සහ ශෙහාන්ගෙන් යුධ හමුදාවට දරුණු ප්‍රහාරයක්!

ජාතික කණ්ඩායමේ හිස්තැන් පිරවීමට ආදේශක සොයා යාමේ දී වැඩිම වටිනාකමක් හිමිවන, ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ …

සංචාරක පාකිස්තාන් ක්‍රීඩක කාෂිෆ් නවීඩ්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් පානදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පානදුරේ දී පැවති තරගයේ පළමු දිනය නිමා වන විට පානදුර ක්‍රීඩා සමාජය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 375ක් ලබා සිටියේය.

නවීඩ්ට අමතරව ආරම්භක පිතිකරු සකුරං ෆොන්සේකා පන්දු 140කට මුහුණ  දෙමින් ලකුණු 73ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 106කි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (92.1) සකුරංග ෆොන්සේකා 73, ෂශ්‍රීක පුස්සෙගොල්ල 31, කාෂිෆ් නවීඩ් 192, සුදාරක දක්ෂින 3/108, ඉෂාන් අබේසේකර 3/96


ගුවන් හමුදාව සහ පොලිස් අතර තරගය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ දී ඇරඹි තරගයේ දී සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 235ක් රැස් කළහ. දිනය නිමා වන විට පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු76ක් ලබා සිටියි.

ගුවන් හමුදාව වෙනුවෙන් ලක්ෂාන් ප්‍රනාන්දු පන්දු 67ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ද, නායක රාජු ගයාෂාන් පන්දු 97ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ද ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක්වූහ.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන පොලිස් ක්‍රීඩක නිමේෂ් විමුක්ති ලකුණු 54කට කඩුලු 5ක් දවා ගත්තේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234(59.1) ලක්ෂාන් ප්‍රනාන්දු 51, රොස්කෝ තටිල් 33, රාජු ගයාෂාන් 58, චමෝද් පියුමාල් 2/54, නිමේෂ් විමුක්ති 5/84

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 76 (30.0) තරිඳු ඩිල්ශාන් 38, සොහාන් රංගික 2/18

 


මීගමුව සහ කළුතර ක්‍රිකට් සමාජ අතර තරගය

කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී සත්කාරක මීගමු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 221ක් ලබා ගත්හ. ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවන් වූයේ ප්‍රවීන් ප්‍රනාන්දු සහ ප්‍රසංශන ජයමාන්න ය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් පන්දු 193ක් බැගින් මුහුණ දී ලකුණු 86ක් සහ 54ක් රැස් කළහ. දෙදෙනා එක්ව එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 13කි.

පන්දු යැවීමේ දී වමත් පා දඟපන්දු යවන මතීෂ පෙරේරා ලකුණු 47කට කඩුලු 5ක් දවා ගත්තේය.

මිගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (92.2) ප්‍රවීන් ප්‍රනාන්දු 86, ප්‍රශංසන ජයමාන්න 54, ෂෛහාන් වීරසිංහ 31, රවින්ද්‍ර කරුණාරත්න 24, එරංග රත්නායක 2/12, මතීෂ පෙරේරා 5/47


ලන්කන් සහ කුරුණෑගල සමාජ අතර තරගය

ලන්කන් ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති තරගයේ දී සත්කාරක ලන්කන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙසින් දිනය අවසන් වන විට කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 17ක් ලබා සිටියහ.

ලන්කන් ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ චානක රුවන්සිරි ය. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් ලකුණු 81ක් ලබා ගත්තේය. ඊට අමතරව ශෂින් ප්‍රනාන්දු පන්දු 133ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් ඉනිම වර්ණවත් කළේය.

ලන්කන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (83.1) ශෂීන් ප්‍රනාන්දු 55, චානක රුවන්සිරි 81, දිනුෂ්ක මාලන් 32, රජීව වීරසිංහ 31, කේශාන් විජේරත්න 2/28, ශිවකුමාර් ටිරෝන් 2/44, රුවන්ත ඒකනායක 2/51, තුසිත් ද සොයිසා 2/62

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවි 17  (5.0)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න