ගෙවුණු දවස අප්‍රේල් 06 – ඇතුගල්පුර සටනේ සාන්ත ආනාවරු පෙරමුණේ

566

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

රාජකීයයෝ නැවතත් ජෝසප්වරුන් පරාජය කරයි

2017 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය හා 2017 ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයින් වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (6) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර විශිෂ්ට කරට කර තරගයකින් පසු ලකුණු 18-13ක් ලෙස තරගය ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10-07 සාන්ත ජෝසප් විද්‍යාලය

අවසාන ලකුණු තත්වය : රාජකීය විද්‍යාලය 18 (2T,1C,2P) -13 (1T,1C,2P) සාන්ත ජෝසප් විද්‍යාලය  

  • ThePapare.com තරගයේ වීරයා – හිමන්ත හිරුශාන් (රාජකීය)

සම්පූර්ණ වාර්තාව: ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි


    ක්‍රිකට්    

ඇතුගල්පුර සංග්‍රාමයේ ප්‍රථම දිනයේ ආනාවරුන් වැඩි දස්කම් අතරට

ඇතුලගල්පුර අයිතිකාරයින් වන කුරුණෑගල සාන්ත ආනා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන ඇතුල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පළමු දිනයට (06) නතර කරන විට සාන්ත ආනා විද්‍යාලය තරගයේ සම්පූර්ණ අණසක තමන් සන්තක කර ගැනීමට සමත් විය.

වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමු දිනයේ දී කඩුලු 18ක් දැවී ගියේ දෙපිළේම කඩුලු 9 බැගින් බිඳ දමමිනි.

සම්පූර්ණ වාර්තාව: ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි ගෞරවය සාන්ත ආනාවරුන්ට


ධම්සෝ – දේවානන්ද එක්දින තරගයේ විසදුමක් නෑ

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 51 වැනි සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව  පැවැත්වෙන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ඊයේ (06) ජය පරාජයෙන් තොරව නිමා විය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයට ආරම්භයේ සිටම කාලගුණ තත්ත්වය විරසක වීම හේතුවෙන් දෙපිලේම නායකයන්ගේ එකඟතාවයෙන් තරගය නතර කරන විට ද පරිසරයේ පැවතියේ වැහි සහිත කාලගුණ තත්ත්වයකි.

සම්පූර්ණ වාර්තාව: සුනිල සංග්‍රාම සීමිත පන්දුවාර තරගය විසඳුමක් නෑ


 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය 2018 

බර එසවීමෙන් රිදි පදක්කමක්

Indika dissanayakeඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර එසවීමේ ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට ඉන්දික දිසානායක සමත් විය. මෙම පදක්කම් ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව දැනට දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 3ක් බවට පත්ව තිබේ.

කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160ක් ද වශයෙන් මුළු බර කිලෝග්‍රෑම් 297ක් ඔසවමින් අදාළ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

සම්පූර්ණ වාර්තාව: බර එසවීමෙන් ඉන්දික පදක්කමක් දිනයි

දිනයක නිමාව