කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රාජකීයයෝ නැවතත් ජෝසප්වරුන් පරාජය කරයි

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10-07 සාන්ත ජෝසප් විද්‍යාලය
අවසාන ලකුණු තත්වය : රාජකීය විද්‍යාලය 18 (2T,1C,2P) -13 (1T,1C,2P) සාන්ත ජෝසප් විද්‍යාලය
- ThePapare.com තරගයේ වීරයා – හිමන්ත හිරුශාන් (රාජකීය)
සම්පූර්ණ වාර්තාව: ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි
ඇතුගල්පුර සංග්‍රාමයේ ප්‍රථම දිනයේ ආනාවරුන් වැඩි දස්කම් අතරට

වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමු දිනයේ දී කඩුලු 18ක් දැවී ගියේ දෙපිළේම කඩුලු 9 බැගින් බිඳ දමමිනි.
සම්පූර්ණ වාර්තාව: ඇතුගල්පුර සටනේ පළමු දිනයේ වැඩි ගෞරවය සාන්ත ආනාවරුන්ට
ධම්සෝ – දේවානන්ද එක්දින තරගයේ විසදුමක් නෑ

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයට ආරම්භයේ සිටම කාලගුණ තත්ත්වය විරසක වීම හේතුවෙන් දෙපිලේම නායකයන්ගේ එකඟතාවයෙන් තරගය නතර කරන විට ද පරිසරයේ පැවතියේ වැහි සහිත කාලගුණ තත්ත්වයකි.
සම්පූර්ණ වාර්තාව: සුනිල සංග්‍රාම සීමිත පන්දුවාර තරගය විසඳුමක් නෑ
පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය 2018
බර එසවීමෙන් රිදි පදක්කමක්

කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160ක් ද වශයෙන් මුළු බර කිලෝග්‍රෑම් 297ක් ඔසවමින් අදාළ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.
සම්පූර්ණ වාර්තාව: බර එසවීමෙන් ඉන්දික පදක්කමක් දිනයි





















