තරග තහනමින් පසු කැමරන්ට නායකත්වයක්

195
Pic credit - daily telegraph

පන්දුව පළුදු කිරීමේ සිදුවීමකට තරග තහනමට ලක්ව සිටි ඕස්ට්‍රේලියාවේ කැමරන් බෑන්ක්‍රොෆ්ට්, තරග තහනමින් පසුව ඔහුට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන ඩර්හැම් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන බව වාර්තා වේ.

සුපිරි බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට IPL සඳහා අවස්ථාවක්

ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ ටෙස්ට් හා පන්දුවාර විස්සයි විස්ස නායක ශකීබ් අල් හසන්ගේ සෞඛ්‍ය තත්වය නැවතත් යහපත් අතට

පසුගිය වසරේ නිව්ලන්ඩ්ස් හි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ සිදුවීමක් සම්බන්ධව කැමරන් බෑන්ක්‍රොෆ්ට්ට චෝදනා එල්ල විය.

එම හේතුවෙන් ඔහුට මාස 9ක තරග තහනමක් හා එම සිද්ධියට සම්බන්ධ වූ එවකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් හා උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පනවන ලදි.

කෙසේ වෙතත් බෑන්ක්‍රොෆ්ට්ගේ තරග තහනම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර ස්ටීව් ස්මිත්ගේ සහ ඩේවිඩ් වෝනර්ගේ තරග තහනම එළඹෙන මාර්තු මස 29 වැනිදායින් අවසන් වීමට නියමිතයි. ස්ටීව් ස්මිත් හා ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.

කැමරන් බෑන්ක්‍රොෆ්ට් එළඹෙන ජූලි මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ඩර්හැම් කණ්ඩායම සමඟ එකතු වීමට ගිවිසුම් ගත වී තිබේ. ඩර්හැම් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පෝල් කොලන්වුඩ්ගේ ගිවිසුම් කාලය 2018 වසරෙන් අවසන් වීම කැමරන් හට නායකත්වය හිමි වීමට හේතුවයි.

ඩර්හැම් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් මහතා මාධ්‍ය වෙත මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ බෑන්ක්‍රොෆ්ට් අන්තර්ජාතික ක්‍රිකට් පිටිය තුල හා බිග් බෑෂ් ලීග් වැනි ලීග් තරගාවලි තුල දී ලබා ගත් අත්දැකීම් ඩර්හැම් කණ්ඩායමට මහඟු පිටිවහලක් වන බවය.

ලෝක කුසලානයට ප්‍රථම අයර්ලන්තය තුන්කොන් සටනකට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ

26 හැවිරිදි බෑන්ක්‍රොෆ්ට් තරග තහනමින් පසුව නැවතත් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා පසුගිය දා එක්වුනු අතර එහි දී බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 138ක් රැස් කිරීමට ඔහු සමත් විය.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2017 වසරේ අළු බඳුන තරගාවලියේ දී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළේ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට්ය. ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති බ්‍රෑන්ක්‍රොෆ්ට් මේ වන විට ලකුණු 402ක් රැස්කර ගෙන සිටින්නේ 39.92 ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කරමිනි.

බෑන්ක්‍රොෆ්ට් එළඹෙන අප්‍රේල් මස 11 වැනිදා ඩර්හැම් කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ සසෙක්ස් කණ්ඩායමට එරෙහිවයි.

අප්‍රේල් මස 5 වැනිදා තෙක් ඔහුට බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමට සිදුව තිබීම හේතුවෙන් බෑන්ක්‍රොෆ්ට්ට මෙලෙස අප්‍රේල් මස 11 වැනිදා ඩර්හැම් කණ්ඩායම සමඟ එකතු වීමට සිදුව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<