සුනිල සංග්‍රාම සීමිත පන්දුවාර තරගය විසඳුමක් නෑ

157

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 51 වැනි සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව  පැවැත්වෙන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (06) ජය පරාජයෙන් තොරව නිමා විය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයට ආරම්භයේ සිටම කාලගුණ තත්ත්වය විරසක වීම හේතුවෙන් දෙපිලේම නායකයන්ගේ එකඟතාවයෙන් තරගය නතර කරන විට ද පරිසරයේ පැවතියේ වැහි සහිත කාලගුණ තත්ත්වයකි.

වසර පහක නිහැඬියාවකට පසුව ශූරතාවය ධර්මාශෝකයට

අම්බලන්ගොඩ ධර්මාශෝක සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද දෙවිදුහල් අතර…

කාලගුණයේ පැවති අයහපත් තත්ත්වය තරගය ආරම්භයට ද බලපෑ අතර ඒ හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමට පිටියේ විනිසුරුවන් වූ කපිල කොට්ටහච්චි සහ බ්‍රයන් විමලසේන යන මහත්වරුන් තීරණය කළහ.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ රැස් කළේ ලකුණු 165ක් පමණි. ඒ තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබිය දී ය.  වරෙක කඩුලු 6කට ලකුණු 56ක්ව තිබූ ශ්‍රී දේවානන්ද ඉනිම ගොඩගනු ලැබුවේ දකුණත් පිතිකරු දසුන් දනංජය ය. අනෙකුත් පිතිකරුවන් ධර්මාශෝක පන්දු යවන්නන් හමුවේ අසරණ වෙද්දී දසුන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව නායක සචිඳු උද්දීපන ලකුණු 19ක් ලබා ගත්තේ ය.

රවීන් යසස් පමා වූ ඉනිම වර්ණවත් කරයි

මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 2 වැනි වරටත්…

ශ්‍රී දේවානන්ද ඉනිම තවත් වරෙක දී කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ව තිබිය දී අවසන් කඩුල්ලට එක් වූ දසුන් සහ හේෂාන් මිලක්ෂ ලකුණු 43ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක දිනුක ඩිල්ශාන් ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ධර්මාශෝක පිළිතුරු ඉනිම පන්දුවාර 7කට සීමා වූ අතර ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලෙසිනි. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පසුගිය වසරේ නායක උෂාන් ඉමන්ත දැවී ගිය අතර එම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය සසිඳු මධුශංකට හිමි වූයේ කඩුල්ල පිටුපස සිටිමින් උඩ පන්දුව රැක ගත් සොහාන් ද ලිවේරා ගේ ද සහාය ලබා ගනිමිනි.

තරගය නතර කරන විට කවිඳු නදීශාන් සහ සචින් සංගීත් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 165 (35.1) දසුන් දනංජය 72, සචිඳු උද්දීපන 19, දිනුක ඩිල්ශාන් 5/23

ධර්මාශෝක විද්‍යාලය; කඩුල්ලක් දැවී 27 (7.0)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<